ටිකක් කල් ගියාට කමක් නෑ. ඉන්ටනෙට් බෑන්කින් තියනවනම් ඒකෙන්ම ගෙවන්න. හිතන්නකො ලයිට්බිල ගෙවනව කියල
ඉන්ටනෙට් බෑන්කින් වලින් ගෙව්වොත්-
කෙලින්ම බැංකු එකවුන්ට් එකෙන් ලංවිම ගිණුමට
වෙබ්සයිට් එකෙන් ගෙව්වොත්-
ලංවිම සයිට් එකේ ඉඳන්, පේමන්ට් එක ප්‍රොසෙස් කරන සයිට් එකට ගිහින් ඒකෙන් ආයෙත් කාඩ් කොම්පැනියට ගිහින් කාඩ් කොම්පැනියයෙන් කාඩ් එක ඇටෑච් කරපු එකවුන්ට් එක තියන බැංකුවට ගිහින් ආයෙ කාඩ් කොම්පැනිය, පේමන්ට් එක ප්‍රොසෙස් කරන සයිට් එක හරහා ලංවිම සයිට් එකට එනව. ඔතනින් කොතනක හරි හිර උනොත් බැංකුවෙන් සල්ලි කැපිල තියනව, බිල ගෙවිල නෑ, බැංකුව දන්නෙත් නෑ, ලංවිම දන්නෙත් නෑ වගේ දේවල් වෙනව.