අපරාධකරුවන් පොලිසිය පමණක් නොව දේශපාලකයන් ද නොමැති ලොව එකම නගරය
================================
චෙරන් - මෙක්සිකෝව
Cheran - Mexico
=================================
================================
චෙරන් - මෙක්සිකෝව
Cheran - Mexico
=================================
'' වහලුන් හෝ වහල්භාවයට සැරෙසෙන්නන් අපේ නගරයේ නැත සියල්ල අපි ඡයග්‍රහණ වලින් කෙළවර කරන්නෙමු .''
එක් ගැහැණියක් කෑ ගෑවාය. අනතුරුව පන්දහසක් මිනිසුන් එය කියමින් අත් ඉහළට ඔසවා සිය ඡන්දය ප්‍රකාශ කලහ. මෙි මෙක්සිකෝවෙි චෙරන් නැමති ඡනතාව විසින් පාලනය කරන නගරයේ 2018 දී සිය නගරාධිපති පත්කරගත් අයුරුය.
එය ගැහැණුන් පිරිමින්ට නායකත්වය දුන් නගරයකි. එය ඉදල කොස්ස බිම දමා මන්නා පිහි අතට ගත් ගැහැණුන්ගේ නගරයකි. ඔවි ! ඒ චෙරන් නැමති අපරාධ නගරය මරියා වුරායස් , ඡොසපිනා එස්ට්‍රඩා සහ මෙලීසා එක්ව වෙනස් කලෝය. එය මෙක්සිකෝ ඉතිහාසය වෙනස් කිරීමකි'
විසිදහසක ඡනතාවක් ඡිවත්වෙන.චෙරන් නගරයේ 2010 ඡනවාරී සිට මැයි දක්වා කාලය තුළ පමණක් මරා දමා ඇති නුවරුන්ගේ ප්‍රමාණය 599 කි. දිනපතා මිනිසුන් මිය ගියේ පාතාල කල්ලිවල කමිපමි ගැනීමි හා මත්ද්‍රව්‍ය සටන් වලිනි. එය මත්දුව්‍ය කල්ලි හා පොලිසිය එක්ව පාලනය කල භීතිය රඡකල නගරයක් වුවද එයට එරෙහිව නැගී සිටිමට මිනිසුන්ට එතරමි අවශ්‍යතාවයක් නොවු අතර ඒවා දෛනික සිදුවීමි නැමති සාමන්‍ය ගිණුමට බැරවිය. තත්වය වෙනස් වූයේ මත්ද්‍රව්‍ය කල්ලි කැලෑ කපන්නට පටන් ගත් දා සිටිය. මෙි හේතුව නිසා 2011 වසරේ චෙරන් නගරයට ඡලය සපයන දිය උල්පත් සීග්‍රයෙන් සිදි වියලි යමින් පැවතිනි. කැලෑ පාලුවන්ට එය වගේ වගක් නොමැතිවිය. ගමෙි ගැහැනු එකතුවී කැලෑ තුලට වැදී දැව ඡවාරමිකරුවන් මුනගැසී මෙසේ පැවසූහ.
'' මෙි අහනවල ඔය විදිහට ගස් කැපුවොත් ඉතිරි උල්පත් ටිකත් හිදෙයි. ඊට පස්සෙ තමුසෙලගෙ ලමයිනුයි අපේ ළමයිනුයි බොන්නෙ මොනවද' ? ''
'' පල බැල්ලියො යන්න '' උන් උත්තර දුන්නේ එසේය.
ගැහැනු නැවත ගමට ආවෙි පුපුරා යන කෝපයෙනි. ප්‍රංශ විප්ලවයේදී පිරිමින්ට වඩා ප්රචන්ඩ අපරාධ කලේ ගැහැණු බව ප්‍රංශ ඉතිහාසය අපිට කියා දෙයි.චෙරන් නගරයේ ගැහැණුත් එසේ විය. ඔවුහු ගෙන්ගෙට ගියහ.රහසිගත සාකාචිඡා පැවත්විය. සංවිධානය විය. මෙි සියල්ලෝම ගැහැණුය.
2011 අප්‍රියෙල් මස 15 වැනි දින උදෑසන නගරයේ සියලු පල්ලිවල ඝංඨා එකම මොහොතක නදදිනි. අනතුරුව වීදිවල දිස්වූයේ කැති පොරෝ මන්නා අතින් ගත් ගැහැණු කණ්ඩායමිය. මරියා, ඡොසිපිනා සහ මෙලිනා අත ස්වයංක්‍රීය රයිෆල් විය. ඔවුහු නගරයට ඇතුලුවන දෙරටු වසා දැමුහ. ඒවා මුරකාවල් කිරීමට පුරුෂයන් වෙත පවරා ගැහැණුන් කැලෑ වැදුනහ. ගස් පටවා ගත් පළමු ට්‍රක් රථය තුවක්කු පෙන්නා නතරකර ගත් ගැහැණු රියදුරා සහ සහායකයා එලියට ඇද ගස්වල බැද දැමුහ. එසේ නවතා ගත් ට්‍රක් 7 ක් ඔවුහු මහාමාර්ගය මැදම ගිනි තැබූහ. ඡාවාරමි කරුවන් දෙදෙනෙකට වෙඩි තැබූහ ඉතිරි සියලු දැව ඡාවාරමි කරුවන් ප්‍රාණ ඇප කරුවන් ලෙස ළග තබා ගත්හ. මුර කපොලු හරහා නගරාධිපතිවරයා ආවෙි පොලිසියද කැටිවය. නීතිය අතට ගන්න එපා යැයි ඔහු කාන්තාවන්ට කියන විට ගැහැණු ඔහුටද පහර දුන්නෝය. මෙි මොහොතේම පොලිසිය නගරයෙන් පිටව නොගියහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට තර්ඡනය කලෝය. පොලිසියද නගරාධිපතිද නගරයෙන් පිටවිය. දැන් නගරය ඇත්තේ මෙි ප්රචන්ඩ ගැහැණුන්ගේ දෑත්වලය
නගරයේ සියලුම වැඩිහිටි මිනිසුන් තුවක්කු වලින් සන්නද්ධ කල ඔවුහු කිසිවෙකුට නගරයට ඇතුලු වීමට නොදී මුලු නගරයම බලකොටුවක් හා එකම හමුදාවක් බවට පරිවර්තනය කලහ. මෙක්සිකානු ආණ්ඩුව සාකචිඡා වටයක් පැවත්වුයේ එවිටය. ඔවුහු ඉල්ලුවෙි මධ්‍යම රඡයෙන් සරල ඉල්ලීමකි. කිසිදු දේශපාලකයෙක් අපේ නගරයට එපා, කිසිදු පොලිසියක් හමුදාවක් අපේ නගරයට එපා . අපරාධ සංවිධාන, කල්ලි ගැන අපි බලාගන්නමි.සාමාන්‍ය මිනිසුන්ගේ අපරාධ අපි ඔබ වෙතට එවන්නමි. එපමණකි.
දැන් නගරය පාලනය කරන්නේ එහි නගර සභාවය. මිනිසුන් එකතුව නගරාධිපති කෙනෙකු තෝරා ගනු ලබයි නගරාධි්පති මිනිසුන්ට වගකිව යුතුව ඇත.. කීර්තිමත් මිනිසුන් විසින් සාමාන්‍ය නඩු විසදන අතර බැරෑරැමි නඩු මෙක්සිකෝ නීතිපති වෙත යවනු ලබයි. දැව ඡාවාරමි කරුවන් විනාශකල නගරය වටා වු හෙක්ටයර් 3000 ක කැලයේ ඔවුහු මෙි වනවිට නැවත රුක් රෝපනය කර හමාරය. 2010 ඡනවාරි සිට මැයි දක්වා ඝාතණ 599 ක් සිදුකල නගරය 2011 සිට 2015 දක්වා එකදු ඝාතණයක්හෝ වාර්තා කර නැත. මෙක්සිකෝ මධ්‍යම රඡය මෙිවනවිට චෙරන්හි ස්වයං පාලනය පිලිගෙන තිබෙි
මින් අදහස් කරන්නේ මෙි වනවිට මෙක්සිකෝවෙි චෙරන් නගරය සුඛිත මුදිත වී ඇති බව නොවෙි. එහි දරිද්‍රතාවය තවමත් තිබෙි. පුංචි පුංචි රංඩු සරුවල් තිබෙි. එහෙත් ඊට පෙර පැවති තත්වයට වඩා එය දස දහස් ගුණයකින් හොදය. මිනිසුන්ට හොයාගත් දේ කාබී නිදහසේ දොයිය ගත හැක. කප්පන් කාරයෝ නැත. කුලියට මිනිමරන්නෝ නැත, මත්දුව්‍ය විකුණන්නෝ නැත. පගාව කන පොලිස් කාරයෝ නැත. ඡනතාව භේදබින්න කර තමාගේ බඩ වඩාගන්නා දේශපාලකයෝ නැත. මිිනිසුන් එකිනෙකා දැන් හොදින් හදුනති. ඔවුහු එකිනෙකාට ගරුකරති ඔවුහු බෙදා හදා ගැනීමට දැන් පුරුදුව සිටිති. යහපත් සමාඡයකට අවශ්‍ය මුලික කොන්දේසි චෙරන් නගරය ඉටුකරගනිමින් සිටි තවම එයාට වසර 8 යිනෙ! අපි බලා ඉමිමු ! අවුරුදු 8 ක් ලස්සනට කලා නමි ඉතිරි අවුරැදු මීට ලස්සනට තියෙයි.
FB උපුටනයකි.



