car crashed in කොල්ලුපිටිය
කොල්ලුපිටිය, මුහුදු මාවතේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් කාන්තාවක මරුමුවට පත්වී රියෑදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඊයේ (25 දා) දහවල් 12.45 ට සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ හපුතලේ, ගමේතැන්න, බණ්ඩාරඑළිය පදිංචිව සිටි ඉෂිකා ප්රනාන්දු (26) නමැති කාන්තාවකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථ රියෑදුරුගේ තත්ත්වය බරපතළ බවත්, ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවත් කොළඹ ජාතික රෝහලේ ප්රකාශකයෙක් "දිවයින"ට පැවැසීය.
මෝටර් රථයේ රියෑදුරුට සිය රථය පාලනය කරගත නොහැකි වී යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Last edited: