.:: Chaminda Vass ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ දඟ පන්දු යැවීම් උපදේශක ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් පල්ලේකැලේ කි‍්‍රඩාංගණයේ දී සිදුකළ අත්තනෝමතික කි‍්‍රයාවකට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විරෝධය පළ කර තිබෙනවා.

    ඒ ලබන 26 වැනිදා පැවත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා සූදානම් කර තිබූ ප‍්‍රධාන තණ තීරුව අසල බලහත්කාරයෙන් මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයින් පුහුණු කිරීම හේතුවෙන්.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු වන චරිත් සේනානායක සමග මේ සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් මත ගැටුමක්ද ඇති කරගෙන ඇති බවයි.

    පල්ලේකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දින 3කදී අවසන් කරන බවටයි මුරලිදරන් මෙහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම් කළමනාකරුට අභියෝග කර ඇත්තේ.

    මුරලිදරන් සිදු කළ මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ලිඛිතව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ කළමනාකරුටද දන්වා තිබෙනවා.

    මුරලිදරන්ට ඕස්ටේ‍්‍රලියාවෙන් විවිධ බලපැම් එල්ල වූ සමයේදි ශී‍්‍ර ලංකාව ඔහු වෙනුවෙන් පෙනී සිටියත්, වර්තමානයේ මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ජයග‍්‍රහණයට සහාය දැක්වීම සම්බන්ධයෙන් දැන් කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.

    මේක කොහොමද?
     

    Similar threads