"Colombo to Dover of England" නගරාන්තර බස්රථ සේවාව - 1959

nalin0001

Well-known member
  • Jun 12, 2014
    15,250
    26,328
    113
    උඹලට හිතෙන විදියට ලංකාවේ පුරවැසියෝ වැඩි හරියක් නූගත් වෙන්න හේතුව කුමක්ද?
    -සුද්දගේ කාලේ උන්ට උවමනාවක් තිබ්බේ නැද්ද හැම පුරවැසියටම අධ්‍යාපනය දෙන්න
    -1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න
     
    • Wow
    • Like
    Reactions: RealityOfX and NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,611
    11,380
    113
    උඹලට හිතෙන විදියට ලංකාවේ පුරවැසියෝ වැඩි හරියක් නූගත් වෙන්න හේතුව කුමක්ද?
    -සුද්දගේ කාලේ උන්ට උවමනාවක් තිබ්බේ නැද්ද හැම පුරවැසියටම අධ්‍යාපනය දෙන්න
    -1948 පස්සේ හිටපු පාලකයෝ කැමති උනේ නැද්ද ලංකාවේ පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙන්න
    නූගත් නෙමයි බුද්ධිමත් නෑ
    low IQ

    ඔහොම තිබුන රටවල් තමයි ඔය තනි සිංහෙළු යක්ඛ පුක්ඛ අපේ හාන්දුරුවනේ කියාගෙන ආපු අඩුකුලේ වේස නාකි පොන්නයෝ, ලොලිපොප් දොඩම් තට්ටයෝ විනාස කලේ :dull::dull::dull:.
    සිරාවටම
    මෙහෙම තිබ්බනම් කොහොමද
    තාම ඉන්දියාව කනෙක්ට් කරන්න පාලම හදාගන්න බැරුව ඉන්නවා
    ------ Post added on Jul 26, 2023 at 10:14 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,359
    3
    117,370
    113
    Gampaha
    සුපිරි නූලක්... අලුත් දෙයක්...👍👍
    ඔහොම තිබුන රටවල් තමයි ඔය තනි සිංහෙළු යක්ඛ පුක්ඛ අපේ හාන්දුරුවනේ කියාගෙන ආපු අඩුකුලේ වේස නාකි පොන්නයෝ, ලොලිපොප් දොඩම් තට්ටයෝ විනාස කලේ :dull::dull::dull:.
    මටත් හිතුනෙ ඕකමයි...
    යුරෝපෙ ඉඳන් එන බස් එකක ගමනාන්තය, කොළඹ වෙනව කියන්නෙ,
    කොළඹට කොයි තරම් වටිනාකමක් තියෙන්න ඕනෙද...

    ඒව සේරම නැති බංගස්තාන කරල තියෙන්නෙ...😥
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,082
    13,808
    113
    දෙවැනියට ලොව දීර්ඝතම බස් සේවාව ලෙස Dover - කොළඹ හැදින්විය හැක.
    එංගලන්තයේ සිට සිඩ්නි/ කොල්කටා/ කොළඹ දක්වා ධාවනය වූ බස් සේවාවන් සදහා යොදාගෙන ඇත්තේ AEC, BMC, British leyland බස්රථයි.

    ලංකාවේ lorry chassis රැජින එන්න කලින් කාලේ...
    පල පල මෙව්වත් ඒවම තමා

     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    862
    1,685
    93
    Mars
    'Dover - Colombo' නගරාන්තර බස්රථ සේවාව දින 42 ක් - කිලෝමීටර් 20,000 ක්, ලොව දෙවැනි දීර්ඝතම බස් රූට් එක.

    S9CQEjh.jpg




    ගමන් මාර්ගය :
    Dover - Dunkirk - පැරිස් - වැනීසිය - ඉස්තාන්බුල් - ටෙහෙරාන් - කාබුල් - ලාහෝර් - දිල්ලි - රාමේෂ්වරම් හරහා කොළඹ.
    එංගලන්තයේ Penn Overland Tours සමාගම විසින් 1959-08-17 දින මෙම Dover - කොළඹ බස්රථ සේවය ආරම්භ කර ඇත.

    obpmiGp.jpg



    කාර්යමණ්ඩල සාමාජිකයින් 4 දෙනෙක් සහ මගීන් 10 දෙනෙකු එක් ගමන් වාරයක් සදහා ඇතුළත් විය.
    ගමන සදහා එක් අයෙකුගෙන් £78 ක් (රු. 33,244) අය කර තිබුණි. එය වර්තමානයේදී ගතහොත් £2300 කට (රු. 980,247) ආසන්න ගණනකි.


    HVZEbKX.gif


    ගමන් කාලය පුරාවටම බස්රථය තුළදීම ආහාර පාන පිළියෙළ කරගෙන ඇති අතර, මගීන් සදහා කුඩා නිදන ඇදන්, විදුලි පංකා සහ heaters සහිත විය.


    CkEv9d5.jpg



    එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්‍රංශයේ Dunkirk වෙත ළගා වී, එතැන් සිට පැරීසිය, ඉතාලිය, තුර්කිය, ඉරානය - ඇෆ්ගනිස්තානය - පාකිස්තානය - ඉන්දියාව - රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත.



    hDqovBt.jpg

    බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත


    ඒ වන විටත් ලොව දීර්ඝතම බස්රථ සේවාව වූ ලන්ඩන් - කොල්කටා බස් සේවාව Albert Tours ආයතනය විසින් ආරම්භ කර තිබූ අතර, ඒ සදහා දින 50 ක් ගතවූ අතර ටිකට්පතක මිල £85 ක් විය. ඔවුන් කොල්කටාවට එන අතරමග ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන්හි නතර කරමින්, ඒවා මගීන්ට දැක බලා ගැනීමට අවස්ථාවද සැලසීම නිසා වැඩි ගමන් කාලයක් ගතවූ අතර, ගාස්තුවද වැඩිවිය.

    utKTNAW.jpg



    අඩු වියදමකින්, අඩු ගමන් කාලයකින් මගීන්ට සේවාව සැපයීමේ අරමුණින් Penn Overland Tours ආයතනය විසින් මෙම Dover - කොළඹ බස් සේවය ආරම්භ කර ඇත.
    කෙසේ වෙතත් ලන්ඩන් - කල්කටා බස් සේවාව 1976 වසර වන තෙක්ම ක්‍රියාත්මක වී ඇති නමුදු, Dover - කොළඹ බස් සේවාව කොපමණ කලක් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව නිශ්චිත සදහනක් නැත.


    qmjrLG3.jpg


    බොහෝ තැන් ලන්ඩන් - කොල්කටා ලොව දීර්ඝතම බස් රූට් එක ලෙස සදහන් වේ. නමුත් සත්‍ය එය නොවේ.
    1968 වසරේදී Albert Tours විසින්ම ආරම්භ කළ ලන්ඩන් - සිඩ්නි බස් සේවාවට ලොව දීර්ඝතම බස් සේවාවේ ගෞරවය හිමිවිය යුතුය.
    එය London - Dover - Dunkirk - Paris - Venice - Istanbul - Tehran - Kabul - Peshawar - Lahore - New Delhi - Agra - Banaras හරහා කොල්කටාවට පැමිණ ඉන්පසු මියන්මාරය - තායිලන්තය හරහා සිංගප්පූරුවට පැමිණේ.


    iXLI3tt.jpg

    කොල්කටාව


    සිංගප්පූරුවේ සිට බස්රථය නැවකට පටවා ඕස්ට්‍රේලියාවේ Perth දක්වා රැගෙන ගොස් එතැන් සිට 4000 km දුරක් ගෙවා සිඩ්නි වෙත පැමිණ ඇත. ගමන් සදහා දින 132 ක් ගතවී ඇත. 1976 වසරේදී බස් සේවාව නවතා දමන තෙක් ලන්ඩන් සිට සිඩ්නි දක්වා මෙලෙස ගමන්වාර 15ක් පමණ සාර්ථකව නිමා කර ඇත.

    KH9wqm8.jpg

    සිඩ්නි


    දෙවැනියට ලොව දීර්ඝතම බස් සේවාව ලෙස Dover - කොළඹ හැදින්විය හැක.
    එංගලන්තයේ සිට සිඩ්නි/ කොල්කටා/ කොළඹ දක්වා ධාවනය වූ බස් සේවාවන් සදහා යොදාගෙන ඇත්තේ AEC, BMC, British leyland බස්රථයි.


    OJwZfgJ.jpg

    එංගලන්තය

    වර්තමානයේදී ලොව දීර්ඝතම බස් රූට් එක ලෙස පේරුහි ලීමා නුවර සිට බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ දක්වා ධාවනය වන බස් සේවාව හදුන්වන බව අන්තර්ජාලයේ සහ බොහෝ ලිපි වල දැක ඇත. එහි මුළු දුර 6200 km වූ අතර, ගමන් කාලය පැය 102 කි.

    OlwKIet.jpg

    පේරුහි ලීමා

    Ormeño S.A බස් සමාගම විසින් Marcopolo බද සහිත Scania, Volvo බස්රථ මේ සදහා යොදවා තිබූ අතර, සතියේ සෑම බදාදා සහ ඉරිදා දිනකම බස්රථයක් ධාවන‍ය විය. කෙසේවෙතත් 2018 වසරේදී මෙම සේවාව ඔවුන් විසින් නවතා දමා ඇත.



    මුලාශ්‍ර:
    චායාරුප අන්තර්ජාලයෙනි
    theleader.com
    independent.co.uk
    අඩෝ. ඒ කාලෙ පට්ටනෙ. කලින් දැනගෙන ඉදියෙ නෑ හැබැයි මේ ගැන. TFS bosa 😍

    මෙච්චර backwards යන තව රටවල් තියෙනවද කියලා සැකයි. 😞😞



    වැඩිය ඕන නෑ දැන් අවුරුදු 20කට කලින් අපි ඉස්කෝලෙ යන කාලෙ ගියේ Mitsubishi Fuso, Isuzu, Wesco බස් වල. පරණ Mercedes බස් එකකුත් තිබුණා. රාජපක්කු ඇවිත් මුලු රටම විනාස කරා.
    ------ Post added on Jul 26, 2023 at 7:34 AM
    අර සුනාමිය කාලෙ හම්බුන හොඳ ISUZU බස් එහෙම මං කාලෙකට කලින් දැක්කා කැස්බෑවෙ depot එකේ දිරන්න දාල තියෙනවා. ඒ උනාට ලේලන්ඩ් කරත්ත repair කරල, repair කලා කියල ගහගෙන ජරබර සද්දෙට පාරෙ දුවනවා. අපරාදෙ අර බස්:(
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    501
    1,011
    93
    මේ තියෙන්නේ 1953 අවුරුද්දේ ඇමරිකාවේ TWA එයාලයින් එකේ කාලසටහනේ පිටුවක්. මට මේක හම්බවුනේ අහම්බෙන්. නිව් යෝක් ඉඳන් පටන් ගන්න ප්ලේන් එකේ අන්තිම ගමනාන්තය බලපල්ලා.
    (මේ බණ්ඩාරනායක මහත්තය රට ජාතිය බේරගන්න කලින්)


    20230726_112542.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,566
    5,532
    113
    මෙච්චර backwards යන තව රටවල් තියෙනවද කියලා සැකයි. 😞😞



    වැඩිය ඕන නෑ දැන් අවුරුදු 20කට කලින් අපි ඉස්කෝලෙ යන කාලෙ ගියේ Mitsubishi Fuso, Isuzu, Wesco බස් වල. පරණ Mercedes බස් එකකුත් තිබුණා. රාජපක්කු ඇවිත් මුලු රටම විනාස කරා.
    ------ Post added on Jul 26, 2023 at 7:34 AM
    මම ඉස්කෝලේ ගියේ 23 ශ්‍රී 2696 ඩබල් ඩෙකර් බස් එකේ.

    Thanks for sharing
    ------ Post added on Jul 26, 2023 at 4:15 PM