reply to Edition
Network එකක් හැදිලා තියෙන්නේ විවිධ Devices වලින්, මේ Devices Computers, Printers, Scanners වෙන්න පුලුවන්. මේ වගේ Network එකක් තව ඒ වගේම Network එකකට සම්බන්ධ වෙනවා. ඒ වගේ Network එකක් තව ඒ වගේ Network එකකට සම්බන්ධ වෙලා තමයි Internet එක හැදිලා තියෙන්නේ..
එක Network එකක් ඇතුලේ තියෙන Devices අදුන ගන්නේ IP Address එකක් මගින්. හැම Devices එකකට මේ වගේ IP Address එකක් තියෙනවා මේක Unique. මේ IP Address එකකට කියන්නේ Local IP Address එකක් කියලයි. හිතන්න දැන් ඔයා ළග තියෙනවා Computers 3 ක් මේක සම්බන්ධ වෙලා තියෙනවා Router එකකට. මේ Computer වලට Unique IP Address එකක් දීලා නම් තියෙන්නේ ඔයාට පුලුවන් එක Computer එකක ඉදලා අනෙක් Computer එකකට connect වෙන්න. අදාළ IP එකට call කරලා. තව IP address එකක් තියෙනවා Foreign IP Address කියාලා. දැන් හිතන්න ඔයා Call කරනවා IP Address එකකට ඔයාගේ Network එකෙන් පිට තියෙන මේ IP Address එක Network එකෙන් පිට තියෙනවා කියලා අදුන ගන්නේ Default Gateway එකෙන් මේක සාමාන්‍යයෙන් Router එකයි. ඊට පස්සේ අදාළ call එක යන්නේ ඊට උඩින් තියෙන network එකට මේ Network එක තමයි ISP ගේ Network එක. ඊට පස්සේ ISP ගේ Network එකට මේ call එක ගියාම ISP ගේ Default gateway එක බලනවා මේ Call එක අයිති මේ NEtwork එකටද කියලා එහෙම නැත්නම් ඒක යනවා ඊට උඩින් තියෙන Network එකට ඒකට කියන්නේ Tier 3 ISP Network එකක් කියලයි මේ විදියට තවත් උඩට උඩට ගිහින් අදාළ Network එකට් ආවම අදාළ Network එකේ අදාළ තැනට call එක යනවා. මේ විදියට යන call එකකට කියන්නේ Request එකක් කියලයි. මේ Request එකක තියෙනවා Packets. මේ Packets එකේ Header එකේ තියෙනවා
Source සහා Destination IP Address . මේ Source IP address එක තමයි ඔයාගේ Computer එකේ IP එක මේ wrap වෙවි ඇත්තටම යන්නේ Network අදුන ගන්න ලේසි වෙන්නත් එක්ක නමුත් මූලික 2 ගත්තම මේකයි සංකල්පය ඊට පස්සේ Destination IP address එකට ඔයාගේ Request එක ගියාම වෙන්නේ Destination එකෙන් source එක බලලා ඒකට response එක යවන එකයි. එතකොට දැන් ඔයා Anonymous නෑ මොකද ඔයාගේ IP එක Destination එකෙන් දන්න නිසා. ඉතින් එතකොට Real Hide IP එකෙන් කරන්නේ කෙලින්ම අදාළ destination එකට යන්නේ නැතුව මේ request එක වටෙන් යන එකයි වෙන server එකක් හරහා දැන් ඔයාගේ IP address එක කවුරුත් දන්නේ නෑ. ඒ වෙනුව destination එක දන්නේ අර server එකේ IP address එකයි ඉතින් මේකෙන් තමන් anonymous වෙනවා.