කැස්ට්‍රාටෝ කියන්නේ එකතරා සංගීත සම්ප්‍රදායක්, ඔපෙරා ශෛලියේ. හැබැයි මේක ප්ටිපස්සෙ තියෙන කතාව නම් භයානකයි. මොකද මේ කැස්ට්‍රාටෝ ගායනා කරන අය, නැත්නම් කැස්ට්‍රාටි හදන්නේ පොඩි පිරිමි ළමයින්ගෙ වෘෂණ කුඩා කාලයෙදීම ඉවත් කරලයි 
මේ කැස්ට්‍රාටෝ ගායනා කිරීමට විශේෂ කටහඬක් අවශ්‍යයි. ඒ කටහඬ ගැහැණු හෝ පිරිමි වෙන්න බෑ. මේකට සුදුසුම කුඩා පිරිමි දරුවෙක්ගෙ කටහඬ.
නමුත් පිරිමි දරුවෙක් වැඩිවිය පත් වෙද්දි කටහඬ ගොරෝසු වෙනවා.
මෙන්න මේක නවත්තන්න තමයි වෘෂණ ඉවත් කිරීම, නැත්නම් castrationකරන්නේ. castrationපුරාණ කාලයේ දඬුවමක් විදියටත් ක්‍රියාත්මක වුනා යුරෝපයේ.
වෘෂණ ඉවත් කලාම කොල්ලා වැඩිවිය පත් වෙන්නෙ නෑ. කටහඬ වෙනස් නොවෙනවා වගේම ද්විතියික ලිංගික ලක්ෂණ පහල වෙන්නෙත් නැහැ.
නමුත් උස යෑම සිදි වෙනවා. ඒ වගේම තමයි ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාකාරීත්වය නැති නිසා අසාමාන්‍ය ලෙස උස යනවා. අත්පා අසාමාන්‍ය ලෙස දිගු වෙනවා. ඒවගේම සිහින් වෙනවා.
මේ අයගේ අස්ථි වල ශක්තිමත් බව අඩුයිලු. ඉක්මනින්ම ඔස්ටියොපොරෝසිස් වැළඳීමේ සම්භාවිතාවයකුත් තියෙනවා
මේ castrate කිරීම මුලින්ම කෙරුනේ කතෝලික පල්ලියෙ උවමනාවට. ගීතිකා කියන්න අවශ්‍ය කටහඬ හදන්නයි.
අද නම් castrate කරන්නෙ ගොන්නු, එළුවො, ඌරෝ තමයි. වස්සා වැඩිවිය පත් වෙන කාලෙ ආම්බාන් කරන්න ගොඩක් අමාරු නිසා කරත්තෙ බඳින වස්සෙක් නම් පොඩි කාලෙම castrate කරල දානවා. එතකොට ඌ පුස්සා. හැබැයි හරි තැම්පත් සතා. මේක ලංකාවෙ කරත්ත පාවිච්චි කරපු යුගයේදි කෙරුණා.
කටහඬේ කතන්දරේ මෙහෙමයි. අපේ උගුරෙ තියෙනවා ස්වර තන්ත්‍ර.
මේවා කම්පනය වෙද්දි තමයි ශබ්දය එහෙම නැත්නම් අපේ කටහඬ නිපදවෙන්නෙ. මේ නිපදවෙන ශබ්දය දත්, දිව හා තොල් මගින් හසුරුවල තමයි අපි කතා කරන්නේ.
මේ ස්වර තන්ත්‍ර පිහිටල තියෙන ස්ථානය තමයි මේ රූපයෙන් දැක්වෙන්නේ. එතන තමයි පිරිමියෙකුගේ උගුරු ඇටය තියෙන්නෙත්.
ලිංගිකව පරිණත වුන පිරිමියෙකුගේ මේ ස්වර තන්ත්‍ර වල සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 1.2ක් වගේ වෙනවා. ඒකට හේතුව තමයි උගුරු ඇටය ඉදිරියට නෙරා ඒම. ලිංගිකව පරිනත වුන ගැහැනියකගෙ මේ ස්වර තන්ත්‍ර වල සාමාන්‍ය දිග සෙන්ටිමීටර 0.8ක් පමණ වෙනවා. පොඩි දරුවෙකුගේ ස්වර තන්ත්‍ර වල සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 0.5ක් වගෙයි වෙන්නේ. කැස්ට්‍රාටි කෙනෙක්ගේ ස්වර තන්ත්‍ර සෙන්ටිමීටර 0.6ක් වගේ තමයි වෙන්නේ. එතකොට high pitched ශබ්දයක් උත්පාදනය කරන්න පුළුවන්.
කම්පනය වන තන්තුවක දිග වැඩි වෙන්න වෙන්න ඒකෙ කම්පන සංඛ්‍යාතය අඩු වෙනවා. ඒක නිසයි උගුරු ඇටය ඉදිරියට නෙරා ඒමෙන් පසු කටහඬ ගොරෝසු වෙන්නේ. ඉතින් කැස්ට්‍රාටිලගේ උගුරු ඇටය ඉදිරියට නෙරා ඒමක් නැති නිසා කටහඬ කුඩා දරුවෙකුගේ මට්ටමින්ම පවතිනවා.
ඒ වගේම කලින් කිව්වා වගේ අස්ථි අසාමාන්‍ය ලෙස දිගු වෙන නිසා ඉල ඇටත් දිගු වෙනවා. ඒකෙ ප්‍රතිඵලය තමා අසාමාන්‍ය ලෙස විශාල lung capacity එකක් ලැබීම. ඉතින් පෙණහළු වල වාතය විශාල ප්‍රමාණයක් රඳවගන්න පුළුවන්. මේ නිසා වැඩි වේලාවක් උච්ච ස්වරයෙන් ගායනා කිරීමේ හැකියාව ලැබෙනවා
මේ සම්ප්‍රදාය මුළින්ම ආරම්භ වෙලා තියෙන්නේ යුරෝපයේ කොන්ස්තන්තොනෝපලය ආශ්‍රිතවයි. පසුව තූර්කි ආක්‍රමණ ආදිය නිසා කොන්ස්තන්තිනෝපලය විනාශ වුනායින් පසුව මේක නැතිවෙලා ගියා. නමුත් 17 වෙනි සියවසේ ඉතාලියෙන් මේ සම්ප්‍රදාය ආපහු මතු වෙනවා. 19 වැනි සියවසේ අවසානය වන විට මානුෂීය හේතූන් මුල් කොටගෙන මේ සම්ප්‍රදාය නැතිවෙලා යනවා..
මේ ඉන්නේ Alessandro Moreschi (1858-1922). මෙයා තමයි castrate කිරීම මගින් කැස්ට්‍රාටි කෙනෙක් බවට පත් වුන අවසාන කැස්ට්‍රාටෝ ගායකයා. මොහුගේ ගීත යූටියුබ් හි තියෙනවා. බලන්න ඒ කටහඬේ විශේෂත්වය...
castrate කිරීම සඳහා පාවිච්චි කරපු ටූල් එකක් තමා මේ.
අපි පුවක් කපන ගිරයක් වගේ නේද. මේකෙ තල දෙක මෙච්චර ලොකුවට හදල තියෙන්නෙ ඇයි කියල දන්නවාද?
castrate කිරීමට පෙර මේ තල දෙක ගිනියම් වෙන්න රත් කරනවා. එතකොට වෘෂන කෝශ කැපුව හැටියේ ඒ තුවාලෙ සීල් වෙනවා. පොප්කෝන් විකුණන අය පොප්කෝන් බෑග් එක සීල් කරන විදිය දැකල තියෙනව නේද? අන්න ඒ වගේම
Alessandro Moreschi ගෙන් පස්සේ කැස්ට්‍රේට් කරල ලද කැස්ට්‍රාටි ලා නැහැ. නමුත් වෙනත් විවිධ හේතු නිසා ලිංගිකව පරිණත නොවූ සහ ලිංගිකව පරිණත වුණත් කටහඬ ළමා මට්ටමේම තියෙන පුද්ගලයින් ඉන්නවා. මේ ඒ වගේ අය ගායනා කල ගීත කිහිපයක්
මේවා අයිති වෙන්නේ කැස්ට්‍රටෝ නොව සොප්‍රානෝ කියන වර්ගයටයි, මන්ද කැස්ට්‍රේට් කිරීමක් සිදු කර නොමැති නිසා. සොප්‍රානෝ සාමාන්‍යෙන් ගායනා කරන්නේ කාන්තාවන් විසින් වුනත් ඉහත කියපු පිරිමි පුද්ගලයින් විසිනුත් ගායනා කරනවා.
මේ ගීත වල පුදුමාකාර විදියේ හිත සන්සුන් කිරීමේ ගුණයක් තියෙනවයි කියල මට හිතෙනවා. කලින් මම දාපු Alessandro Moreschiගෙ ave maria කියන ගීතයට සවන් දෙනවිට මගේ හිතේ තියෙන සියළු ප්‍රශ්න අමතක වෙලා පුදුමාකාර විදියට තැම්පත් වෙනවා. හරියට භාවනාවක් වගේ. ඒත් මේ කලා නිර්මාන කරන්න ඔවුන් කරපු කැපකිරීම මතක් වෙනකොට මහා dull feeling එකක් එනවා.
අන්තර්ජාලයෙන් හොයාගත්ත කරුණු වලින් මමම ලියලයි ත්‍රෙඩ් එක දැම්මේ. හොඳයි නම් රෙපක් දීල යමු.

Last edited: