CD එකක් Autorun වෙන විදිහට හදමු

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
CD එකක් Autorun වෙන විදිහට හදමු

මං කියලා දෙන්න හදන්නේ CD එකක් Autorun වෙන විදියට හදාගන්න විදියයි. මේක USB PenDrive එකකටත් මේ විදියටම කර ගන්න පුලුවන්.

මේ ක්‍රමයෙන් ඔබේ CD/Pen Drive එකට අයිකොන් එකක් සහා එහි තිබෙන .exe සොෆ්ට්වෙයාර් එකක් run වෙන විදියට හදාගන්න පුලුවන්.

සැ.යු - Autorun එක බ්ලොක් කරන වයිරස් ගාර්ඩ් එකක් ඔයා දාලා තියෙනවානම් ඉතින් Pen Drive එකට දාලා වැඩක් වෙන්නේ නෑ හොදේ..

ඔයා CD එකකට program.exe කියන ෆයිල් එක බර්න් කරන්න යනවා කියලා ඔයා හිතන්නකෝ.

ලස්සනට තියෙන්නෙ නම් අයිකොන් එකකුත් දාන්නම එපැයි. ඒකට ඕන කරන්නේ 3 රූපයේ තියෙනවා වගේ <icon name>.ico කියන ico ෆෝර්මැට් එකෙන් තියෙන අයිකොන් එකක්.
autorun ico.jpg
හිතන්නකො එහෙනම් ඔයා තෝරගත්තේ myicon.ico කියන අයිකොන් එක කියලා.

එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ..

Note Pad එක ඕපන් කර ගන්නකෝ. ඊට පස්සෙ මේ ටික (1 රූපය) කොටන්න.
autorun notepad.jpg

Note Pad එකේ Short Cut එකක් හොයගන්න බැරිනම් මෙහෙම කරන්න.
keyboard එකේ windows key+R ගහන්න. ඊට පස්සෙ එන Run වින්ඩෝවෙ notepad කියලා ගහලා OK කරන්න

[autorun]
open=program.exe {මේකෙන් වෙන්නේ program එක run වෙන එක}
icon=myicon.ico {මේකෙන් වෙන්නේ CD icon එක වෙනස් වෙන එක}

දැන් save as ගිහිල්ලා ඕක save කරගන්න autorun.inf කියලා (2 රූපය) නම දීලා.

autorun save.jpg

එතකොට save කරපු එක 4 රූපයේ අකාරයට දිස්වෙයි.

autorun save icon.jpg
ඔයා බර්න් කරන්න යනවා නම් හෝ පෙන් එකට දමන්න යනවා නම් මෙන්න මේ ෆයිල් 3 එහි අඩංගු වෙන්න ඕනේ.

program.exe
myicon.ico
autorun.inf

ෆෝල්ඩර් එකක අයිකොන් එක හා ප්‍රෝග්‍රෑම් එක තියෙනවා නම් open=foldername\program.exe , icon=foldername\myicon.ico යනුවෙන් ලබා දෙන්න ඕනේ. ෆෝල්ඩර් නැතුව නිකම්ම දාන එක නම් ශුවර් ඇන්ඩ් ශොට්..


පසුව එකතු කිරීමක්

open=explorer.exe foldername

හෝ

open=explorer.exe filename



මේ විදියට ඕනම File හෝ Folder එකක් Open වෙන විදියට හදන්නත් පුළුවන්.


ගත්තේ මෙතනින්