Chicken බුරියානි_කමු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    Chicken බුරියානි_කමු

    චිකන් බුරියානි (Chicken Buriyani)
    *********************************
    මුලින් චිකන් කැමති විදියට කපා සෝදා වතුර බෙරෙන්න තියන්න.පසු එකට බුරියානි මික්ෂර් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන දමා ගන්න.එකටම මුදවපු කිරි හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කර පැය භාගයක් තියන්න.

    පසු ලුනු/අල හිනියට කපා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න.කජු ටිකකුත් බැද ගන්න.
    කැමති ප්‍රමාණයක් හාල් අරගෙන හොදින් සොදා අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා එකට රස අනුව ලුණු හා බේලිප් කොල 2-3 දමා, බත් බේරි නොකර උයා ගන්න.

    දැන් ලොකු භාජනයක් ලිප තියා එකට ghee (දුන්තෙල් ) ටිකක් වැඩිපුර දාලා රත් වු පසු ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා රන්වන් පාටට බැද ගන්න.පසු එකට චිකන් ටික දමා හොදින් බැදෙන්නට හරින්න.

    පසු එකට රවුමට කපා ගත්ත ලුනු හා තක්කාලි දමා හොදින් බැදෙන්නට හරින්න.ටික වේලාවකින් එකට වතුර අවශ්‍ය ප්‍රමාණයට දාලා,මස් ටික උයා ගන්න.මේ මස් එකේ හොදි ගතිය ටිකක් තියෙන්න ඕනා.උයා ගත් බත් ටික ටික දමා හොදින් මිශ්‍ර කරන්න.එකටම බැද ගත් අල /ලුනු හා කජු දමා මිශ්‍ර කරන්න.එකටම පොඩියට කපා ගත් කොත්තමල්ලි කොල හා ප්ලම්ස් ටිකක් දමා හොදින් මිශ්‍ර කර ගන්න.මෙයට රෝස් වෝටර් ටිකක් සමග දිය කර ගත් සප්රාන් ටිකක් දමා ගන්න.


    11060019_1453781671614847_3821616550861233752_n.jpg


    11796262_1453781674948180_8539698004237845315_n.jpg


    11811398_1453781894948158_8647108335306494849_n.jpg


    11781752_1453782008281480_2570178082044327688_n.jpg


    11223901_1453782098281471_1703644724009617165_n.jpg



    source
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මචං දන්නැති නිසා අහන්නේ හරිම වචනේ බුරියානි ද බිරියානි ද? (බුරි )යානි කියන කොට ලැජ්ජයි ලැජ්ජයි වගේ
    rep +++
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    මචං දන්නැති නිසා අහන්නේ හරිම වචනේ බුරියානි ද බිරියානි ද? (බුරි )යානි කියන කොට ලැජ්ජයි ලැජ්ජයි වගේ
    rep +++

    (biriyani)බිරියානි තමා හරි වචනේ.ලංකාවේ කියන්නේ බුරියානි කියලනේ.:D