මංජු වන්නිආරච්චිට තහනම් උත්තේජක චෝදනා
රන් පදක්කම ඔලිම්පික් කමිටු භාරයට
ප්‍රින්ස් ගුණසේකර
නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං රන් පදක්කමක් දිනාගත් මංජු වන්නිආරච්චි තහනම් උත්තේජක භාවිත කර තරග වැදුණේ යැයි චෝදනාවක් එල්ල වී තිබේ.
මේ චෝදනාව පිළිබඳ පරීක්ෂණය නිමාවන තුරු මංජුට හිමිවූ රන් පදක්කම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව භාරයට ගෙන තිබේ.
රන් පදක්කම දිනාගත් අවස්ථාවේදී මංජු වන්නිආරච්චිගෙන් ලබාගත් මුත්‍රා සාම්පලයේ ‘නැන්ඩ‍්‍රලෝන්’ නම් තහනම් ඖෂධ සංඝටක අඩංගු බවට පොදු රාජ්‍ය මණ්ඩලීය තරග සංවිධායක කමිටුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට දන්වා ඇත.
ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ සිද්ධියට අදාල වාර්තා ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු යොදන බවයි.
චෝදනා ලත් මංජු වන්නිආරච්චි හා ඔහුගේ කළමනාකරු ඩයන් ගෝමස් මහතාට මේ චෝදනාව පිළිබඳ දැනුම් දුන් බවද ප්‍රනාන්දු මහතා advertisement.lkට පැවැසීය.