Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නාමල්, විදේශිකයින්ටත් විවෘත වේ


    කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කොටස් අරමුදලක් වන Namal Acuity Value Fund හි, කිසිදු බාධාවකින් තොරව කොටස් ගනුදෙනු කිරීම සඳහා විදේශීය ආයෝජකයින්ටද අවස්ථාව තිබෙන බව කොළඹ කොටස් වෙළඳ පොළ කියයි.


    කොටස් වෙළඳ පොළ පවසා තිබෙන්නේ විදේශිකයින් විසින් මෙම අරමුදලේ තබාගත යුතු කොටස් ඒකක ප්‍රතිශතය පිළිබඳ සීමාවක් නොමැති බවයි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=483292895
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    විනිමය කොමිසම සමාගම් 100 ක් පසුපසින්

    Sri Lanka securities watchdog to entice more firms to list

    සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් තෝරා ගන්නා ලද පුද්ගලික හා රාජ්‍ය අංශයේ සමාගම් 100 කට කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වීමට ආරාධනා කිරීමට සූදානම් යැයි කොමිසමේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා කියයි.


    කොළඹ පැවති සමුළුවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් දැක්වීය.

    “කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වීමට හැකියාවක් තිබෙන සමාගම් සමග සමුළුවක් පැවැත්වීමට අපි සූදානම්.“

    මෙහිදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ව්‍යාපාරික මණ්ඩලවල නිර්දේශ මත මෙම සමාගම් 100 තෝරාගෙන තිබෙන බවත් කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවීම හා ලයිස්තු ගතවීමේ වාසි පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ගොඩහේවා මහතා කීය.

    එසේම, “going public“ යන අදහස ඇතිව රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ම සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් කොටස් වෙළඳ පොළට වැඩි සමාගම් ප්‍රමාණයක් කැඳවා ගැනීම මෙහි අරමුණ බවත් හෙතෙම සඳහන් කළේය.

    මේ වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කරන සමාගම් සඳහා බදු විරාමයක්ද ලබාදී තිබේ.

    සුරැකුම් පත් හා විනිමය කොමිසමේ ප්‍රධානියා පැවසුවේ පසුගිය වසරක කාලය තුළදී කොළඹ කොටස් වෙළඳ පොළ මගින් සියයට 30 කට වැඩි සමස්ත ප්‍රතිලාභ ලබාදී තිබෙන බවයි.

    විශ්ලේෂකයින් පවසන්නේ පොලී අනුපාත අඩුවීම, ලාභ ඉහළ යාම, මිල ඉපැයුම් අනුපාතය ඉහළ යෑම හමුවේ ලයිස්තුගත වන සමාගම් ප්‍රමාණය වැඩිවනු ඇති බවයි.

    කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් 287 ක් ලයිස්තුගත වී තිබෙන අතර තවමත් මෙරට විශාල පුද්ගලික හා රාජ්‍ය සමාගම් රැසක්ම ලයිස්තු ගතවී නොමැත.

    ලයිස්තුගත සමාගම් වලින් තුනෙන් එකක ප්‍රමාණයක් තවමත් සක්‍රීයව ගනුදෙනු නොවන බවද මෙහිදී ගොඩහේවා මහතා කීය.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=284801900
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    JKH පරදා දුම්කොළ සමාගම වටිනාම සමාගම වෙයි

    Sri Lanka tobacco monopoly top dog in bourse

    ජෝන් කීල්ස් සමාගම අභිබවමින් කොළඹ කොටස් වෙළඳ පොළේ වඩාත්ම වටිනාම සමාගම ලෙස බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ සමාගමට අනුබද්ධ ලංකා දුම්කොළ සමාගම පෙරමුණට පැමිණේ.


    මේ අනුව, ලංකා දුම්කොළ සමාගමේ කොටස් වෙළඳ පොළ වටිනාකම රුපියල් බිලියන 224.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර අඟහාරුවාදා දිනයේ ගනුදෙනු අවසන් වනවිට එහි කොටසක් රුපියල් 1200.10 කට ගනුදෙනු විය.

    මේ අතර, ජෝන් කීල්ස් කොටස් වෙළඳ පොළ වටිනාකම රුපියල් බිලියන 223.0 ක් ලෙස වාර්තා වූයේ කොටසක මිල රුපියල් 260 ක් වෙමිනි.

    කොළඹ කොටස් වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණයෙන් ලංකා දුම්කොළ සමාගමට සියයට 9.4 ක්ද, ජෝන් කීල්ස් සමාගමට සියයට 9.3 ක්ද අයත්වේ.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=871888951
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    LIOC අළු ගසා නැගිට සංස්ථාවට ආදර්ශයක් දෙයි

    Sri Lanka IOC unit profits surge in June quarter

    ලංකා ඉන්දීය තෙල් සමාගම ගිය වසරේ ජුනි කාර්තුවේදී ලබා තිබූ රුපියල් මිලියන 191 ක ලාභය වෙනුවට මේ වසරේ ජුනි කාර්තුවේදී රුපියල් බිලියන 1.39 ක දැවැන්ත ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.


    මේ අනුව, මෙම ජුනි කාර්තුවේදී සමාගම විසින් කොටසකට අදාළව රුපියල් 2.53 ක ලාභයක් වාර්තා කර ඇත.

    2013 ජුනි කාර්තුවේදී සමාගමේ ආදායම රුපියල් බිලියන 18.4 ක් දක්වා පහත වැටුණත් විකුණුම් පිරිවැය රුපියල් බිලියන 17.4 ක සිට රුපියල් බිලියන 16 ක් දක්වා විශාල ලෙස පහත වැටී තිබේ.

    මේ අනුව, දළ ලාභය රුපියල් බිලියන 2.4 ක් දක්වා දෙගුණ වී තිබෙන බව හෙළිවේ.

    මෙම කාර්තුවේදී ආදායම් අඩුවීමට හේතුවූයේ නාවික ඉන්ධන සැපයීමේ අංශයේ ආදායම් අඩුවීම නිසා බව කළමනාකාර අධ්‍යක්ෂ, සුරේෂ් කුමාර් පවසා තිබේ.

    කෙසේවෙතත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව තිබෙන්නේ මෙරට දැවැන්තව අලාභ ලබන ආයතන ගොන්නේයි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=972653924
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    HNB ලාභ තර කරගනී


    Sri Lanka Hatton National Bank net up 27-pct in June

    පසුගිය ජුනි කාර්තුවේදී හැටන් නැෂනල් බැංකුවේ ලාභය සියයට 27 කින් වර්ධනය වී රුපියල් බිලියන 2.1 ක්වී තිබෙන බව නවතම ගිණුම් වාර්තා මගින් අනාවරණය වේ.


    මේ අනුව, මෙම කාර්තුවේදී බැංකු සමූහයේ කොටසකට අදාළ ලාභය රුපියල් 5.40 ක්වී තිබෙන අතර ජුනි වලින් අවසන් වන මාස හයේදී ලබා තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 8.58 කි.

    2013 මුල් මාස හයේදී බැංකුවේ ලාභය සියයට 14 කින් වර්ධනය වී රුපියල් බිලියන 3.4 ක්වී තිබේ.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=781727704
     

    PMJTI

    Member
    Jul 7, 2013
    6
    0
    0
    metha KALE MARKET 1KA DOWN NEDA 50 KOTASA 11 ADUWELA ,MASA 6 K ETHULATHA .GATTU AYA TA WASA BONNAWELA.1000000 DAPU AYAGE ADA VALUE 1KA 150000WADA ADUWELA.
     

    PMJTI

    Member
    Jul 7, 2013
    6
    0
    0
    GREG.N0000,HVA DPL WALA MAN DAMMA.MAN LOST.MATA PULUWANNA KIYALA DENAWADA ME COMPANIES WALATA UNA DEYA.ISSARAHATA WATH ME COMPANY GODA YAVIDA.ASHAPHILLIPS THAMAI MATA UPADES DUNNE MEWA GANNA MATARA
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    hug me greg i love greg

    sadgirl.jpg
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පෑන් ඒෂියා බැංකුවට ප්‍රාථමික වෙළඳ වරම්


    රජයේ සුරැකුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප්‍රාථමික වෙළඳ ආයතනයක් ලෙස පෑන් ඒෂියා බැංකුව පත්කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.


    මේ අනුව, සැප්තැම්බර් 16 වනදා සිට පෑන් ඒෂියා බැංකුවට රජයේ සුරැකුම් පත් සම්බන්ධ ප්‍රාථමික වෙළඳ ආයතනයක් ලෙස මෙහෙයුම් ආරම්භ කිරීමට හැකිය.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=20896878
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සම්පත් බැංකුව මියන්මාරයට බැල්ම හෙලයි

    රන් ණය තිබුණත් අක්‍රීය ණය අනුපාතය සමස්ත බැංකු අංශයට වඩා අඩුබව කියයි

    සම්පත් බැංකුව මියන්මාරයේ ශාඛාවක් ආරම්භ කිරීමට සූදානම් වන අතර මේ වසරේදී බැංකුවේ ණය වර්ධනය සියයට 20 ක් පමණ වනු ඇතැයි බැංකුවේ උසස් නිළධාරියෙකු කියයි.


    මේ පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, අරවින්ද පෙරේරා මහතා පැවසුවේ පිටරට වලට ණය සැපයීම සඳහාද බැංකුව සූදානම් බවයි.

    2012 වසරේදී බැංකුවේ ණය වර්ධනය සියයට 23 ක්වූ අතර 2011 දී එය සියයට 30 ක් විය.

    මේ වසරේ මුල් මාස හය තුළදී බැංකුවේ ණය වර්ධනය සියයට 11 ක්වී තිබෙන අතර බැංකුව සතු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 341 කි.

    ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල ගණන් පහළ යන තෙක්ම සම්පත් බැංකුව රන් ණය වැඩි වශයෙන් ලබාදුන් බැංකුවක් වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමික් කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ රන් ණය සමගද බැංකුවේ අක්‍රීය ණය අනුපාතය සමස්ත බැංකු අංශයේ අක්‍රීය ණය අනුපාතයට වඩා අඩු බවයි



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=272903182
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හැරී, ලංකා බෙල් 4G යුගයකට හරවයි

    Lanka Bell to launch 4G services

    ඩිස්ටිලරීස් සමාගම් සමූහයට අනුබද්ධ ලංකා බෙල් ස්ථාවර දුරකතන සමාගම සිව්වන පරම්පරාවේ දුරකතන සේවා හඳුන්වා දීමට සැරසෙයි.


    සමූහයේ සභාපති, හැරී ජයවර්ධන මහතා වාර්ෂික වාර්තාව මගින් කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන්නේ ලංකා බෙල් සමාගම ඉදිරි මූල්‍ය වසරේදී 4G-LTE ජාලයක් ස්ථාපිත කරන බවත් ඒ සමග සිව්වන පරම්පරාවේ දුරකතන සේවා සපයන අනිකුත් සමාගම් වල මට්ටමටම ලංකා බෙල්ද පත්වන බවයි.

    මෙරට ස්ථාවර දුරකතන භාවිතය අඩුවීම නිසා ලංකා බෙල් සමාගමට පාඩු සිදුවිය.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1982660622
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සොෆ්ට්ලොජික්, Burger King ලංකාවට ගෙනෙයි



    Burger King සන්නාමය යටතේ අවන්හල් ජාලයක් ආරම්භ කිරීමට සොෆ්ට්ලොජික් සමාගම් සමූහය ගිවිසුමකට එළඹ තිබේ.


    සොෆ්ට්ලොජික් විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Soflogic Restaurants (Pvt) Ltd නැමති සමූහයට පූර්ණ අනුබද්ධ සමාගමක් මගින් මෙම අවන්හල් තවත් නොබෝ දිනකින්ම විවෘත කරන බවයි.

    මෙම අවන්හල් ආරම්භ කිරීමට සමාගම ගිවිසුමකට එළඹ තිබෙන්නේ සිංගප්පූරුවේ BK AsiaPac සමාගම සමග වන අතර එය ඇමරිකාව පදනම් කරගත් Burger King Worldwide සමාගමට අනුබද්ධ සමාගමකි.

    BK AsiaPac සමාගම විසින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කිරීමට සහාය දෙනු ඇතැයි සඳහන්ය.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=16884481
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Touchwood ව්‍යාපාරය නිමා කරන්නැයි පෙත්සමක්


    නීතිඥයින් විසින් පළකර තිබෙන පුවත් පත් දැන්වීමක් මගින් අනාවරණය වන්නේ තේක්ක ගස් ව්‍යාපාරයේ යෙදී සිටින Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාග කිරීමට අධිකරණය සූදානම් වන බවයි.


    මෙම දැන්වීම ඩේලි නිවුස් පුවත් පතේ පළවන අතර Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස පෙත්සම ගොනුකර තිබෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පෙත්සම ඔක්තෝම්බර් 03 වනදා විභාග කිරීමට නියමිතය.

    මෙම දැන්වීම පළකර තිබෙන්නේ F J & G De Saram නීතිඥ සමාගම විසින් වන අතර එයින් දැනුම් දී ඇත්තේ මෙම ක්‍රියාවට සහයෝගය දක්වන හෝ විරුද්ධ වන සමාගමට සම්බන්ධයක් ඇති ඕනෑම අයෙකුට මෙම විභාගය පැවැත්වෙන අවස්ථාවට සහභාගී විය හැකි බවයි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1057584593
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ෆිච්, ජෝන් කීල්ස් ඇගයූ හැටි මෙන්න!


    ජෝන් කීල්ස් සමූහය සඳහා ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ ආයතනය විසින් ලබාදී තිබූ AAA(lka) ණය ශ්‍රේණිය යළිත් ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව සහතික කර තිබේ.


    ෆිච් පවසා තිබෙන්නේ සමූහයේ බහාලුම් පර්යන්තයෙන් සමාගමට විශාල ප්‍රතිලාභ ලැබෙමින් තිබුණද පසුගියදා කොළඹ දකුණු වරායේ විවෘත කළ බහාලුම් පර්යන්තයෙන් තරගයක් එල්ල වෙනු ඇති බවයි.

    සම්පූර්ණ වාර්තාව මෙන්න :


    Fitch Affirms John Keells Holdings at AAA(lka)/Stable

    Fitch Ratings-Colombo-19 August 2013: Fitch Ratings has affirmed Sri Lanka-based John Keells Holdings PLC s (JKH) AAA(lka) National Long-Term rating. The Outlook is Stable.

    JKH is an investment holding company (holdco) with interests in transport, leisure, consumer food manufacturing and retail, property development, financial services, and IT.

    Key Rating Drivers

    Strong, diversified dividend income: JKH earns strong recurring dividends from core investments, particularly from its 42%-owned associate South Asia Gateway Terminals (SAGT) which operates one of three container terminals at the Port of Colombo (POC), and from its leisure segment. Fitch considers the structural subordination of holdco creditors to be low, because JKH s key subsidiaries are either majority owned or have low leverage. The latter is the case because these subsidiaries are in a mature stage of operation and are therefore well placed to pay significant dividends.

    Demonstrated shareholder access/support: JKH is one of a handful of domestic corporates who have in the past demonstrated that its shareholders have the ability and willingness to inject fresh capital, usually ahead of major projects and expansion. Consequently JKH has maintained a strong and liquid balance sheet, which is a key credit-strength, with cash reserves exceeding debt at the holdco. Leverage (defined as lease-adjusted net debt/operating EBITDAR) has remained low even at a consolidated level at below 1x, between FY11 and FY13 (financial year end March).

    Benefits outweigh port risks: Existing stevedoring capacity at POC increased about 20% in August 2013 with the first phase completion of the new terminal, Colombo International Container Terminals Ltd (CICT). The terminal, which is majority-owned and operated by China Merchant s Holdings (International) Company Limited of Hong Kong, will increase container throughput to around 7 million TEUs (twenty foot equivalent units), from about 4.8m TEUs, once completed in April 2014. Fitch notes that a sharp increase in spare capacity can intensify competition between terminals at least in the short- to medium-term, before the new terminal achieves profitability.

    However Fitch believes benefits to SAGT outweigh the medium-term risks. For example, CICT is the only deep-water terminal in South Asia which is able to accommodate the largest vessels in operation today, and is also closer in proximity to key east-west trade routes than other deep-water ports such as those in Singapore and the Middle East. This, combined with POC s proximity to India, provides a distinct advantage for transshipment business to and from the subcontinent. Also, Fitch believes that it is in the state s interest to discourage a price war among terminal operators, particularly as it wholly owns the third terminal at POC, and has minority shareholdings in SAGT and CICT.

    Project risks outside rating horizon: Fitch believes JKH is likely to take its usual conservative approach to funding and managing its proposed investment of over USD650m in a luxury multi/mixed use integrated resort (IR). It will manage, operate, sell, lease and rent the resort, subject to receiving approvals from relevant regulators and its shareholders. Fitch will continue to monitor developments and look to take appropriate rating action if actual performance deviates materially from the agency s expectations.

    Strong rupee and dollar liquidity: JKH has strong liquidity at both holdco and consolidated levels, supported by large cash balances, low debt, and strong access to domestic banks. At FYE13 cash balances at the holdco exceeded debt by almost LKR7bn. A majority of holdco debt consists of a USD40m facility (approximately LKR5.28bn) of which USD10m is due in FY14. Comparatively a majority of dividend income to the holdco is from US dollar sources, resulting in an estimated US dollar debt/EBITDAR ratio of 1.03x at FYE13, which Fitch views as satisfactory. Holdco also has dollar cash reserves of USD35m, which further supports repayments.

    Rating Sensitivities

    Negative: Future developments that may individually, or collectively, lead to a further negative rating action include:

    -Leverage being sustained above 1.5x at holdco or consolidated level (FYE13 holdco: surplus cash; consolidated leverage: 0.29x) -Gross debt/EBITDA at holdco being sustained above 4.0x (FYE13: 0.86x)

    -Introduction of significant refinancing risk at holdco or group over the medium-term

    -Impaired business risk profile of SAGT due to higher competition at POC that would result in a material reduction in dividend payouts to JKH

    Positive: There is no scope for an upgrade as the company is at the highest end of the Sri Lankan National rating scale.

    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=955757676
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සුපිරි සැල් රැල්ලේදීත් කාර්ගීල්ස් ලාභ බහී

    විදුලි බිලෙන් KFC චිකන් ලාභ වලටත් වදී

    කාර්ගීල්ස් සමූහයේ නවතම ගිණුම් වාර්තා වලින් හෙළි වන්නේ එහි ලාභය සියයට 49 කින් පමණ අඩුවී තිබෙන බවයි. කෙසේවෙතත්, සමාගම පවසා තිබෙන්නේ මෙරට ව්‍යාපාරික පරිසරය දියුණු වෙමින් තිබෙන බවයි.


    මේ අනුව, කාර්ගීල්ස් සිලෝන් සමාගමේ 2013 ජුනි කාර්තුවේ ලාභය රුපියල් මිලියන 121 ක්වී ඇත.

    ගෙවුණු ජුනි කාර්තුවේදී සමූහයේ කොටසකට අදාළ ලාභය ශත 54 ක්වී තිබෙන බව කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

    ජුනි කාර්තුවේදී ආදායම් සියයට 4.3 කින් වර්ධනය වී රුපියල් බිලියන 14.7 ක්වී තිබෙන අතර සෘජු පිරිවැය සියයට 4.2 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 13.1 ක්වී ඇත.

    සමූහයේ අනිකුත් ආදායම් ගෙවුණු ජුනි කාර්තුවේදී සියයට 21 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 283 ක් වෙද්දී බෙදාහැරීමේ වියදම සියයට 35 කින් වැඩිවී රුපියල් මිලියන 500 ක්වී ඇතිබව අනාවරණය වේ. මූල්‍ය වියදම සියයට 38 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 374 ක්වී තිබේ.

    කෙසේවෙතත්, කාර්ගීල්ස් පවසා තිබෙන්නේ ව්‍යාපාරික පරිසරය දියුණු වෙමින් තිබෙන බව සිය සුපිරි වෙළඳ සැල් ජාලයේ ආදායම ජුනි කාර්තුවේදී සියයට 03 කින් වර්ධනය වී රුපියල් බිලියන 11.7 ක් වීමෙන් පැහැදිලි වන බවයි.

    මෙම කාර්තුවේදී සමූහයේ පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාරික කටයුතු සියයට 09 කින් වර්ධනය වෙද්දී අයහපත් කාලගුණය නිසා බැට කෑ කිරි හා කිස්ට් වෙළඳ නාමය යටතේ සිදුකරන නිෂ්පාදන පසුබෑමකට ලක්වී ඇත.

    කාර්ගීල්ස් සමූහය විසින් මෙරට KFC අවන්හල් ජාලය පවත්වාගෙන යන අතර එහි යෙදවුම් පිරිවැය හා විදුලි ගාස්තු වැඩිවීම නිසා මෙහෙයුම් ලාභය සියයට 15 කින් පමණ පහළ ගොස් තිබේ.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1036827444
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    රුපියල වැටෙද්දී IOC ඉන්ධන මිල වැඩිකරයි


    ඉන්දියානු රුපියල දැවැන්ත ලෙස අව ප්‍රමාණය වීම හමුවේ ඉන්දියානු තෙල් සමාගම ඉන්දියාව තුළ අලෙවිකරන පෙට්රල්වල මිල ගණන් සියයට 3.5 කින් ඉහළ දැමූබව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.


    මීට අමතරව, සමාගම විසින් ඩීසල් මිල ගණන්ද සියයට 01 කින් පමණ ඉහළ දමා තිබෙන අතර ඩොලරයක මිල ඉන්දියානු රුපියල් 69 ක් දක්වා වාර්තා ගත ලෙස අවප්‍රමාණය වී තිබේ.

    ඉන්දියාව ලෝකයේ සිව්වැනියට විශාලතම ඛනිජ තෙල් ආනයනය කරන රටයි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1649898953
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පාඩු පියවීමට ජේම්ස් පැකර් කොටස් විකුණයි
    පැකර් මාධ්‍ය - කැසිනෝ කාරයෙක්

    ජේම්ස් ඩග්ලස් පැකර් කැසිනෝ පතාකයෙකු වීමට පෙර ඔහු හැදී වැඩුණේ සිය පියාගෙන් උරුම වූ මාධ්‍ය ව්‍යාපාරික පරිසරයකයි. ඔහුගේ පියා සුප්‍රසිද්ධ මාධ්‍ය ව්‍යාපාරිකයෙකුවූ කෙරී පැකර්ය.


    පවුලෙන් උරුම වූ සාම්ප්‍රදායික මාධ්‍ය ව්‍යාපාරික කටයුතු සිදුකළේ කොන්සොලිඩේටඩ් ප්‍රෙස් හොල්ඩින්ග්ස් සමාගම හරහායි.

    වාර්තාවන්නේ එම සමාගමේ පාඩු පියවීම සඳහා ජේම්ස් පැකර් විසින් ඊයේ රැකියා වෙබ් අඩවියක් වූ SEEK හි, සහ මැගලන් ෆයිනෑන්ෂල් සමූහයේ කොටස් විකුණා තිබෙන බවත් එයින් ඩොලර් මිලියන 150 ක ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට සමත්ව තිබෙන බවයි.

    මෙහිදී, SEEK වෙබ් අඩවියේ සියයට 04 ක කොටස් එකක් ඩොලර් 9.28 කට විකුණා ඔහු ලබා තිබෙන ප්‍රාග්ධන ලාභය ඩොලර් මිලියන 50 කි. මැගලන් ෆයිනෑන්ෂල් සමූහයේ සියයට 08 ක කොටස් එකක් ඩොලර් 10.68 කට විකුණා ඔහු ඩොලර් මිලියන 100 ලාභයක් ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    සිය පියා මිය යෑමෙන් පසුව පවුලේ සාම්ප්‍රදායික මාධ්‍ය ව්‍යාපාරික කටයුතු වලින් කැසිනෝ ව්‍යාපාරික කටයුතු වලට මාරුවූ ජේම්ස් පැකර් දැන් සැලකෙන්නේ ලෝකයේ ප්‍රබලතම කැසිනෝ ව්‍යාපාරිකයෙකු ලෙසයි.

    මේ වනවිට, ඇමරිකානු ඩොලර් බිලියන 06 ක පමණ වත්කම් ඇතැයි ගණන් බලා තිබෙන මෙම කැසිනෝ කප්පිත්තා කොළඹ ලේක් හවුස් ආසන්නයේ දේශීය ව්‍යාපාරික රවී විජේරත්න සමග එක්ව කැසිනෝ හෝටලයක් ගොඩනැගීමට මේ වනවිට සියළු පිඹුරු පත් සකස් කර හමාරය.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=550866081
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සොෆ්ට්ලොජික් බිලියනයක නිකුතුවකට සූදානම්

    සොෆ්ට්ලොජික් සමාගම් සමූහය රුපියල් බිලියනයක් දක්වා ලයිස්තුගත ණයකර විකිණීමට සූදානම් වනබව කොළඹ කොටස් වෙළඳ පොළ කියයි.


    මේ අනුව, ණය ශ්‍රේණිගත කරන ලද එකක් රුපියල් 100 ක් බැගින් වන ණයකර මිලියන 05 ක් මුලින් විකිණීමට නියමිතව තිබෙන අතර අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් මිලියන 05 ක ණයකර විකිණීමට සැලසුම් කර තිබේ.

    මෙම නිකුතුව සැප්තැම්බර් 04 වනදා ආයෝජකයින්ට විවෘත වේ.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1207084310