කොළඹ-බදුල්ල 99 බස් වල තමයි හපුතලේට යන්න පුළුවන්. ප්‍රයිවට් බස්, CTB බස් තියෙනවා ඕනි වෙලාවක. රෑ 12 ට උනත් කොළඹ ඉදන් බස් යනවා.
හැබැයි මේ පාරේ බස් වල යනවා නං පුළුවන් තරං ඉස්සරහ සීට් එකක වාඩි වෙලා යන්න බලන්න. මොකද වංගු වැඩියි. පිටිපස්සේ සීට් එකක වාඩි වෙලා ගියොත් ඇගට ගොඩක් අමාරුයි.
ඒ වගේම කොටුවෙන් හවස යන බදුල්ල නයිට් මේල් ට්‍රේන් එකෙත් යන්න පුළුවන්. උදේට හපුතලේ හරියට කිට්ටු වෙනකොට ඉර පායනවා එහෙම මාර ලස්සනට පේනවා ට්‍රේන් එක යනකොට.