Cervical Cancer (ගැබ්ගෙල පිළිකා)

doctorSW

Member
Aug 27, 2012
15
6
0
Cervical Cancer (ගැබ්ගෙල පිළිකා)

මේ දවස් වල ගැබ් ගෙල පිළිකාව ගැන ගොඩක් අය කතා කරන නිසා ඒ ගැන විස්තරයක් දාන්න හිතුන.
මේක එළකිරි එකටමයි අලුතින් ලියන්නේ.

ගැබ් ගෙල කියන්නෙ ගර්භාෂයෙ යොනි මාර්ගයට විව්‍රතව තියෙන කොටස. මෙහි පිළිකා ඇතිවීමට ලොකු අවදානමක් තියෙනව. වෙන පිළිකා වගේ නෙමෙයි ගැබ් ගෙල පිළිකාවක් කලින් හඳුනා ගත්තොත් 100% ක්ම සුව කරන්න පුළුවන්.

ගැබ් ගෙල පිලිකා හැදෙන්නේ කාටද? මේ පිලිකාවත් එක්ක ලිංගිකව බොවෙන් HPV කියන වෛරස් ආසාදනයේ ලොකු සම්බන්ධයක් තියෙනව. දැනට හොයා ගෙන තියෙන විදියට ගැබ් ගෙල පිළිකා වලින් 99.9% ක්ම හැදෙන්නෙ HPV වෛරස් ආසාදනය තියෙන අයට.

කොහොමද මේකෙන් බේරෙන්නෙ?
දැන් බටහිර රටවල මේ පිළිකාව ගොඩක් දුරට වලක්වා ගෙන තියෙන්නෙ. ඒකට ප්‍රධාන හේතුව ඒ රටවල තියෙන පැප් ස්මියර් කියන පරීක්ෂණය. ලංකාවෙත් ඕනම ගමක මේ පරීක්ෂණය කර ගන්න පහසුකම් තියෙනව. ඒත් අපේ අය නොදැනුවත් කම නිසා මේවට යන්න නෑ. වැඩි විස්තර ඕන නම් ගමේ පවුල් ‍ෙඍඛ්‍ය සේවිකාව ගෙන් අහන්න‍

HPV වෛරසය ආසදනය වෙන එකෙනුත් දැන් බේරෙන්න පුළුවන්. ඒකට එන්නතක් දැන් තියෙනව. මේක පාසැල් යන වයසෙ හැම ගැහැනු ළමයෙකුටම දෙන්න පුඵවන් එන්නතක්. හැබැයි දැනට මේක ලංකාවෙ පුද්ගලික අංශයෙ ව්තරයි තියෙන්නේ

රෝගය මුල් අවස්තාවෙ හඳුනා ගත්ෙතාත් ශල්‍යකර්මයක් මගින් සම්පූර්ණෙයන්ම සුවකරන්න පුලුවන්. පරක්කු උනොත් Radiotherapy මගින් බොහෝ දුරට සුව කරන්න පුලුවන්. පරීක්ෂණවලට සහභාගි වෙන්නෙ නැතුව රෝගය පතිරෙන කල් හිටියෙත් නම් සුව කරන්න බෑ. ගොඩක් අය අවුරුදු 4 - 5 කින මැරෙනව.

පැහැදිලි මදි නම් අහන්න
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගොඩක් වෙලාවට ඕක ගෑණුන්ට හැදෙන්නේ බඩු ගහන එවුන් නිසයි. HPV virus එකෙන් මේක හැදෙන්නේ.
 
doctorSW

Member
Aug 27, 2012
15
6
0
ගොඩක් වෙලාවට ඕක ගෑණුන්ට හැදෙන්නේ බඩු ගහන එවුන් නිසයි. HPV virus එකෙන් මේක හැදෙන්නේ.

ලංකාවෙ අවුරුද්දට 1500ක් විතර රෝගීන් වාරතා වෙනව.
වලක්ව ගන්න පුළුවන් කම තියෙද්දි තමයි මේ අය මැරෙන්නෙ
 
  • Like
Reactions: samanx and Mr.Tom

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ලංකාවෙ අවුරුද්දට 1500ක් විතර රෝගීන් වාරතා වෙනව.
වලක්ව ගන්න පුළුවන් කම තියෙද්දි තමයි මේ අය මැරෙන්නෙ

HPV vaccinate කරනවද ඉස්කොලේ යන කෙල්ලොන්ට? ඒක ගහ ගත්තා නම් ගොඩක් අවධානම අඩු කරගන්න තිබුනා. එතකොට මොකද හිතන්නේ මේක ගැන. මම දැක්කා research එකක තියෙනවා male circumcision එක මගින් HPV හානිය අවම කරගන්න පුලුවන් කියලා මොකද foreskin එකේ යට තියෙන තූනි සෛල හරහා HPV foreskin එකේ ඇතුලත රැදෙනවා ඊට පස්සේ sex කරන කොට මේක ඇතුලට ගිහින් cervix එක ආසාදනය කරනවා ඊට පස්සේ ගැබ් ගෙල පිළිකා එනවා නමුත් circumcised කරාට පස්සේ foreskin එකක් නැති නිසා මතුපිට සම keratinized වෙනවා එහෙම වුනාම මතුපිට සම normal skin එකක් වගේ තනිකරම dead cell layers එකක් තියෙන්නේ එතකොට HPV virus එකට රැදෙන්නේ බෑ එතකොට HPV virus එකේ අවධානම අඩු වෙනවා නමුත් මේ research එකේ flows තියෙනවා මොකද US වගේ රටවල circumcised rate එක වැඩි වුනත් ගැබ්ගෙල rate එකත් වැඩියි. ඉතින් මේ ගැන මොකද හිතන්නේ?
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගොඩක් වැදගත් ලිපියක්...බෙදාගත්තට ස්තූතියි...:D
 
ඉස්කෝලෙ යන ලමයින්ට තමයි HPV vaccine එක දෙන්නෙ.
මම ඒ් කියවල නෑ‍‍. ඒත් ඒක වෙන්න අමාරුයි. හැමෝටම circumcision කරන මුස්ලිම් රටවලත් ගැබ් ගෙල පිලිකා තියෙනව.