මචෝ,
දැන් මම මගේ ෆෝන් බිල්, ඉන්ටනෙට් බිල් ගෙවන්නේ ගෙදර ලග කොමියුනිකේෂන් එකෙන්. දැන් අපි රුපියල් 1000 ක බිලක් ගෙවද්දී ඒ ගානම අපේ එකවුන්ට් එකට වැටෙනවා. කොම්යුනිකේෂන් එකට කියලා ගානක් යන්නේ නෑ. බැංකු වල නං සර්විස් චාර්ජ් එකක් ගන්නවනි.
එතකොට මේ වගේ වෙලාවට කඩේට තියෙන ලාබෙ මොකක්ද?


Communication සෙල්ලම
හරි ඔන්න එලකිරි එකේ කොල්ලන්ට තියෙන දැවෙල ප්‍රශ්න වලින් එකකට තමයි මේ විසදුම (සැ.යු මට වඩා වැඩිමහල් අයියලා අන්කල්ලා, පොඩිමහල් දැනුම ඇත්තෝ වැරදි අත්නම් හදන්න)
මේන්න මෙහෙම පටාාාාාාන් ගමු කෝ
ඉස්සෙල්ලම ෆෝටෝ කොපි කමිනිකේශන් කියනකොටම ෆොටෝ කොපි මැෂිමක් අනිවාර්යයි නේ......
ෆොටෝ කොපි
ෆොටෝ කොපි ප්‍රින්ට්අවුට් වලට නම් ඒ කිව්වේ බ්ලැක් ඇන් වයිට් වලට සුපර් වැඩ්වා ලාබම බඩුව තමයි ටොෂිබා බඩ්ඩ මු නිකන් යකෙන් වගේ අඩුම කොපි 1000000 වත් ගහන්න පුලුවන් හද හද ඒ තරම් ලබයි මේ බඩ්ඩ හැබැයි බ්ලැක් ඇන්ඩ් වයිට් හොදේ
අපි බලමු මැෂින් වර්ග (මම මේතන වැඩි විස්තරයක් දාන්නේ නැ ඔන කෙනක් ඉන්නවානම් මට කතා කරන්න පිඑම් කරන්න කිසි ගැටලුවක් නෑ)
Toshina 233, 282, 283, 255, 305, 405 වගේ බඩු තියෙනවා තව තියෙනවා මම මේ දැන්මේ හොදම මැෂින් හරියෙයි
233,282,283 මේවා ගන්න ටිකක් බර වැඩ වලට එකපාරටම දෙපැත්ත වදිනවා 60gsm ඉදන් 280gsm වෙනකම් ගහන්න පුලුවන් ඒ 6 ඉදන් ඒ 3 වෙනකම් පුලුවන් කොපි ගහනකොටම පොතක් වගෙන්ම් සේව් කරන්න පුලුවන් අයේ එක ප්‍රින්ට් කරන්නත් පුලුවන්
ඉතින් මේ මැඩේට ඔය මැෂිම ඇති
දැන් බලමු 255,305,405 මේවනම් ඉතින් අරවට වඩා ස්පිඩ් එක තියෙනවා මේවින්,
කලර් ස්කෑන්
ෆැක්ස්
ස්කැන් ටු යුඑස්බි
ඔය වගේ මම මේ මැෂින් දෙකම යුස් කරනවා
අපි බලමු කොස්ට් එක මේක තමා වැදගත්ම කොටස
දැන් එ4 කොපියකට යන කොස්ට් එක බලමු
A4 paper- 450/500 = 0.9 per paper
Toner මේක රිෆිලින් ටොනර් - පැකට් එක ග්‍රැම් 500 රුපියල් 1200යි මේකින් කොල 10000ක් වගේ ගහන්න පුලුවන් 0.12 පිටුවක එක පැත්තකට ඒ4
0.9+0.12 = 1.02 one side (මැෂිමේ රේපයාර් ඇන්ඩ් විදුලි බිල සේවක වියදම් නැතුව ඈ)
0.9+0.24=1.14 Double side
අනිත් කොල වල ගනන් උබලට හදා ගන්න පුලුවන්නේ බැරි උනොත් කියපන් මට
දැන් ඉතින් ප්‍රින්ට් වලට යන්නේත් මේ ගානමයි වැඩිපුර කියලා වෙන්නේ කම්පුටර් එකින් දාන එක එකට උඹලා සාධාරන ගානක් ගනනි.
අපි දැන් යමු ස්කෑන් වලට මේක තමා යකු ලාබම කිසිම වැඩි වියදමක් නැ
කරන්ට් බිල යි සේවක වියදමයි
මේකට ගානක් උඹලම හිතපන් මම නම් ඒ4 එකට 30ක් ගන්නවා
කලර් ලේසර් / ඉන්ජෙක්ට් ගැනත් කියන්න පුලුවන් ඔන කෙනෙක් ඉන්නවානම් කියන්න
ඉලගට ෆැක්ස්
මට මතක විදිහට ටෙලිකොම් එකේ එක කොලේට 2 ද කොහිද ගන්වා අපි ඉතින් 30ක් ගන්නවානේ මේක ලබායි ගොඩක්
තව ලබායි ලංකා බෙල් ෆැක්ස් මේකට මැෂින් ඕනි නැ ඊමේල් වලින් වැඩවෙන්නේ
අනික දුරකත කථා
මේකන් දැන් අඩු උනත් ගන්න මිනිස්සු එනවා මොකද දැන් තියෙන ෆොන් බැට්රි දවසක්වත් තියන්න බැනේ
මේකටනම් ටෙලිකොම් ලංකා බෙල් ගන්න එපා මේකට ටයිටෙල් එකින් ගනින් මගේ යාලුවෙක් ඉන්නවා උට උදව්වක් වශයෙන් ඔනිනම් කියපන් සෙට් කරන්නම් මේක පට්ට ලාබායි මම මාසේ ලයිට් බිල ගෙවන්නෙත් කෝල් දිලා කොහොමද ලාබේ මජන්ලා
අනික ටයිප් සෙටින් මේකනම් කියන්නම ඔනි දෙයක්
උඹලා හැමෝ හිතුවට රුපියල් 40ට ටයිප් කරනවා කියන එක ලෙසි වැඩට් නෙවෙයි යකු එහෙම කරන මහා පව්කාර වැටක් සිරිවටම මොකද එකක් අපි ගොඩක් වෙලා ටයිප් කරලා අපේ ඇස් වලට බඩු සෙට් වෙනවා මගේ දැනටමත් සෙට් වෙලා මට අවු 24 දැන් පොඩි අකුරු පෙනවා හොරයි අපේ නංගි එයාටත් හරි ඉතින් උඹලම බලපන් ටයිප් කරන තැන් වල කන්නාඩි දන්නැද්ද කියලා කට්ටිය විජේරාමට ගියොත් බලා ගන්න පුලුවන්
අනිත් එක කොන්ද රිදෙනවා ඔය වගේ ඉතින් දැන් ටයිප් වලට පඩියට වැඩ කරන උන් අඩුයි අද ඉන්න එකා නෙවෙයි හෙට ඉන්නේ උන්ට මාසෙට 25ක් වත් පඩි දෙන්න ඔනි
ඉතින් ටයිපි එකක් කරන්න සිංහල ඉංග්‍රිසි වලට රු 80ක් ගනින් පිටු 50කට වැඩිනම් 60ක් ගනින් ඊට වඩා සත පහක් අඩු කරන්න එපා එක ලියුමක් වගේන්ම් 100ක් ගන්න ප්‍රින්ට් එකත් එකක්
රුපියල් 80ට වැරදි බලන්න ප්‍රින්ට් එකයි ඔරිජිනල් ප්‍රින්ට් එකයි දිපන් එක පාඩු නැ ඊට පස්සේ වැඩ කරන ඒකාට එකින් සියයට 20ක් මාසික පඩියට අමතරව දිපන් එක පිනක් මජන්ලා
තම ඩිසයින් මේකට ගණින් අඩුම 350ක් හරිද කරන වැඩු අනුව යන වේලාව අනුව 350 උඩ ගන්න
ඉතින් මම හිතනවා දැනට මේ ඇති කියලා තව ගොඩක් දෙවල් තියෙනවා මජන්ලා ටයිප් කරන්න වෙලා නැ
උඹලට මීට වඩා දේවල් දැනගන්න ඔනිනම් මට කොල් එකක් දියන් නැත්නම් ඔන මගුලකින් මාව කන්ටැක් කරපන් කිසි අවුලක් නෑ මම හෙල්ප් කරන්නම් සත පහක් මට එපා මම ෆි වේලවක ඔන හෙල්ප් එකක් දෙන්නම්
Mobile – 0776213546 (Whtsapp, viber, imo)
Facebook- www.facebook.com/charith93
තව මග් ප්‍රින්ට්
ප්ලැන් ප්‍රින්ට්
ඩිජිටල් ප්‍රින්ට්
ඔෆ්සෙට් ප්‍රින්ට්
රබර් සිල්
බුක්ශොප්
ඩිවිඩි
එකි මේකි හැම දේම දාන් වෙලා නැ ඔන කෙනෙක් ඉන්වානම් අහන්න
Code:දැන් මම ගැන පොඩ්ඩක් කියන්නම්කො මම ෆෝටෝ කොපි මැෂින් විකුණනවා රේපයාර් කරනවා තව ටයිප් සෙටින් ඩිසයිනින් සිල් හදනවා ප්‍රින්ට් හැම මගුලම කරනවා පොත් හදනවා කම්පුටර් හදනවා විකුණනවා කරන්න පුලුවන් හැම මගුලම කරනවා
රිදෙයි සමහරුන්ට එත් කියන්න ඔනි එක කිව්වා
බම්ප් දමාගෙන යන්න අනිත් අයටත් උදව්වක් වෙන්න
තව රෙප් වලින් නවනවනම් එකට මට සතුටක්
ආදරෙයි මජන්සමාන්යයෙන් ටොෂිබා කොපියර් 1ක් 85-ලක්ෂ 1 අතරෙ ගන්න පුළුවන් වොරන්ටි ගන්නනවානම් 15000ක් විතර වැඩි වෙනවා.
- කලුසුදු ප්‍රින්ට් 1ක් 5 ( තනි පැත්ත) දෙපැත්ත 8යි
- A4 ෆොටෝ කොපි 1ක් 3.50 දෙපැත්ත 6
- A5 (ID, DL) 10යි
- ස්කෑන් 20-30
- කොපියර් 1ක් ගන්නවා නම් ඩුප්ලෙක්ස් තියන 1ක් ගන්න. වැඩ කරන්න ලේසී. පොත් වගේ දේවල් එක පාර ස්කෑන් කරගෙන ප්‍රින්ට් දෙන්න තියෙන්නේ. පොත ගැදර් වෙලාම එලියට එන්නේ. කටු ගහලා දෙන්න තමා තියෙන්නේ.
කලර් කොපියර් 1කක් ගන්නවා නම් 1.10ක් වෙනවා. මම ගන්නේ ටොෂිබා 1ක
- A4 ෆුල් කලර් ප්‍රින්ට් 1ක් 60-70ක් විතර වෙද්දි දෙනවා
හැබැයි බල්ක් ප්‍රින්ට් ගන්නවා නම් 40කට විතර දෙන්නේ
- මේකෙන් තව හම්බ කරන්න පුළුවන් විදියක් තියනවා. හැබැයි ඒකට පොටෝ ෂොප් හරි කොරල් ඩ්‍රෝ හරි ගැන දැනුමක් ඕනි. වෙඩින් කාඩ් ප්‍රින්ට් කරන්න. අයිසි ගෝල්ඩ් බෝඩ් 1ක් රු. 5 ක් විතර වෙන්නේ. අයිවරි බෝඩ් 1ක් රු 4යි. ඔය බෝඩ් ටිකක් ගෙනල්ලා තියාගන්න වෙනවා. ඇන්ලොප් ටිකකුත් ගන්න A5 සයිස් 1කෙන්. මම දෙන්නේ කාඩ් 1ක් 70 ගානේ. ඩිසයින් 1කට වෙනම 200-300ක් ගන්නවා. හිතන්න අලුත් විදියට, ඩිසයින් කරලා ප්‍රින්ට් කරලා දෙන්න කොහොමත් කාඩි 100කට වඩා ගහනවා නේ. 70X100 - 7000 කොස්ට් 1ක වෙන්නේ 2000ක් විතර. මහන්සියක් නෑ කපලා දෙන්න විතරයි තියෙන්නේ. තව ස්ටෝන්ස් ටිකක් අල්ලලා. රිබන් 1ක් දාලා ලස්සන කරලා තව ගානක් වැඩි කරලා දෙන්න පුළුවන්.
![]()
ඉන්ක්ජෙට් ප්‍රින්ට්
- ලාබයි ඒත් ප්‍රින්ට් වෙන්න යන කාලේ වැඩි.
- පින්ටරයක් 25000ක් විතර වෙනවා.
- තින්ත නාගන්න වෙනවා හෙඩ් 1ක් බ්ලොක් උනොත්
- ප්‍රින්ට් 1ක් දෙන්නේ 40-50කට විතර
ඩිජිටල් ප්‍රින්ට්
- අපිට 40ට 45ට ප්‍රන්ට් කරගන්න තැනක් කතා කරගන්න
- වර්ග අඩියක් 70ට අඩුවෙන්දෙන්න එපා
- ස්ටිකර් 80ට වැටෙන්නේ - අලවලා දෙන්න වර්ග අඩියට 30ක් ගන්නවා ස්ටිකර් වර්ග අඩියක් 160ට දෙන්නේ.
මග්
- ව්‍යිට් මග් 550
- මැජික් මග් 900
- වයිට් මග් - බල්ක් (500ට වැඩි) 300
ටයිප් සෙටින්
- සිංහල / ඉංගි්‍රිසි 60 (එක කොපියකුත් එක්ක)
ග්‍රැපික් ඩිසයින්
- වැඩේ අනුව තමා
ඕෆ්සෙට් ප්‍රින්ට්
- ප්ලේට් 1ක් 900
- ඉම්ප්‍රෙෂන් 1000ක් 900යි
- කොලේටත් ගානක් හදලා ඒ එන එකතුවට 15% ක් ඇඩ් කරන්න.
ඩුප්ලෝ
- මාස්ටර් 1ක් 100යි
- ඉම්ප්‍රෙෂන් 1ක් 0.75 ගානේ දාන්න.
- කොලේ ගාන ඇඩ් කරන්න
කට්ටියට අදහසක් ගන්න මේ විස්තර ටික ඇති වෙයි කියලා හිතනවා. හැමෝටම ජය වේවා. හිතන්න අලුත් විදියකට.... දිනන්න පුලුවන් ජීවිතය ප්‍රින්ටින් වලින්. මොකද අද වෙනකොට ප්‍රින්ටින් කියන්නේ අද හැමෝටම නැතුවම බැරි දෙයක් වෙලා. හදාගන්න තමන්ටම කියලා නමක්. එතකොට වැටෙන්නේ නෑ කවදාවත්ම. අනික වැඩක් ගත්තහම වෙලාවට දෙන්න ඕනි. මැෂින්ස් තියෙන්නම ඕනි කියලා නියමයක් නෑ. වැඩ ටිකක් හදාගෙන මැෂින්ස් වලට යන්න. ලොකු ගානක් (ලක්ෂ 30ක් විතර ) හිරකරලා තියාගන්නවාට වඩා ඒක ලාබයි. කොපියර් 1ක් ඩුප්ලෝ 1ක් නම් තිබ්බට කමක් නෑ. කස්ටමර් ඉල්ලන වෙලාවට වැඩේ බාර දෙන්න. හොදම කොලිටියට. එතකොට නිකම්ම වැඩ හැදෙනවා.
මම මගේ ජීවිත කතාව දාන්නම් වෙලාවක පොටොත් 1ක්කම . තව ඉලක්ක 3ක් තියෙනවා සම්පූර්ණ කරගන්න. ඒකත් ඉක්මනටම සම්පූර්ණ කරගෙන දාන්නම්. අන්න එතකොට උඹලට තේරෙයි ප්‍රින්ටින් කියන්නේ මොන තරම් වටින දෙයක්ද කියලා තේරෙයි.