Chicken බුරියානි_කමු
චිකන් බුරියානි (Chicken Buriyani)
*********************************
මුලින් චිකන් කැමති විදියට කපා සෝදා වතුර බෙරෙන්න තියන්න.පසු එකට බුරියානි මික්ෂර් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන දමා ගන්න.එකටම මුදවපු කිරි හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කර පැය භාගයක් තියන්න.
පසු ලුනු/අල හිනියට කපා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න.කජු ටිකකුත් බැද ගන්න.
කැමති ප්‍රමාණයක් හාල් අරගෙන හොදින් සොදා අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා එකට රස අනුව ලුණු හා බේලිප් කොල 2-3 දමා, බත් බේරි නොකර උයා ගන්න.
දැන් ලොකු භාජනයක් ලිප තියා එකට ghee (දුන්තෙල් ) ටිකක් වැඩිපුර දාලා රත් වු පසු ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා රන්වන් පාටට බැද ගන්න.පසු එකට චිකන් ටික දමා හොදින් බැදෙන්නට හරින්න.
පසු එකට රවුමට කපා ගත්ත ලුනු හා තක්කාලි දමා හොදින් බැදෙන්නට හරින්න.ටික වේලාවකින් එකට වතුර අවශ්‍ය ප්‍රමාණයට දාලා,මස් ටික උයා ගන්න.මේ මස් එකේ හොදි ගතිය ටිකක් තියෙන්න ඕනා.උයා ගත් බත් ටික ටික දමා හොදින් මිශ්‍ර කරන්න.එකටම බැද ගත් අල /ලුනු හා කජු දමා මිශ්‍ර කරන්න.එකටම පොඩියට කපා ගත් කොත්තමල්ලි කොල හා ප්ලම්ස් ටිකක් දමා හොදින් මිශ්‍ර කර ගන්න.මෙයට රෝස් වෝටර් ටිකක් සමග දිය කර ගත් සප්රාන් ටිකක් දමා ගන්න.