CNC මැෂිමක් හදන්න උදව්වක් දෙන්න කෙනෙක් ඉන්නවාද? :oo:

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මගේ වයිෆ් කේක් හදන පොඩි බිස්නස් එකක් කරනවා. ලගදි පටන්ගත්තේ. කේක් වල cake topper එක රු.150 ත් රු.300 අතර වෙනවා. ඊටත් වඩා ප්‍රශ්නේ ඒක ගන්න යන්න තියෙන දුර.
    ඉතින් මම පොඩ්ඩක් කල්පනා කලා 1mm වගේ MDF බෝඩ් කපන්න පුලුවන් මැශින් එකක් හදන්න.දිග 25cm පලල 25cm වගේ උපරිම ප්‍රමානයක් කපන්න පුලුවන් උනනම් ඇති.කැම්පස් එකේදි Arduino පොඩි පොඩි දේවල් කරලා තියේනවා(බල්බ් පත්තු කරන ඒවා වගේ දේවල් :p). මම බැලුවේ කෑලි Ali Express එකෙන් දාලා වැඩේ කරන්න. මේක ගැන හෙල්ප් එකක් ගන්න කෙනෙක් ඉන්නවද මචන්?:oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Youtube eke balanna machan. oyata 6040 wage size eke ekak setwei. (6040 CNC) lesima de ali eken hoyala kit ekak daganna. hadanna baduth godak ewa mehen ganna puluwan.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඔය පොඩි ඒවයෙන් උඹට ඕන තරම් කොලිටියට කපන්න බැහැ මචන්, පොඩි අකුරු පොඩි පොඩි කෑලි තියන නිසා ඇකියුරසි එක වැඩි එකක් ඕන වෙන්නෙ
    මම කියන්නෙ කරන්න බැහැ කියන එක නෙමෙයි ඔය ප්‍රොෆෙශනල් ලෙවල් වැඩකට ගන්න දෙයක් home made cnc එකකින් කරාම එන කොලිටිය මදි
    පොඩ්ඩක් බලපන්කෝ යූටියුබ් එකේ තියනවා ඔහොම පොඩියට හදපුවයෙ වීඩියෝ ඒවයෙ ලොකු ප්‍රිසිශන් එකක් නැහැ

    ඔය උඹල ගන්න තැන ලේසර් කට් නේද කරනවා ඇත්තෙ, ඒව පට්ටම ප්‍රිසයිස් විදියට කපන්න පුලුවන්. උඹට කොලිටියටම වැඩේ ඕන නම් රිවීවු හොඳ කිට් එකක් අරන් ඇසෙම්බල් කර ගනින්, හොඳ කිට් එකක් ගෙන්න ගන්න ගානත් එක්ක ලක්ශ 2-3ක් අඩුම යාවි, අලි එකේ තියන ඩොලර් 200ට තියන කිට් වලින් උඹට ඕන කොලිටිය වත් ස්පීඩ් එකවත් ගන්න අමාරුයි , පොඩි ගානකින් ගොඩ දාන්න අමාරුයි

    මටත් ඔය අකුරු කපන ආසාව තිබ්බා, මම දැන් කරන්නෙ ස්ටෙන්සිල් එකක් හදලා නෝමල් router එකෙන් කපනවා, ඒ විදියට ඔය වගේ සියුම් දේවල් කරන්න අමාරුයි.