ගන්න තැනක් නං හරියටම දන්නෙ නැහැ
සෙරමික් පේන්ට් කියල විකුනන්න තිබුනට ඔය වැඩේට හරියන ඒව ලංකාවෙ තියේද දන්නෑ, මොකද වාහන වල එහෙම පේන්ට් එකට උඩින් සෙරමික් කෝටින් එකක් ගහන ඒව ලංකාවෙ තියනවා (ඒව නං වාහන පේන්ට් බඩු ගන්න කඩවල ඇති) ඒව ඔය වැඩේට හදන එකක් නෙමෙයි, ගොඩක් තැන් වල ඒක හොයාගන්න ඇති
washbasin සෙරමික් ඒව පේන්ට් කරලා එනවා මම දැකලා නැහැ, නිකන්ම සෙරමික් ඒව නං සීරුනාම පොලිශර් එකෙන් හරි ග්‍රයින්ඩරේට දාන බෆ් කරන පෑඩ් එකකින් හරි බෆ් කරලා දැම්මම පොඩි සීරීම් නං පේන්නෙ නැති ගානට යවන්න පුලුවන්.
මට හිතෙන්නෙ මෙහෙම
ඕක එනමල් පේන්ට් එකක් නං තියෙන්නෙ සාමාන්‍ය එනමල් පේන්ට් එකට උඩින් මොනචා හරි ඩියුරබල් ටොප් කෝට් එකක් ගහලා තියනවා වෙන්න පුලුවන්.
ලංකාවෙ ඉපොක්සි වගේ දේවල් නං ගන්න තැන් තියනවා. කොරෝනා වලට කලින් වගේ මම කොටුවෙ ප්ලේස් එකක් නිකන් ගූගල් කරලා හොයාගෙන ගිහින් ගත්තා, උන් ලඟ ලොකු බාස්කට් ගන්න තියනවා එක එක පර්පස් වලට හදපුවා. ෆයිබර් ග්ලාස් වලට ඕන බඩු විකුනන තැන් වලත් ගොඩක් ඉපොක්සි වර්ග ගන්න තියනවා (ෆයිබර් ග්ලාස් වලට ගන්න ඉපොක්සි නං පරිස්සමට යූස් කරන්න වෙයි ඒව අර සාමාන්‍ය පාවිච්චියට ගන්න ඒව වගේ සේෆ් නැති වෙන්න පුලුවන්)
ෆයිබර් ග්ලාස් සීන් එකෙන් මතක් උනේ, ෆයිබර් ග්ලාස් කරන තැන් වල ඔය වොශ් බේසින් එක පේන්ට් කරන්න ඕන පේන්ට් ගන්න ඇති අනිවාර්යෙන්. මොකද ෆයිබර් වලිනුත් බාත් ටබ් එහෙම හදන නිසා.
නිකන් ගූගල් හරි ෆේස්බුක් එකේ වගේ සර්ච් කරා නං සෙල් කරන තැන් තියනවා.