![]()
Google Chrome වෙබ් බ්රවුසරය භාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ඩේටා ඉතුරු කරගන්නට Data Saver (Beta) නම්න් අළුතෙන් extension එකක් හදුන්වා දී තිබෙනවා.
මෙම extension එක භාවිතා කරන විට වෙබ් පිටුවල දත්ත පරිගණකය වෙත ලැබීමට පෙර ගූගල් සර්වර් වල වෙබ් පිටු සංකෝචනය කර ලබාදේ. මෙම extension එක incognito mode භාවිතා කරන විට හා SSL (HTTPS) encryption හාවිතා කරන වෙබ් අඩවි මතදී නම් ක්රියා කරන්නේ නැහැ.
මෙම extension එක Chrome Web Store එක තුලින් ස්ථාපනය කරගත් පසු address bar එකෙහි දකුණු පසින් Data Saver icon එක දිස්වන අතර එය මත ක්ලික් කිරීමෙන් දැනට ඉතුරුකර ඇති දත්ත ප්රමාණය බැලීමටත් Data Saver extension එක ක්රියාවිරහිත කිරීමත් කළ හැකිය.
සම්පූර්ණ විස්ථරය බැලීමටනම් chrome://net-internals/#bandwidth යන කොටස address bar එක මත යොදා Enter කිරීමයි.
mage site eke post ekak
dammatapatta bnmage site eke post ekak
dammata

