CEB එක ලංකාවෙ පලවෙනි ග්‍රිඩ් බැටරි බැකප් ටෙන්ඩරය කැදවයි

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    oekVUB0.jpeg

    ලංකා විදුලිබල මණ්ඩලය (CEB), විදුලිබල පද්ධතියට තවදුරටත් කඩින් කඩ ලැබෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එක් කර ගැනීම සඳහා, මෙගාවොට් 200ක/මෙගාවොට් පැය 200ක (200MW/200MWh) බැටරි බලශක්ති පද්ධති (BESS) සඳහා ලංසු කැඳවා ඇත.

    https://www.ceb.lk/tender-notice/en
    Tender Opening date :
    September 25 2025, Tender Closing date : November 06 2025

    මෙම BESS පහසුකම් සඳහා වන මුදල් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය මුදලකින් ගෙවනු ඇත.

    වැඩි පුනර්ජනනීය බලශක්තියක් පද්ධතියට එක් කර ගැනීම සඳහා, ADB විසින් මීට පෙරද ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා දී තිබුණි.

    මෙම බැටරි පද්ධති කොළොන්නාව ජාතික විදුලිබල උපපොළේ (Kolonnawa grid substation) ස්ථාපනය කිරීමට නියමිතය.

    CEB විසින් මෙගාවොට් 100ක/මෙගාවොට් පැය 100ක බැගින් වූ ටෙන්ඩර් දෙකක් කැඳවා ඇත.

    මහා පරිමාණ ජල විදුලි බලාගාර හැර අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කඩින් කඩ ලැබෙන බැවින්, වෝල්ටීයතා වෙනස්වීම් හේතුවෙන් විදුලිබල පද්ධතියේ ඇතිවන බිඳවැටීම් වැළැක්වීම සඳහා, සූර්ය හෝ සුළං බලාගාරවල දෘශ්‍යමාන පිරිවැයට අමතරව, පද්ධතිය සඳහා විශාල ආයෝජන සිදු කිරීමට සිදුවේ.

    ඉල්ලුම් හෝ සැපයුම්වල වෙනස්වීම් වලට බැටරි පද්ධති ඉතා වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇත.

    https://elakiri.com/threads/solar-w...්‍යන්තර-ටෙන්ඩර්-කැදවන්න-සූදානම්-වෙයි.2221565/

    CEB විසින් මෙගාවොට් 160ක/මෙගාවොට් පැය 640ක (160MW/640MWh) බැටරි බලශක්ති පද්ධති (BESS) සඳහා, වසර 15ක සහනයක් මත පෞද්ගලිකව ඉදිකර, අයිති, ක්‍රියාත්මක කිරීමේ (Private Build, Own, Operate - BOO) ව්‍යාපෘතියක් ලෙස වෙනම ලංසු කැඳවා ඇත. එමඟින්, සමස්ත බැටරි ධාරිතාව මෙගාවොට් 360 දක්වාත්/මෙගාවොට් පැය 840 දක්වාත් ඉහළ යනු ඇත.

    තවද, CEB විසින් පොම්පාගාර ගබඩා බලාගාරයක් (pump storage plant) ද සැලසුම් කරමින් සිටී. මෙමගින්, මහා පරිමාණ ජල විදුලි බලාගාර මෙන්ම, දශක ගණනාවක් පුරා දීර්ඝ කාලයක් විදුලිය ගබඩා කර තබා ගත හැකි අතර, එය සිදු කරනු ලබන්නේ ජලය ඉහළට පොම්ප කිරීමෙන්, අනුක්‍රමිකව සකස් කරන ලද වේලි දෙකක් අතර බලශක්තිය ගබඩා කිරීම මගිනි.

    https://economynext.com/sri-lanka-ceb-tenders-200mw-bess-with-adb-funds-for-renewables-242873/
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මෙම BESS පහසුකම් සඳහා වන මුදල් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය මුදලකින් ගෙවනු ඇත.
    ලංකාවේ පුරවැසියෝ ගෙවන අදායම් බදු & වක්‍ර බදු වලින් කොහෙවත් යන ආසියානු සංවර්ධන බැංකුවට ගෙවනවා කියල මාරු කරන්න .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ලංකාවේ පුරවැසියෝ ගෙවන අදායම් බදු & වක්‍ර බදු වලින් කොහෙවත් යන ආසියානු සංවර්ධන බැංකුවට ගෙවනවා කියල මාරු කරන්න .

    ඒ උනාට ADB හින්දා තමයි අපේ ළමයින්ට LGBTQ 🌈 ප්‍රොපගැන්ඩා උගන්වන්න හරිනිට අධාර ලැබෙන්නේ.

    ඒගැන කාරුණික වෙන්න 😄🙏
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    oekVUB0.jpeg

    ලංකා විදුලිබල මණ්ඩලය (CEB), විදුලිබල පද්ධතියට තවදුරටත් කඩින් කඩ ලැබෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එක් කර ගැනීම සඳහා, මෙගාවොට් 200ක/මෙගාවොට් පැය 200ක (200MW/200MWh) බැටරි බලශක්ති පද්ධති (BESS) සඳහා ලංසු කැඳවා ඇත.

    https://www.ceb.lk/tender-notice/en
    Tender Opening date :
    September 25 2025, Tender Closing date : November 06 2025

    මෙම BESS පහසුකම් සඳහා වන මුදල් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය මුදලකින් ගෙවනු ඇත.

    වැඩි පුනර්ජනනීය බලශක්තියක් පද්ධතියට එක් කර ගැනීම සඳහා, ADB විසින් මීට පෙරද ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා දී තිබුණි.

    මෙම බැටරි පද්ධති කොළොන්නාව ජාතික විදුලිබල උපපොළේ (Kolonnawa grid substation) ස්ථාපනය කිරීමට නියමිතය.

    CEB විසින් මෙගාවොට් 100ක/මෙගාවොට් පැය 100ක බැගින් වූ ටෙන්ඩර් දෙකක් කැඳවා ඇත.

    මහා පරිමාණ ජල විදුලි බලාගාර හැර අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කඩින් කඩ ලැබෙන බැවින්, වෝල්ටීයතා වෙනස්වීම් හේතුවෙන් විදුලිබල පද්ධතියේ ඇතිවන බිඳවැටීම් වැළැක්වීම සඳහා, සූර්ය හෝ සුළං බලාගාරවල දෘශ්‍යමාන පිරිවැයට අමතරව, පද්ධතිය සඳහා විශාල ආයෝජන සිදු කිරීමට සිදුවේ.

    ඉල්ලුම් හෝ සැපයුම්වල වෙනස්වීම් වලට බැටරි පද්ධති ඉතා වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇත.

    https://elakiri.com/threads/solar-wind-වලට-වාසියක්-640-mwh-බැට්‍රි-බැකප්-ගන්න-ජාත්‍යන්තර-ටෙන්ඩර්-කැදවන්න-සූදානම්-වෙයි.2221565/

    CEB විසින් මෙගාවොට් 160ක/මෙගාවොට් පැය 640ක (160MW/640MWh) බැටරි බලශක්ති පද්ධති (BESS) සඳහා, වසර 15ක සහනයක් මත පෞද්ගලිකව ඉදිකර, අයිති, ක්‍රියාත්මක කිරීමේ (Private Build, Own, Operate - BOO) ව්‍යාපෘතියක් ලෙස වෙනම ලංසු කැඳවා ඇත. එමඟින්, සමස්ත බැටරි ධාරිතාව මෙගාවොට් 360 දක්වාත්/මෙගාවොට් පැය 840 දක්වාත් ඉහළ යනු ඇත.

    තවද, CEB විසින් පොම්පාගාර ගබඩා බලාගාරයක් (pump storage plant) ද සැලසුම් කරමින් සිටී. මෙමගින්, මහා පරිමාණ ජල විදුලි බලාගාර මෙන්ම, දශක ගණනාවක් පුරා දීර්ඝ කාලයක් විදුලිය ගබඩා කර තබා ගත හැකි අතර, එය සිදු කරනු ලබන්නේ ජලය ඉහළට පොම්ප කිරීමෙන්, අනුක්‍රමිකව සකස් කරන ලද වේලි දෙකක් අතර බලශක්තිය ගබඩා කිරීම මගිනි.

    https://economynext.com/sri-lanka-ceb-tenders-200mw-bess-with-adb-funds-for-renewables-242873/

    meka neweida 1st eka? Ranilge kaale project ekath approve una ne Aussie company ekakata 🤭🤭

    Untitled.jpg

    SL to establish ‘largest’ battery-based solar energy storage system​

    Untitled.jpg

    Approve eka hamba wela wela godak kal den. Me project ekata mokada une ban? 🤔🤔
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,990
    113
    වෝල්ටීයතා වෙනස්වීම් හේතුවෙන් විදුලිබල පද්ධතියේ ඇතිවන බිඳවැටීම් වැළැක්වීම සඳහා, සූර්ය හෝ සුළං බලාගාරවල දෘශ්‍යමාන පිරිවැයට අමතරව, පද්ධතිය සඳහා විශාල ආයෝජන සිදු කිරීමට සිදුවේ

    ආ ඒකයි මේ නැත්තම් grid එක සුපිරියක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඒ උනාට ADB හින්දා තමයි අපේ ළමයින්ට LGBTQ 🌈 ප්‍රොපගැන්ඩා උගන්වන්න හරිනිට අධාර ලැබෙන්නේ.

    ඒගැන කාරුණික වෙන්න 😄🙏
    උගන්නන ඕනේ තමා , ai උගන්නන පුලුවන් නම් අලුත් ලිංගික ප්‍රවණතා උගන්නන ඕනේ .
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,994
    113
    kandy
    සොලර් ලිමිට් කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ .. මේ වගේ ඒවා අරගෙන ඇවිත් grid එකේ capacity එක වැඩි කරන එක . ඕවා 3-4 වත් ඕන වෙයි . එහෙම උනොත් අමුතුවෙන් power plant හදන්න ඕනෙත් නෑ ..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සොලර් ලිමිට් කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ .. මේ වගේ ඒවා අරගෙන ඇවිත් grid එකේ capacity එක වැඩි කරන එක . ඕවා 3-4 වත් ඕන වෙයි . එහෙම උනොත් අමුතුවෙන් power plant හදන්න ඕනෙත් නෑ ..
    meka first eka. thawa private invest karala hadanna base station 10 mewage storage 10 hadanna plan ekak thiyenawa.

    me thiyenne e thread eka
    https://elakiri.com/threads/solar-w...්‍යන්තර-ටෙන්ඩර්-කැදවන්න-සූදානම්-වෙයි.2221565/
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    සොලර් ලිමිට් කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ .. මේ වගේ ඒවා අරගෙන ඇවිත් grid එකේ capacity එක වැඩි කරන එක . ඕවා 3-4 වත් ඕන වෙයි . එහෙම උනොත් අමුතුවෙන් power plant හදන්න ඕනෙත් නෑ ..
    Owa damma kiyala rooftop solar wade goda yanne naha. Laga thiyena transformer eken ehata danata export wenne naha. Ekath hadanna wenawa.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,994
    113
    kandy
    Owa damma kiyala rooftop solar wade goda yanne naha. Laga thiyena transformer eken ehata danata export wenne naha. Ekath hadanna wenawa.
    ඒ කතාව සම්පූර්ණයෙන් ම වැරදියි ..කොහොමත් transformer එකේ capacity එක මදි නම් සොලර් ගහන්න දෙන්නේ නෑ නේ . එක known fact එකක් , දැනට තියන සොලර් system full capacity එකෙන් වැඩ කරමකොට, demand එක අඩු දවස් වලදී ලංකාවේ grid එක down වෙනවා .. මේක තමයි මාර්තු මාසේ උනේ .එතකොට CEB එක කිව්වා සොලර් off කරන්න කියලා . . එකට solution එකක් හැටියට තමයි මේ battery system එක ගේන්නේ ..අතිරික්ත විදුලිය ගබඩා කරලා රාත්‍රියට use කරන්න . මේකයි transformer එකයි පටලගන්න එපා .. එක update කරන්නත් ඕනේ .. එත් ඊට කලින් තව මේ වගේ battery system install කරලා grid එකේ capacity එක වැඩි කරලා තියෙන්න ඕනේ .. නැත්නම් ඒවත් full strength එකෙන් වැඩ කරන්න ගත්තම grid එක කලින් සැරේටත් වඩා ඉක්මනින් down වෙනවා ..
     
    • Like
    Reactions: msan