Car එකක්

XDT

Member
Mar 4, 2015
9
7
3
Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව.
මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ.

එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද?
මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින් වාහනයක් ගන්න. එතකොට තව passive income එකකුත් තියනව නෙහ් වාහනෙ ගන්නකොට. ටිකක් stable නෙහ්.

ඒත් මට පට්ට ආසයි. අම්මයි තත්තයි දාගෙන මගෙම car එකක යන්න. ආස දේවල් ඒ කාලෙදි කරේ නැත්තම් පස්සෙ ගතියක් නැති වෙයිද කියලත් හිතෙනව.

මොක්ද කරන්න ඕනි.උබල කොහොමද වාහන ගත්තෙ?
මමත් 2020 ඔය idea එකේම ඉදල car එකක් ගන්නැතුව කඩකාමරයක් හැදුව පොඩි ලෝන් එකකුත් දාල අතේ තිබ්බ ටිකත් දාල.රටේ තියෙන තත්වෙත් එක්ක ඒක මන් හිතපු තරම් හොද investment එකක් උනේ නෑ.දැන් කාර් ගනනුත් වැඩි උනා කඩේ ලොකු profit එකකුත් නෑ loan එකට සල්ලි දාන්නෙත් මගෙ පඩියෙන්.(මම invest කරපු තැන අවුලක්ද දන්නෙ නෑ මේ දවස් වල අලුත් දේවල් කරන්න පටන් ගනිද්දි සෑහෙන හොද plan එකක් එක්ක ඉස්සරහට වෙන දේවල් ගැනත් හිතල අත ගහන්න.)මට නම් කෙල උන සීන් එකක් වෙලා තියෙන්නෙ.car එකක් ගත්තෙත් නෑ තාම.😞😞