Pinned Comment by Dinuwan Palihawadana
කාලෙකට පස්සේ කියා ගන්න බැරි, නොකියත් බැරි හැඟීමක් හිතට දැනුනා... ඒක හරියට පලවෙනි පාරට #The Note Book (2004) බලලා ඉවර උනාම ඇති වෙන හැඟීම වගේ...හරිම ලස්සන හරිම අපූරු ගීතයක්.... ලෝකයාට පේන්න අපි දාගෙන ඉන්න branded sunglasses ගලවලා,පොලොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු එක්ක යථාර්තවාදී කලාවක්, බිහි කරන්න මේ දරා ඇති අපූර්ව උත්සාහයට මේ ගීතයේ නිර්මපකයන්ට heartiest congratulations. ලංකාවේ අද අපි දකින නිර්මාන බහුතරයක් එක්කෝ teenage love stories නැත්නම් cheating husbands or wives. පොඩි කාලේ ඉඳලම බහුතර සමාජ ප්‍රවාහය විසින් අපිව තල්ලු කරලා තියෙන්නේ අසම්මත ප්‍රේමයේ රසය වර්නනා කරන්න. ලෝකයේ ලස්සනම ආදරනීයම ඇස් දෙක අදටත් තියෙන්නේ තමන්ගේ බිරිඳට බව විශ්වාස කරන, සුවහසක් ආදරනීය ස්වාමි පුරුශයන්ට මේ සුන්දර ගීතය ඇස ගැටේවා... Home Sweet Home, there is no place like home කියලා හිතන ආදරනීය සැමියන්ට මේ ගීය ඇසේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතෙනවා. ගීයේ පද මාලාව, සංගීතය, ගායනය වගේම රූප රචනයත් හරිම ලස්සන ගලපලා තියනවා. හරියට පුන්චි සිනමා පටයක් වගෙයි.
ජීවිතේ සැබෑ සතුට හැංගිලා තියෙන්නේ අපි ආදරය කරන අයගේ සිනහවන් වල කියලා හිතන්න මේ ලස්සන නිර්මානය අපිට ආරාධනා කරනවා. වැඩ ඇරී බස් එකේ තෙරපිලා ගෙදර එන ස්වාමි පුරුශයාගේ දහඩිය සුවඳටත් ආදරය කරන ආදරනීය බිරින්දෑවරු තමයි ලංකාවේ බහුතරයක් ඉන්නේ, නමුත් අවාසනාවට ඔවුන් ගැන කිසිවෙක් music videos හදන්නේ නැහැ. එක දිගට phone එක ring වෙද්දි චන්ද්රපානියගේ ඇසේ මතු වෙන අඳුරු වලාවන් මොන තරම් නම් දේ අපට කියා දෙනවද.... සමහර විට අර Jeorge Byron කියන පැරණි ඉන්ග්‍රීසි කවියා එක පාරක් ගැහනුන්ගේ ආදරය ගැන කියූ කතාව හරි වෙන්න ඇති කියලා හිතෙනවා:
“පිරිමින්ට ආදර යනු තම ජීවිතයේම කොටසකි, නමුත් ගැහැනුන්ට එය මුළු ජීවිතයම වන්නේය”
“Man's love is of man's life a thing apart, This woman's whole existence”
ආදරයෙන් සිටින අඹු සැමි යුවලක් අතර තියන බැඳීමට වඩා උත්තරීතර බැඳීම් මේ ලෝකයේ බොහොමත්ම අඩු බව අපට කියා දෙන සිද්ධාර්ථ - යශෝධරා, ඊශ්වර - උමයංගනා කතාව වගේ ශ්‍රේෂ්ඨ කතා අතරට මේ චන්ද්රපානියගේ කතාවත් එකතු කරන්න වටිනවා කියලා මට හිතෙනවා. තම සැමියා ගෙදර ආවිට චන්ද්රපානිය සිය සැමියා දිහා බලන බැල්ම ඇත්තටම ජීවත් වීමේ ආශාව වැඩි කරන බිරිඳකගේ බැල්මක්... ඊට වඩා සැනසීමක් මිනිහෙකුට කොයින්ද.... මානව පරිනාමයේ වසර දහස් ගනනක් තිස්සේ උනා වගේම, අදටත් ආදරය කතා කරන්නේ ඇස් වලින් බවත්, Instagram හෝ facebook post එකක දමන යාන්ත්‍රික I love you එකකින් නොවන බවත් අපේ අනාගත පරම්පරාවට තේරුම් ගැනීමට මෙම ගීතය හේතු වාසනා වේවා. මොන තරම් බාධක ආවත් නොසැලී "ගෙදර" නැමැති අපේ නවාතැන් පල, ලෝකයේ අපට තිබෙන ආදරනීයම තැන රැක ගෙන ඉන්න බිරිඳකගේ ආදරය ලබන අහිංසක සැමියෙකු ගැන කියවෙන මේ අපූරු නිර්මානය ඇත්තටම ලස්සනයි. මේ බිරිඳ දැක්කහම මට මතක් උනේ රත්නශ්‍රී විජේසිංහයන් ලියලා කපුගේ ගායනා කල මගෙ බිසව්නේ අසාපන් ගීතයේ බිරිඳ ගැන කියවෙන මෙන්න මේ ලස්සන පද හතර:
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ...
-පැරණි රසිකයෙකි