Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මෙරට දෙවන විශාලතම නිකුතුවට තිබූ ඉල්ලුම මෙන්න

    පසුගියදා නිකුත් කෙරුණු පීපල්ස් ලීසිං සමාගමේ රුපියල් බිලියන 7.0 ක් වන කොටස් නිකුතුව සඳහා රුපියල් බිලියන 9.5 ක් වටිනා කොටස් අයදුම්පත් ලැබී තිබුණු බව හෙළිවේ.

    මේ බව පීපල්ස් ලීසිං සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර සමාගම මෙම නිකුතුවේදී එකක් රුපියල් 18 ක් වන කොටස් මිලියන 390 ක් නිකුත් කළේය.

    මෙම සමාගම මහජන බැංකුවට පූර්ණ අනුබද්ධ සමාගමක් වන අතර ලංකාවේ විශාලතම කල්බදු සමාගමයි.

    සමාගම විසින් නිකුත් කළ කොටස් ප්‍රමාණය සමස්ත කොටස් වලින් සියයට 25 කි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3499&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හේලීස් ව්‍යාපාර ප්‍රතිඵල හෙළිවේ

    හේලීස් සමූහ ව්‍යාපාරයේ නවතම ගිණුම් වාර්තා එළිදක්වා තිබෙන අතර සමාගම පවසා තිබෙන්නේ පසුගිය කාලයේදී කොටස් විකිණීම මගින් සමාගමේ ලාභදායීත්වය වැඩිවීමට හේතුවූ බවයි.

    මේ අනුව, 2011 සැප්තැම්බර් කාර්තුවේදී හේලීස් සමාගම් සමූහයේ ලාභය සියයට 414 කින් වැඩිවී රුපියල් බිලියන 1.78 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය රුපියල් 23.73 ක් දක්වා වැඩිවී තිබේ.

    ගිය වසරේ අදාළ කාර්තුවේදී කොටසකට අදාළ ලාභය රුපියල් 4.61 කි.

    කොළඹ කොටස් වෙළඳ පොළට සමාගම විසින් ලබාදී තිබෙන ගිණුම් වාර්තා වලට අනුව මේ කාලයේදී සමාගමේ අනිකුත් ආදායම් විශාල ලෙස වැඩිවී එම ප්‍රමාණය රුපියල් බිලියන 2.4 ක්වී තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී මෙම කාණ්ඩයෙන් ලබා තිබුණේ රුපියල් මිලියන 22 ක ආදායමක් පමණි.

    මේ කාලයේදී සමාගම් සමූහය සාමාන්‍ය කොටස් 6,874,584 ක් විකුණා දැමූ අතර එයින් රුපියල් බිලියන 2.19 ක ආදායමක් ලබාගත් අතර ඒවා අනිකුත් ආදායම් කාණ්ඩය යටතේ දක්වා ඇත.

    මෙම කාර්තුවේදීම සමාගම් සමූහය අමායා ලෙෂර් සමාගමේ සියයට 51 ක කොටස් මිලදී ගැනීමට කටයුතු කළේය.


    http://vimasuma.com/index.php?optio...icle&id=3486&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අභියෝග මැදින් The Finance ගොඩ එයි

    ගෝල්ඩන් කී අර්බුදයත් සමග අර්බුදයකට පත්වෙද්දී නව කළමනාකාරීත්වයක් යටතට පත්කළ ද ෆිනෑන්ස් සමාගම 2011 සැප්තැම්බර් කාර්තුවේදී මූල්‍යමය වශයෙන් ශක්තිමත් වී අලාභ නැතිකර ගැනීමට සමත්වේ.

    මේ අනුව, සමාගම මෙම සැප්තැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 6.9 ක ලාභයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 737 ක දැවැන්ත පාඩුවකි.

    සමාගමේ කොටසකට අදාළ ලාභය මේ සැප්තැම්බර් කාර්තුවේදී ශත 04 ක්වී තිබෙන අතර සැප්තැම්බර් දක්වා මාස හයක කාලය තුළදී කොටසකට අදාළ ලාභය ශත 21 ක්වී ඇත.

    මීට අමතරව, සැප්තැම්බර් දක්වා මාස හයක කාලයකදී සමාගමේ ලාභය රුපියල් මිලියන 33 ක්වී තිබේ.

    සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ පොලී ආදායම සියයට 1.1 කින් වැඩිවී රුපියල් මිලියන 532 ක් වෙද්දී පොලී වියදම් සියයට 20.4 කින් පහළ ගොස් රුපියල් මිලියන 602 ක්වී ඇත.

    මේ අනුව, ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 231 ක්වූ ශුද්ධ පොලී වියදම මේ කාර්තුවේදී රුපියල් මිලියන 70 ක් දක්වා අඩුවී තිබෙන බව සමාගම සඳහන් කරයි.

    එසේම, සමාගමේ මෙහෙයුම් වියදම් මේ කාලයේදී රුපියල් මිලියන 300 ක් දක්වා අඩුවී තිබෙන බවත් එය ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 579 ක්වූ බවත් සඳහන්ය.


    http://vimasuma.com/index.php?optio...icle&id=3475&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පවරා ගනිද්දී පැල්වත්ත, ප්‍රාග්ධනය රැස්කිරීම නවතයි

    සෙවනගල සීනි කර්මාන්ත ශාලාව බලෙන් අත්පත් කරගෙන තිබෙන බවට චෝදනා

    අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර නොගත් ව්‍යාපාර පවරා ගැනීමට රජය හඳුන්වා දීමට යන පනත යටතට වැටෙන පැල්වත්ත සීනි සමාගම කොළඹ කොටස් වෙළඳ පොළ තුළින් මුදල් රැස්කර ගැනීමට කර තිබූ සැලසුම මේ අනුව අත්හිටුවයි.

    සමාගම පවසා තිබෙන්නේ එකක් රුපියල් 18 ක් වන කොටස් මිලියන 16.9 ක් අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 305 ක මුදලක් රැස්කර ගැනීමට කර තිබූ සැලසුම මේ අනුව අත්හිටවූ බවයි.

    මේ වසර මුල් කාලයේදී මෙම සමාගම මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන විසින් පාලනය කරන ඩිස්ටිලරීස් සමාගම විසින් මිලදීගත් අතර අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබූ ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන දැඩි විරෝධයක් එල්ලවී තිබෙන පනතට අනුව පැල්වත්ත සීනි සමාගමට අයත් ඉඩම් රජයට පවරා ගැනීමට සැලසුම් කර ඇත.

    මෙම පනතට අනුව පවරා ගැනීමට යන එක්සත් ජාතික පක්ෂයේ දයා ගමගේ මහතාට අයත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව කිසියම් පිරිසක් විසින් මේ වනවිට නීති විරෝධීව අත්පත් කරගෙන සිටින බව අද වාර්තා වුණි.

    ඉඩම් පවරා ගැනීමට යන මෙම හදිසි පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරෝධය දක්වමින් පවසා තිබෙන්නේ මේ මගින් ජනතාවගේ දේපොළ අයිතිය හා ආර්ථික නිදහස උල්ලංඝනය කරන බවයි.

    මෙම පනත මගින් විපක්ෂයට සහාය දක්වන ව්‍යාපාරිකයින් ඉලක්ක කර තිබෙන බව එම පක්ෂ දෙක වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මෙම හදිසි පනතට විරුද්ධව අද කොළඹදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ මෙම පනත මගින් කොළඹ ඉඩම් අක්කර 20 ක් රජයට පවරා ගැනීමට යන බවත් ලාභ ලබන ව්‍යාපාරද රජයට පවරා ගැනීමට සූදානම් බවයි.

    මේ වනවිට, පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා කිසියම් පිරිසකගේ ග්‍රහණයට හසුව ඇති බවත් එම කර්මාන්ත ශාලාවල නිපදවූ සීනි වෙළඳපොළට නිකුත් කිරීමට ඉඩ ලබා නොදෙන තත්ත්වයක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

    කෙසේවෙතත්, රජය වෙනුවෙන් මෙම පනතට පක්ෂව අදහස් දක්වමින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ පැවසුවේ මෙම පනතට නගන චෝදනා පදනමක් නොමැති බවත් මෙම පනත මගින් ඉලක්ක කර තිබෙන්නේ බදු සහන ඇතුළු රජයෙන් සහන ලබා තිබියදීත් කළමනාකරණ දුර්වලතාවයන්ට හා අකාර්යක්ෂමතාවයන්ට මෙන්ම විවිධ වංචා දූෂණ හා ගැටලු පවතින ජනතා හිතවාදී නොවන අසාර්ථක ව්‍යාපාරවල ඵලදායීතාවය නැංවීම සඳහා ඒවා රජයට පවරා ගැනීම බවයි.

    විපක්ෂය සඳහා මුදල් යොදවන ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රජයට පවරා ගැනීම ඉලක්ක කර මෙම පනත හඳුන්වා දීමට යන බවට නැගෙන චෝදනා අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.

    මෙම පනත නිසා විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණීම අඩුවීමට හේතුවනු ඇතැයි නැගෙන චෝදනාද රඹුක්වැල්ල අමාත්‍යවරයා එහිදී බැහැර කළේය.


    http://vimasuma.com/index.php?optio...ticle&id=3465&catid=52:vishleshana2&Itemid=37
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    aththata mokakda me price band kiyanne?????? sinhalenma kiyanawanam loku deyak!!!

    යම් කොටසක මිල ඉතා වැඩිපුර ඉහළ හෝ පහල යාම සිදු වන විට ආයෝජකයින් ආරක්ෂා කිරීම සදහා මෙම වාරණය පවරනු ලබයි.මෙහිදි අදාල නීතිමය කාලය තුල කොටස් මිල වෙනස් විය හැක්කේ 10% අනුපාතයකට පමණි.

    Ex: Blue 8.00 (price band) increase 8.80 decrease 7.20
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පවරා ගැනීම අවාසි යැයි මූඩීස් කියද්දී කොටස් පහළට

    ිල්ටන් සියලු කොටස් රජයට අයත් වූ බව හොටෙල් ඩෙවලොපර්ස් කියයි

    දේපොළ පවරා ගැනීමේ නීතිය මෙරට ආයෝජන පරිසරයට බලපෑම් ඇති කරනු ඇතැයි මූඩීස් ආයතනය අනතුරු හඟවද්දීත් හිල්ටන් හෝටලයේ සම්පූර්ණ කොටස් රජයට අයත් යැයි එම සමාගම කියද්දීත් කොළඹ කොටස් වෙළඳ පොළ පහළ බසී.



    මේ අනුව, අද දිනයේදී සමස්ත මිල දර්ශකය සියයට 1.47 කින් පහළ ගොස් ඒකක 6,239.52 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 2.05 කින් පහළ ගොස් ඒකක 5,535.74 ක් බවට පත්විය.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 519 කි.

    කොළඹ හිල්ටන් හෝටලය අයත් හොටෙල් ඩෙවලොපර්ස් සමාගම කොටස් වෙළඳ පොළට පවසා තිබෙන්නේ නව දේපොළ පවරා ගැනීමේ නීතියට අනුව හිල්ටන් හෝටලයේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා යටතට පත්වන බවයි.

    මේ අනුව, මේ අවස්ථාවේදී මෙම පනත මගින් හිල්ටන් හෝටලයේ කොටස් කරුවන්ට සිදුවන බලපෑම පිළිබඳව අදහස් දැක්වීමට සිය සමාගම අපොහොසත් වන බවත් ඒ පිළිබඳව අනුගමනය කරන කරුණු මහා භාණ්ඩාගාරයෙන් දැනුම් දෙනතුරු බලා සිටින බවත් මෙහිදී හොටෙල් ඩෙවලොපර්ස් සමාගම පවසා තිබේ.

    මේ අතර, ජාත්‍යන්තර මූඩීස් ණය වර්ගීකරණ ආයතනය අනතුරු හඟවා තිබෙන්නේ දේපොළ පවරා ගැනීමට රජය සම්මත කරගත් පනත මෙරට ආයෝජන පරිසරයට යම් අවාසි සහගත බලපෑමක් කිරීමේ හැකියාවක් තිබෙන බවයි.

    මේ තුළින් ලංකාවේ දේපොළ අයිතිය හා ප්‍රතිපත්ති පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් ඇතිකර තිබෙන බව මූඩීස් ආයතනය වැඩිදුරටත් පවසා ඇත.

    මෙවැනි වාතාවරණයක් තුළ අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු සිදුවූ අතර HVA Foods සමාගමේ කොටසක් රුපියල් දෙකකින් පහළ ගොස් රුපියල් 41 ක් වෙද්දී කොටස් 529,900 ක් ගනුදෙනු විය.

    ඩයලොග් සමාගමේ කොටසක් ශත 20 කින් පහළ ගොස් රුපියල් 7.90 ක්වූ අතර කොටස් මිලියන 5.13 ක් ගනුදෙනු වී ඇත.

    මීට අමතරව, ජෝන් කීල්ස් කොටසක් රුපියල් 4.40 කින් පහළ ගොස් රුපියල් 188.20 ක් වෙද්දී කොටස් 189,500 ක් ගනුදෙනු වී තිබේ.


    http://vimasuma.com/index.php?optio...icle&id=3520&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගලධාරී යළි වලේ වැටේ


    තරු පහේ සුපිරි ගලධාරී හෝටලය පවත්වාගෙන යන ගලධාරී හොටෙල්ස් සමාගම 2011 සැප්තැම්බර් කාර්තුවේදී ලැබූ ඉහළ විදේශ විනිමය අලාභ හමුවේ දැවැන්ත අලාභයක් ලබයි.

    මේ අනුව, සමාගම හෙළිකර තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ අදාළ කාලයේදී සමාගම රුපියල් මිලියන 45 ක අලාභයක් ලැබූ බවත් ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 78 ක ලාභයක් ලැබූ බවයි.

    මේ සැප්තැම්බර් කාර්තුවේදී සමාගම කොටසකට අදාළව ශත 25 ක අලාභයක් ලබා තිබෙන අතර මේ වසරේ මුල් මාස නමය තුළදී කොටසකට අදාළ අලාභය ශත 12 ක් පමණි.

    එයට හේතුව වන්නේ මේ වසරේ මුල් මාස 09 තුළදී සමාගමේ අලාභය රුපියල් මිලියන 21.9 ක්වී තිබීමයි.

    සංචාරකයින් පැමිණීම වැඩිවීම හමුවේ සිය ආදායම් සියයට 25 කින් වැඩිවී එය රුපියල් මිලියන 333 ක් දක්වා වැඩිවී තිබියදීත් මෙම අලාභය වාර්තා කර තිබීම කැපී පෙනේ.

    එනම්, සමාගම සතුව විශාල වශයෙන් විදේශ ණය මුදල් තිබෙන අතර මෙම කාර්තුවේදී පමණක් රුපියල් මිලියන 36 ක විදේශ විනිමය අලාභයක් සමාගමට සිදුව ඇත.

    මේ වනවිට, ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් ණයකරුවන්ට ගලධාරී හෝටලයේ කොටස් බෙදාදීමට සමාගම සැලසුම් කර තිබෙන අතර පසුගියදා ඩුබායි රජයට සම්බන්ධ ආයෝජන අරමුදලක් විසින් හෝටලයේ කොටස් වලින් ප්‍රමාණයක් මිලදී ගැනීමටද කටයුතු කළේය.


    http://vimasuma.com/index.php?view=article&id=3513&option=com_content&Itemid=27
     
    • Like
    Reactions: RuZZa and cresendo

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කාලෙකින් මේ පැත්තට ආවේ ...
    market down නිසා මේකෙ හිටපු කට්ටිය හොයන්නත් නැ වගේ .....
    :(.
     
    Last edited:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තවත් නිකුතු දෙකක් අත ළඟ

    සිට්ට්‍රස් ලෙෂර් සමාගමට සම්බන්ධ හෝටල් දෙකක් හා ඒෂියා කැපිටල් සමාගම් සමූහයට අයත් ඒෂියා ඇසට් ෆිනෑන්ස් යන ලියාපදිංචි මූල්‍ය සමාගම මහජන කොටස් නිකුතු කිරීමට සූදානම් වේ.

    මේ අනුව, සිට්ට්‍රස් ලෙෂර් සමාගමට අනුබද්ධ කල්පිටිය බීච් රිසෝර්ට්ස් හා වස්කඩුව බීච් රිසෝර්ට්ස් යන හෝටල් රුපියල් මිලියන 470 කට වැඩි මුදලක් මහජන කොටස් නිකුතු මගින් රැස් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළඳ පොළේ අවසරය හිමිව ඇත.

    මේ අනුව, නොවැම්බර් 30 වනදා විවෘත වන කල්පිටිය බීච් රිසෝර්ට්ස් කොටස් නිකුතුවේදී එකක් රුපියල් 17.50 ක් වන කොටස් මිලියන 16.2 ක් නිකුත් කරන අතර උපයා ගැනීමට සැලසුම් කර තිබෙන මුදල රුපියල් මිලියන 283 කි.

    එදිනම මහජනයාට විවෘත වන වස්කඩුව බීච් රිසෝර්ට්ස් කොටස් නිකුතුවේදී එකක් රුපියල් 12.50 ක් වන කොටස් මිලියන 15.6 ක් නිකුත් කෙරෙන අතර රුපියල් මිලියන 195 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබේ.

    මේ අතර, ඒෂියා කැපිටල් සමාගම් සමූහයට අයත් ඒෂියා ඇසට් ෆිනෑන්ස් ලිමිටඩ් යන ලියාපදිංචි මූල්‍ය සමාගම එකක් රුපියල් 2.50 ක් වන කොටස් මිලියන 120 ක් මහජනතාවට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

    මෙම කොටස් නිකුතුව නොවැම්බර් 28 වනදා මහජනතාවට විවෘත වන අතර මෙම කොටස් “දිරිසවි“ පුවරුවේ ලයිස්තු ගත කිරීමට අවසර ලබාදී තිබේ.

    මෙම සමාගම 2011 මාර්තු 31 අවසන් වූ මුදල් වසරේදී රුපියල් මිලියන 79.7 ක මුදලක් ශුද්ධ ලාභ ලෙස ලබා තිබෙන අතර ඊට ඉහත වසරේ අදාළ කාලයේදී ලබා තිබුණේ රුපියල් මිලියන 84 ක පාඩුවකි.


    http://vimasuma.com/index.php?view=article&id=3542&option=com_content&Itemid=27
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    රුපියල වැට්ටුවාට ලංකා වාණිජ මණ්ඩලයේ ආචාරය


    ෙරට ප්‍රධානතම වාණිජ මණ්ඩලය වන ලංකා වාණිජ මණ්ඩලය විසින් රුපියල හදිසියේම අවප්‍රමාණය කිරීමට රජය ගත් තීන්දුව පසසා තිබෙන අතර වැවිලි සමාගම් වල භාවිතා නොකරන ඉඩම් පවරා ගැනීමේදී එම සමාගම් සමග සාකච්ඡා කරන ලෙස අවධාරණය කර තිබේ.

    2012 අයවැය මගින් රුපියල සියයට තුනකින් අවප්‍රමාණය කිරීම මගින් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇතිවනු ඇති බවත් රජය ඉදිරිපත් කළ අයවැය මගින් මීට වසර දෙකකට පෙර රජය විසින් එළි දැක්වූ ස්ථාවර පිස්කල් රාමුව තවදුරටත් තහවුරු කර තිබෙන බවත් ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කර ඇත.

    ගිය අයවැය මගින් රජය හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය එලෙසම මෙම අයවැය මගින්ද ඉදිරියට ගෙනයාම හා ආයෝජන සඳහා මෙවර අයවැය මගින් ලබාදී තිබෙන දිරියද මෙහිදී අගය කිරීමකට ලක්කර තිබේ.

    රුපියල අවප්‍රමාණය කිරීම නිදහස් හා තරගකාරී විනිමය අනුපාත ක්‍රමයක් පවත්වාගෙන යාම පෙන්වන සංඥාවක් යැයි සඳහන් කර තිබෙන ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසා තිබෙන්නේ එවැනි තරගකාරී විනිමය අනුපාත ක්‍රමයක් අපනයන තරගකාරීත්වය වැඩිකිරීමට අනිවාර්ය බවයි.

    මීට අමතරව, 2012 අයවැය මගින් යෝජනා කර තිබෙන වැවිලි සමාගම්වල ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් අක්කර 37,000 ක් පවරා ගැනීමේදී ඒ පිළිබඳව වැවිලි සමාගම් සමග රජය සාකච්ඡා පැවැත්විය යුතුයැයි මණ්ඩලය අවධාරණය කර ඇත.

    රජයේ මෙම තීරණය හමුවේ අද කොළඹ කොටස් වෙළඳ පොළේ බොහෝ වැවිලි සමාගම්වල කොටස් මිල ගණන් පහළ යනු දකින්නට ලැබුණි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3570&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ලංකාවේ උපන් සමාගමක් චිතගොං කොටස් පොළ එකළු කරයි


    ශ්‍රී ලංකාවේ ගොඩනැගුණු මේ වනවිට ලන්ඩන් කොටස් වෙළඳ පොළට අයත්ව තිබෙන මිලේනියම් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් සමාගම බංග්ලාදේශ චිතගොං කොටස් වෙළඳ පොළට නිර්මාණය කළ කොටස් ගනුදෙනු කිරීමේ මෘදුකාංගය වැඩ අරඹයි.

    මේ අනුව, මෙම සමාගම විසින් නිර්මාණය කළ මෙම කොටස් ගනුදෙනු කිරීමේ හා නිරීක්ෂණ පද්ධතිය අද සිට ක්‍රියාත්මක කළබව මිලේනියම් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් සමාගම පවසා තිබේ.

    මෙම නිරීක්ෂණ පද්ධතිය මගින් චිතගොං කොටස් වෙළඳ පොළේ සිදුවන ගනුදෙනු දැඩිව නිරීක්ෂණය කළ හැකි බවත් ඉදිරියේදී මෙම පද්ධතිය මගින් ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ගනුදෙනු කිරීමටද සූදානම් වනබවත් සඳහන්ය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් මිලේනියම් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් සමාගමේ ප්‍රධානී, ටෝනි වීරසිංහ පවසන්නේ මෙම පද්ධතිය නිසා චිතගොං කොටස් වෙළඳ පොළේ ගනුදෙනු වෙනදාට වඩා වේගවත් වන බවයි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3568&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හැරීගේ පැල්වත්ත සීනි පවරා ගැනීමෙන් බේරෙයිද ?

    පවරා ගැනීම නීති විරෝධී විය හැකිබව භාණ්ඩාගාර ලේකම්ට ලියයි

    පසුගියදා සම්මත කරගත් ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ රෙගුලාසි වලට සිය සමාගම නොවැටෙන නිසා එවැනි පවරා ගැනීමක් නීති විරෝධී විය හැකිබව පැල්වත්ත සීනි සමාගම පවසා තිබේ.

    මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම සමාගම පවසා තිබෙන්නේ නව පනත මගින් පැල්වත්ත සීනි සමාගම පවරා ගැනීමට දක්වා තිබුණත් එම පනත මගින් පවරා ගැනීමට බලය ඇත්තේ මීට වසර විස්සකට පෙර පුද්ගලික අංශයට පැවරූ ඉඩම් පමණක් බවත් පැල්වත්ත සීනි සමාගමට රජය විසින් ඉඩම් පවරා තිබෙන්නේ වසර විසි පහකට පෙර බවයි.

    මේ නිසා, මෙම පනතට අදාළව පැල්වත්ත සීනි සමාගමේ ඉඩම් පවරා ගැනීම නීති විරෝධී විය හැකිබව සමාගම පවසා තිබේ.

    එබැවින් මෙම ඉඩම් නැවතත් සමාගමට ලබාදෙන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා ඇති අතර රජය විසින් මීට වසර විසි පහකට පෙර පැල්වත්ත සීනි සමාගමට කල්බදු පහසුකම යටතේ ලබාදී තිබෙන හෙක්ටයාර් ප්‍රමාණය 4,302 කි.

    මෙම සමාගම දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හැරී ජයවර්ධන මහතාට අයත් ඩිස්ටිලරීස් සමාගමට අනුබද්ධ සමාගමකි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3575&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Galle Fort Hotels විකුණා දමයි


    සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබීම හමුවේ Galle Fort Hotels සමාගමේ අයිතිය වෙනත් සමාගමක් විසින් නතු කරගෙන තිබේ.


    මේ අනුව, ලංකෙම් සිලෝන් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ සිය සමාගමට වක්‍රව සම්බන්ධ සමාගමක් වන කලම්බෝ ෆෝට් හොටෙල්ස් ලිමිටඩ් සමාගම විසින් Galle Fort Hotels සමාගමේ සම්පූර්ණ අයිතිය මිලදී ගත්බවයි.

    මෙම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 772 ක් වියදම් කළබව සඳහන්ය.


    http://vimasuma.com/index.php?optio...icle&id=3571&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් පොළ අද කැරකු‍ණේ මෙහෙමයි


    හදිසියේ රුපියල අවප්‍රමාණය කිරීමෙන් ආයෝජකයින් තුළ යම් අවිනිශ්චිතතාවයක් ඇති වෙද්දී අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ යයි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.39 කින් පහළ ගොස් ඒකක 6,037.41 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.37 කින් පහළ ගොස් ඒකක 5,279.52 ක්වී තිබේ.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 611 ක් දක්වා පහළ වැටුණි.

    මේ අනුව, Kandy Hotels සමාගමේ කොටස් 77,700 ක් ගනුදෙනු වෙමින් කොටසක් රුපියල් 81.80 කින් වැඩිවී රුපියල් 281.80 ක් විය.

    මීට අමතරව, Orient Garments, HVA Foods හා Colombo Land & Development යන කොටස් වලට ආයෝජකයින්ගෙන් ඉල්ලුමක් තිබෙන බව පෙනෙන්නට තිබුණි.

    ජෝන් කීල්ස් කොටස් 326,000 ක් ගනුදෙනු වෙද්දී කොටසක් රුපියල් 175 ක මට්ටමක පැවති අතර Dialog Axiata සමාගමේ කොටස් මිලියන 7.2 ක් ගනුදෙනු වෙද්දී මිලේ වෙනසක් සිදු නොවුණි.

    මේ අතර, Orient Garments කොටසක් රුපියල් 1.60 කින් වැඩිවී රුපියල් 37.10 ක්ද, HVA Foods කොටසක් රුපියල් 1.50 කින් පහළ ගොස් රුපියල් 37 ක්වූ අතර HVA Foods කොටස් 431,600 ක් ගනුදෙනු වුණි.



    http://vimasuma.com/index.php?optio...icle&id=3576&catid=50:puwatharthika&Itemid=56
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    බස්,ට්‍රක්,ලොරි ආනයන වැට් බදු ඉවතට
    ඉදිරියෙදි DIMO, UML, කොටස් මිල තව තවත් ඉහල යන්න පුලුවන්, මේ තියෙන තත්වේ උඩ ගැනුම් කරැවන් ඉන්නෙ බියසුලු ස්භාවයකින් ඉදිරියේදි මේ තත්වය අඩුවවෙන බවක් තියෙනවා.ඒත් රුපියලේ අවප්‍රමාණය වැඩිවශයෙන් බලපාල නෑ.