CIA_රහස්_ලිපිගොනු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
CIA_රහස්_ලිපිගොනු

ඔසාමා ඝාතන මෙහෙයුමේ රහස් ලිපිගොනු මහජනතාවට



47661499066b4e1a972e2d5558b7b092_18-735x400.jpg


ඇමරිකානු CIA සංවිධානය විසින් ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට දියත් කල මෙහෙයුමේ රහස් ලිපිගොනු 470,000කට අධික ප්‍රමාණයක් මහජනතාව වෙත නිකුත් කොට ඇත. 2011 වර්ෂයේදී පාකිස්තානයේ සැඟව සිටියදේ ඇමරිකානු සීල් බටයින් විසින් ඔසාමා බින් ලාඩන්ව අත්අඩංගුවට ගැනුනි. නමුත් දියත් කල මෙහෙයුම අතරතුරදී බින් ලාඩන් ජිවිතක්ෂයට පත්විණි.


CIA සංවිධානයේ අධ්‍යක්ෂක මයික් පොම්පියෝ ( Mike Pompeo ) ප්‍රකාශ කලේ ” අප දියත් කල මෙහෙයුමේ විනිවිද භාවය ජනතාවට දැනගැනීම වෙනුවෙන් ලිපිගොණු විශාල ප්‍රමාණයක් ජනතාවට නිදහස් කිරීමට කොන්ග්‍රස් අනුමැතිය හිමිවූ බවය. මේ වන විට අල්කයිඩා සංවිධානයේ රහස් ලිපි , වීඩියෝ , චායාරූප සහ හඬපට ඇමරිකානු ජනතාව වෙත නිදහස් කොට ඇත. මෙම ලිපිගොනු පරිශීලනයෙන් අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ පෙර නායකයා සහ එම සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන පැහැදිලි අවබෝධයක් ජනතාවට ලබා ගත හැකි බව මයික් පොම්පියෝ තවදුරටත් ප්‍රකාශ කොට සිටියේය.


අල්කයිඩා සංවිධානයේ ලිපිගොනු අතරින් 18,000 වැඩි ප්‍රමාණයක් අරාබි බසින් ලියවී ඇති අතර ඔසාමා බින් ලාඩන් ගේ පෞද්ගලික දින පොතක්ද ඒ අතර වෙයි. බින් ලාඩන්ට අයත් 79,000 කට අසන්න ප්‍රමාණයක චායාරුප සහ හඬපට හමු වී ඇත. බොහොමයක් හඬපට බින් ලාඩන් විසින් ඉස්ලාම් ජනතාව ඇමතු ඒවා වේ. එයට අමතරව සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු හුවමාරු කරගත් හඬපට ද ඇතුලත් වේ. 10,000 කට වඩා වීඩියෝ පට සංක්‍යාවක් ඔසාමාගේ පුත්‍රයාට අයත් වන අතර ඒ ඔසාමා නිවසේ ජීවත්ව සිටියදී ලබා ගත් ඒවාය. මෙම වීඩියෝ අතරින් අල්කයිඩා සංවිධානයේ ප්‍රචාරණ වීඩියෝ පටයන්ද අන්තර්ගතව ඇත.


සමහර ලිපි ගොනු අතර ඔසාමා විසින් තම පුත්‍රයා වන හම්සාට ලියු ලිපිද වෙයි. එම ලිපි මගින් හම්සාට ඇෆ්ගනිස්ථානයෙන් පිටව යන ආකාරය සහ පකිස්තානයේදී ව්‍යාජ හඳුනාගැනීමේ බලපත්‍ර ( Fake ID ) හා ලියකියවිලි භාවිතා කරන්නේ කෙසේදැයි උපදෙස් ලබා දී ඇත. අල්කයිඩා සංවිධානය විසින් වෙනත් ඉස්ලාම් රටවල ත්‍රස්ත නායකයින් සමග ගනු දෙනු පැවැත්වූ ලිපි ලේඛන ද සී අයි ඒ සංවිධානය විසින් ජනතාවට නිකුත්කොට ඇත.

Source www.lokapuwath.com
 
Last edited:

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඕවා ඇත්ත ඒවාද නැද්ද කියලා අපි දන්නේ නෑ නේ ඉතිං :baffled:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕවා ඇත්ත ඒවාද නැද්ද කියලා අපි දන්නේ නෑ නේ ඉතිං :baffled:

    සාමාන්‍යයෙන් ඇමරිකාවේ රහස්‍ය ලිපිගොනු පරීක්ෂණ අවසන් උනාම මහජනයාට නිදහස් කරනවා. බොරු ඒවා දාන්න අවශ්‍ය නැහැ මොකද කොතනින් හරි ඒවා මට්ටු උනොත් නොන්ඩි වෙනවා. කොහොමත් ඇමරිකාවේ රජ්‍යමට්ටමෙන් ව්‍යාජ දේවල් කරන්නේ නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,044
    1
    43,457
    113
    ඕක තාම ඇමරිකාවෙ ඉන්නව කියල කියනව නේ.. :lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මිනිහ මලාට පස්සේ මොන ලිපි ගොනුද? පකිස්තාන් උන්ට නම් සැහෙන්න රිදෙයි ඔකෙන්.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83

    සාමාන්‍යයෙන් ඇමරිකාවේ රහස්‍ය ලිපිගොනු පරීක්ෂණ අවසන් උනාම මහජනයාට නිදහස් කරනවා. බොරු ඒවා දාන්න අවශ්‍ය නැහැ මොකද කොතනින් හරි ඒවා මට්ටු උනොත් නොන්ඩි වෙනවා. කොහොමත් ඇමරිකාවේ රජ්‍යමට්ටමෙන් ව්‍යාජ දේවල් කරන්නේ නැහැ.



    උඹට ඇමරිකාවට ආව දවසකට තේරෙයි
    :rofl::rofl::rofl:


    හැබැයි ඉතිං ඕක තේරුම් ගන්න ඇමරිකාවට එන්නම ඕනෙත් නෑ