Colombo Port City Statistics

komarks

Member
Dec 28, 2014
61
11
0
menna sinhalen ekak:

https://medium.com/@lka2020/port-city-ව්-යාපෘතිය-ගැන-d363a1135de3

ප්‍රශ්න

ශ්‍රී ලංකා රජයේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව යුධ නැව්, සබ්මැරීන හා වෙනත් යුධෝපකරණ රැඳවීමට චීනයට ඇති බාධාව කුමක්ද?

ශ්‍රී ලාංකික වීසා රහිතව චීන ජාතිකයන් හට මෙම ප්‍රදේශයට ඇතුළු විය හැකිද?

ශ්‍රී ලාංකිකයින් හට මෙම ප්‍රදේශයට ඇතුළු වීමට චීන වීසා අවශ්‍ය වේවිද?

කළු ගල් කියුබ් කෝටි 1.6 කැනීමෙන් දිවයිනේ කළු ගල් නිධි කොතෙක් දුරට හීන වේද?

වැලි ඝන මීටර කෝටි 2.6ක් කැනීමෙන් අදාළ ස්ථාන වල ජල ඛාදනයක් සිදුවේවිද?

ඉහත වැලි හා කළුගල් සඳහා දේශීය සැපයුම් කරුවන් හට චීනය ගෙවීමක් කරයිද, එසේත් නැතහොත් රජයේ ඉඩම් වලින් නොමිලයේ කැනීම් කිරීමට චීනයට අවසර ලැබේද?

කළු ගල් කියුබ් කෝටි 1.6ක් සුළු කාලයක් තුල වෙළඳ පොලින් ඉවත් වීම නිසා සිදුවන දේශීය නිවෙස් මිල ඉහල යාම කිසිවෙක් සලකා බැලුවේද?

ඉදිකිරීම් කටයුතු තුල ඇතිවන රැකියා වලින් කුමන ප්‍රතිශතයක් චීන ජාතිකයින් හට හිමිවේද?

ඉදිකිරීම් කටයුතු අවසන් වූ විට එම ප්‍රදේශය තුල ඇති ව්‍යාපාරික ස්ථාන වලින් කුමන ප්‍රතිශතයක් චීන ජාතිකයින් විසින් පාලනය කරනු ඇත්ද?

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හට එම ගොඩනැගිලි තුල ව්‍යාපාර කිරීමට කොතෙක් බදු ගෙවීමට සිදුවේද?

චීන ව්‍යාපාර තුලින් විදේශ විණිමය රටින් පිට යාමක් සිදුවිය හැකිද?

අදාළ ප්‍රදේශය තුල අඩු වියදම් චීන භාණ්ඩ හා සේවා නිසා කොළඹ තදාසන්න ප්‍රදේශ වල දේශීය ව්‍යාපාරිකයන්ගේ ආදායම් පහල යාම ගැන යමෙක් සලකා බැලුවේද?

ඊ ළඟ අවුරුදු 100 තුල අදාළ ප්‍රදේශයේ ව්‍යාපාර කිරීම සඳහා චීන ජාතිකයන් කී දෙනෙකු ශ්‍රී ලංකාවේ ස්ථාවර පදිංචි කරුවන් වේවිද?

ඔවුන්ගේ දෙවන පරම්පරාවේ දරුවන් හට, විශේෂයෙන්ම චීන-ලාංකික මිශ්‍ර පවුල්වල දරුවන් හට හිමිවන ශ්‍රී ලාංකික ප්‍රජා අයිතීන් මොනවාද?

චීන පදිංචිකරුවන්ගේ නීතිමය තත්වය කුමක්ද? ඔවුන් රට තුල නීති උල්ලංඝනයක් සිදුකළහොත් ශ්‍රී ලංකා පොලිසියට ඒ ගැන ක්‍රියා කිරීමට අවසර ඇත්ද?

චීන බිම තුල අපරාධයකට ලක්වන ශ්‍රී ලාංකිකයකුගේ නීතිමය තත්වය කුමක්ද?