GPT-6 Astra කියන්නේ OpenAI සමාගම විසින් මේ මාසේ 3න් වෙනිදා නිල වශයෙන් release කරපු AI model එකක්. මේක එසේ මෙසේ model එකක් නෙවෙයි. Open AI මේක හඳුන්වන්නේ ලෝකයේ දැනට තියෙන "වඩාත්ම බුද්ධිමත් සහ පරිශීලක අවශ්‍යතා හොඳින්ම තේරුම් ගන්න පුළුවන් මාදිලියක් ලෙසයි. පැරණි මාදිලි වගේ ප්‍රශ්නවලට උත්තර දෙනවාට වඩා, Astra ක්‍රියා කරන්නේ Computer Operator කෙනෙක් computer එකක් පාවිච්චි කරන විදිහටයි . Softwares භාවිත කිරීම, computer screen නිරීක්ෂණය කිරීම (inspect screens) සහ සංකීර්ණ ඩිජිටල් වැඩ තනියම කරන්න පුළුවන් හැකියාව මේ Model එකට තියෙනවා. උදාහරණයක් විදිහට, 3d Modeling Software එකක් වන Blender මඟින් ගෙදරක 3D මොඩල් එකක් නිර්මාණය කරලා Unreal Engine 5 හරහා free roam කරන්න පුළුවන් open world පරිසරයක් හදන්න මේ AI Model එකට හැකියාව තියෙනවා.
Last edited: