Clarence, Rookantha, Daddy වගේ සින්දු අහන්න කැමති කට්ටියට

Jan 18, 2017
252
69
0
Clarence, Rookantha, Daddy වගේ සින්දු අහන්න කැමති කට්ටියට

මචන් ලා, මම අද මගේ අලුත් සිදුව release කරා. සින්දුවේ නම "යන මග"

ඔගොල්ලොන්ට වෙලාවක් තියෙනකොට, chill එකේ, drink එකක් එහෙම වක් කරගෙන අහන්න. අහල හිතෙන දේ මට මෙතන කියන්න. Vibe එකට කැමති නම් මේ වගේ සින්දු අහන යාලුවොන් එක්ක share කරල මට උදව්වක් දෙන්න.



මම දැනට මගේ සින්දු දෙකක් මෙහෙ post කරල තියෙනවා. ඔගොල්ලොන්ගෙන් ලබුන feedback එකයි support එකයි මට ගොඩක් වටිනවා.

ආදරෙයි

ලසිත්
 
Jan 18, 2017
252
69
0
Lyrics:

අර පේන මේ මහ නගරේ,
සැනසීම කෝ බුබුළු අතරේ?
යානා සතුන් හඬට නැලවී,
නිදියන්න දෝ ඔය හදන්නේ?

මේ පැල දුරයි නම්, මොහොතක් නවතින්නකෝ
‍යන මග රළුයි නම්, වදනක් පවසන්නකෝ
මහ රැය කළුයි නම්, මගෙ සෙවණේ ඉන්නකෝ
තනියක් දැනෙයි නම්, පා අඩි පුරවන්නකෝ

සිරවී වෙළී පනම් තරඟේ
හිනැහෙනවදෝ දුවන අතරේ?
ගොඩනැගිලි කඳු සෙවණේ සැතපී
සැනසෙන්නදෝ ඔය හදන්නේ?

මේ පැල දුරයි නම්, මොහොතක් නවතින්නකෝ
‍යන මග රළුයි නම්, වදනක් පවසන්නකෝ
මහ රැය කළුයි නම්, මගෙ සෙවණේ ඉන්නකෝ
තනියක් දැනෙයි නම්, පා අඩි පුරවන්නකෝ
 
  • Like
Reactions: CloudX64