Cheater Birthday Surprise __ Happy Birthday !!!

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ගහගෙන මරාගන්නවට වඩා මේ වගේ දෙයක් කරන එක කොච්චර හොදද ...!!

    Hiru Gossip said:

    Bianca ගේ උපන්දිනය යෙදි තිබුනේ පසුගිය 17 වනදාටයි. ඒ වෙනුවෙන් ඇගේ සැමියා ඇයට අපූරු උපන්දින තෑග්ගක් ලබා දී තිබුණා. එය ඔහු විසින් පටිගත කොට අන්තර්ජාලයටත් මුදාහැර තිබුණා.

    එම උපන්දිනයේදි ඔහු Bianca ව පුදුමකරවා තිබුනේ වෙනස්ම අයුරකින්. එයට හේතුව වී තිබුණේ බිරිඳ සැමියා හට වංචාවක් කර තිබීමයි. එය ඇගේ සැමියා හට දැන ගැනීමට ලැබී ඇතත් ඔහු ඉවසාගෙන ඉද ඇති අතර ඇයට උපන්දින තෑග්ග ලෙස ඔහු දී ඇත්තේ ඇයව නිවසින් පන්නා දැමීමයි.

    බිරිඳ භාවිතා කළ ඇඳුම් සියල්ලම මලු වලට දමා ඇයගේ ඇඳේ තබා ඔහු ඇයව නිවස තුලට රැගෙන එන්නේ දෑස්ද වසාගන්නා ලෙස කියමිනුයි. සැමියාගේ මෙම පුදුම කිරීම ගැන සතුටින් නිවස තුලට පැමිණි ඇය විමසා සිටින්නේ තමන්ගේ රෙදි මෙලෙස තබා ඇත්තේ ඇයිද යන වගයි.

    එයට පිළිතුරු දෙන සැමියා පවසන්නේ ඇය වෙනත් පිරිමියෙකු සමඟින් සිටින බව ඔහු දන්නා බවයි. එයින් වීඩියෝව අවසන් වන අතර මේ වන විටත් අදාල සිදුවීම අන්තර්ජාලය පුරා හුවමාරු වන ප්‍රසිද්ධ වීඩියෝවක් බවට පත්ව තිබෙනවා. එය පහතින් නරඹන්න....


    Source : Huru Gossip
    Link : http://gossip.hirufm.lk/5876/2015/07/cheater-birthday-surprise-happy.html