කැට හැදෙන්න හදපු බත්, ලොකු එලවලු කෑලි විදිහට හදපු චොප්සි, පොඩි කෑලි විදිහට හදපු මාළු, වගේ ඒව පහසුයි.ලංකාවෙ කෑම ඕවයින් කන්න බෑනෙ බොහොමයක්.
බත් නම් ටිකක් කැට හිටින්න හදන්න ඕනෙ, ව්‍යංජන ලොකු කෑලි විදිහට.
මම චීනෙ ගිය වෙලාවෙ අල්ලගත්ත වැඩේ. දවසයි ගියේ. වේල් දෙකෙන්. දවස් 10ක් හිටිය. හැදී ගෑරුප්පු තිබුණු අවස්ථා වලදිත් චොප් ස්ටික්ස් වලින්ම කෑව. දවස් 5ක් යනකොට තෙල් දාල බැදපු රටකජු ඇටේ අල්ලගන්නත් පුළුවන්. ලෙල්ල පිටින් තම්බපු අල වල ලෙලි ගලවල, කෑලි කඩාගෙන කන්නත් පුළුවන්. වැඩිපුරම කෑවෙ ලී වලින් හදල හුඟක්ම සුමට වෙන්න මැදල තිබුණු ලොකු චොප් ස්ටික්ස් වලින්.
ඒකෙන් කන එකේ මාර ගතියක් තියෙනව. වේගෙන් කන්නත් පුළුවන්. හැදි ගෑරුප්පු වලින් කනකොට තරම්වත් අනන්න ඕනෙත් නෑනෙ.
හැබැයි එහෙම කන්න ඒකට ගැළපෙන විදිහට කෑම තියෙන්න ඕනෙ. ලංකාවෙ රතු අල මාලුවක්, හොදි වර්ග, ලොකු මාලු කෑලි දාපු මාළු හොදි, චූටි කෑලි කපපු එලවලු සලාද, පලා මැල්ලුම් වගේ ඒව නම් කන්න බෑ.කැට හැදෙන්න හදපු බත්, ලොකු එලවලු කෑලි විදිහට හදපු චොප්සි, පොඩි කෑලි විදිහට හදපු මාළු, වගේ ඒව පහසුයි.
ආතල්ම වැඩේ තමා නූඩ්ල්ස්. ඒ නූඩ්ල්ස් හරිම තෙතයි හා ලිස්සන සුළුයි. ඉතින් කූරු දෙකෙන් යන්තම් අල්ලන් සූප්පු කළාම ඔක්කොම කටේ.
බත් කනකොට නම් බත් බෙදාගන්නෙ පොඩි කෝප්පයක් වගේ එකකටනෙ. ඒක කටට ලන් කරල බත් කටට තල්ලු කරගන්න එක තමා කරන්නෙ.
අවසාන වශයෙන්, චොප් ස්ටික්ස් වලින් කන එක හරිම අමුතු වගේම මාරම ගති අත්දැකීමක්.


owalin monawada bn kanda puluwan japn karayo kannema owalinda bn![]()