Company වෙනුවෙන් මැරෙමු ද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    අපේ ගොඩක් උන්ගේ තියන ලොකුම අවුලක් තමයි company එකකට join උනාම එක ගෙදර වගේ කරගෙන.. ඉන්න එවුන් ටික පවුලේ එවුන් ගානට ගන්නවා.. හිතන්නේ නෑ ඕනෑම වෙලාවක දොට්ට දාන්න පුළුවන් බව..

    හොඳටම තේරෙනවා stress / workload එක වැඩි.. culture එක toxic .. උඩ ඉන්නේ එපාම කරපු අපත සොන්නයෝ ටිකක්..හරියට salary දෙන්නේ නෑ .. එත් කුරු කුරු ගගා ඒකෙම එල්ලිලා ඉන්නවා.. පොඩ්ඩක් වටපිට බලන්නේ නෑ තමන්ට තියන opportunities මොනවද කියල.. LinkedIn එක update කරන්නේ නෑ..පැය කීපයක් වෙන් කරලා හරියට CV එක update කරගෙනනේ නෑ.. දැන් industry එකේ අවුරුදු 4ක් 5ක් වැඩ.. තාම තියෙන්නේ intern / associate එන්න දාපු cv format එක.. OL / AL ලොකුවට දාලා.. ඉස්කෝලේ විකට ඇඳුම් තරඟෙට එහෙම ගියපුවා highlight කරලා.. :rolleyes: අඳුරන එකෙක් හරි vacancy එකක් දුන්නම පරණ cv එකම කෙලලා අරිනවා. එහෙම කරලා කියනවා apply කරාට කතා කරන්නේ නෑ..:baffled::dull:

    හැම වෙලාවේම එළියේ වෙන්නේ මොකද ? මොන වගේ companies වලද මේ දවස් වල hire කරන්නේ? මොන මොන වගේ tools / technologies වලට ද හොඳ ඉල්ලුමක් තියෙන්නේ වගේ දේවල් ගැන පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඕනා. දැන් වැඩ කරන තැන කොච්චර හොඳ උනත් ඉස්සරහදි මොනවා වෙයිද කියන්න බැනේ.. :yes:

    මගේ අත්දැකීම එක්ක මට ලැබුණ හොඳම job offers ඔක්කොම ආවේ LinkedIn එකෙන්. CV එක ටිකක් හොඳට හදලා.. skills up කරගෙන ඉන්නවා නම් මේ කාලේ job එකක් හොයා ගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි.. මීට අමතරව LinkedIn ඉන්න recruiters ලත් පොඩ්ඩක් shape එකේ තියාගෙන ඉන්න එක ගොඩක් වටිනවා. අවශ්‍ය උනොත් උදව්වක් ගන්න පළුවන්.. උදාහරණයක් විදියට අපිට ආපු offer එකක් කෙලින්ම reject කරලා දාන්නේ නැතුව.. අපි දන්න හොඳ කෙනෙක් ව පොඩ්ඩක් recommend කරලා වගේ දේකින්.. එහෙම අඳුර ගනිපු අය ඉන්නව පස්සේ කාල වලදිත් මට උදව් කරපු.. :)

    ලංකාවේ සමහර company වල ඉන්නවා පොඩ්ඩක් උඩට ගියාම අමුතු උෂ්ණයක් ඇඟට එන ජීවියෝ ටිකක්.. සර් scene එකේ තමයි ඉන්නේ.. පොඩි උන් ටිකට පාර්ට් දාලා.. තලලා මරලා වැඩ ගන්න ජාතියේ.. මට නම් කොච්චර salary එකක් දුන්නත් එහෙම සොන්නයෝ එක්ක නම් වැඩ කරන්න බැහැ.. දෙකකින් අයින් වෙලා ගියා එහෙම උන් නිසා..එකක් මාස 2 දෙකකින් .. අනිත් එක මාස 5කින්.. දෙකම local projects / clients කරපු companies.. එකක ඉන්න tech lead ලට සර් කියලා කතා කරන්න ඕනා.:lol::rofl:. එයින් පස්සේ මම local project තියන companies වලට join උනේ නැහැ.

    ඉන්න තැන සෙට් වෙන්නේ නෑ.. life අවුල්.. stress වැඩි.. health එකත් අවුල්.. එහෙම කියලා තාමත් ඒ company එකේම වැඩ නම් , ඒක company එකේ අවුලක් නෙවෙයි .. තමන්ගේ අවුලක්.. මුලින්ම බලන්න ඕන තමන්ට ඇයි මිට වඩා හොඳ තැනකට යන්න බැරි කියන එක.. එහෙම බලලා ඒ තියන අඩු පාඩු ටික හදල බැලුව නම් නිකම්ම ප්‍රශ්නේ විසදෙන්න පුළුවන්..

    ලංකාවේ company කාරයෝ කරන තවත් වැඩක් තමයි. එක එක නම් වලින් role 100ක් විතර හදාගෙන ඉන්නේ.. IT industry එකේ ඉන්න කැවුම් කළුවො අන්දලා හිඟන පඩි දීලා promotion දෙන්න. අව්රුද්දෙන් අවුරද්ද කඩේ යන පිළිවෙල බලලා promotion දෙනවා.. :D පොඩි ගානකින් salary එකත් වැඩි වෙනවා..මමත් ලංකාවේ උන් එක්ක වැඩ කරලා ඇති වෙලා.. වෙන රටක එකකට සෙට් උනා (Switzerland + Netherlands). මේකේ ඉන්නේ Developer සහ senior Developer.. අනිත් පැත්තෙන් tester සහ senior tester.. senior developer ට අවුරුදු 16+ experience.. :love: dev 8+. මුන් මගෙන් දවසක් අහනවා ලංකාවේ ඇයි associate lead / lead / senior lead කියලා වෙන වෙනම කට්ටිය ඉන්නේ කියලා. :rofl: කළුවො අන්දන විදිය හිතා ගන්න පුළුවන් නේ..:( resignation දෙන්න වගේ නම් පොඩි promotion එකක් දීලා.. සොච්චමක් වැඩි කරලා දෙනවා.

    IT company වල අවුල් නිසා කෙල වෙලා ඉන්න උන්ගෙන් 90% ක්ම විතර , risk එකක් ගන්න බය උන්. උන්ට නම් කලින් ත්‍රෙඩ් එකක දාලා තිබ්බ වගේ "IT පොම්නයෝ " කියන එක ගැලපෙනවා. මට හිතෙන විදියට risk එකක් නොගත්තොත් නම් සදා ළිඳේ තමයි.:yes: මම ජොබ් එක මාරු කරේ කොරෝනා හොඳටම වැඩිවෙලා.. චූන්පාන් කාරයා වත් එන්නේ නැති කාලේ :D

    මට කියන්න තියෙන්නේ.. job එක නිසා කෙල වෙලා වගේ දැනෙනවා නම්.

    01. කල්පනා කරලා බලන්න කෙල වෙන්න හේතුව.
    02.skills අඩු පාඩු නම් ඒවා හදන්න පටන් ගන්න අදම.
    03. හරි විදියට CV / LinkedIn update කරන්න.
    04. හොඳ companies වල ඉන්න යාලුවෝ එක්ක පොඩ්ඩක් කතා බහ කරලා බලන්න මේ දවස් වල කොහොම , vacancies තියද කියලා.
    05.දැන් ලංකවේම ඉඳන් පිට රටක ජොබ් සෙට් කරගන්න පුළුවන් ටිකක් මහන්සි උනොත්.. එහෙම ට්‍රයි කරලා බලන්න.
    06. Company එකේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න එපා.. company එකට salary දෙන්න budget නෑ කියනවා නම් අදම budget තියන තැනක් හොයා ගන්න. :baffled::D

    මේ ටික කිව්වේ මං පොර ජාතකේ කියන්න ඕන කමට නෙවෙයි..මම එහෙම ලොකු වැඩ්ඩෙක් නෙවෙයි..දැනට නොමැරී ජිවත් වෙන එකෙක්..:D ජොබ් එකේ ප්‍රශ්න කොච්චර ආවත් නොමැරී ඉන්න පුළුවන් ක්‍රම තියනවා කියන්න තමයි මේක කිව්වේ.. කොහෙවත් යන company කාරයෝ නිසා කොල්ලෝ මැරෙන්න ඕන නැහැ.✊💪 වැඩ කරන employee කෙනෙක් වෙනුවෙන් දෙන්න ඕන අවම දේවල් ටික වත් දිගන්න බැරි company එකක් නම්. උන්ට උකා ගන්න කියලා උඹල හොඳ එකක් බලපල්ලා.. යාළුවෝ ඉන්න company එකෙන් එලියට ගියා කියලා මැරෙන්නේ නෑ .. :yes:

    * මේ කියපු දේවල් ලංකාවේ හැම company එකකටම අදාළ නැහැ.. හොඳ තැන් තියනවා ටිකක් DYOR
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඔහොම මායින්ඩ් සෙට් තියෙන උන් ඉන්නවා නං ඇත්තටම ප්‍රෝජෙක්ට් උනත් ගොඩ යනවා වාත වෙන්නේ නෑ.

    අවුරුදකින් දෙකකින් යන්න බලාගෙන එන උන් ඉන්නවනේද උන් තමා හොදට පර්ෆොම් කරන්නේ. උන්ට ඉලක්ක තියෙනවා ඕනි දෙයක් උනාවේ කියල දෙන දෙයක් කරලා ඕහේ ඉන්න උන් තමා ගොඩක් වෙලාවට වාත වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුද්ගලික අoශය හරියන්නෙ නැ,, රජයේ කන්තෝරුවකට පැන ගනිල්ල, කිසිම ස්ටෙස් එකක් නැ බෙල්ල වැල දාගන්ඩ හිතෙන්නෙම නැ , 365 ම වැඩට නොගියත් පඩිය අතට ...

    ඕන නම් කපා කපා කෑලි කපා ගගා උද්ගෝසන කරන්ඩ යන්ඩත් පුලුවන් ෆුල් පන්..

    ඔහොම මායින්ඩ් සෙට් තියෙන උන් ඉන්නවා නං ඇත්තටම ප්‍රෝජෙක්ට් උනත් ගොඩ යනවා වාත වෙන්නේ නෑ.

    අවුරුදකින් දෙකකින් යන්න බලාගෙන එන උන් ඉන්නවනේද උන් තමා හොදට පර්ෆොම් කරන්නේ. උන්ට ඉලක්ක තියෙනවා ඕනි දෙයක් උනාවේ කියල දෙන දෙයක් කරලා ඕහේ ඉන්න උන් තමා ගොඩක් වෙලාවට වාත වෙන්නේ.
    ලම්පුතෙල් IT පොන්නයගෙන් හොද තැන් ගැන අහ ගනිල්ල එක්කො, PM කරල අහපන් ඕක ප්‍රසිද්දියෙ කියන එකක් නැ ගූ වෙන්ඩ වෙනව කියල දන්න නිසා..🤭🤭🤭🤭🤭
    ------ Post added on Dec 3, 2022 at 12:33 PM
     
    • Haha
    Reactions: siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආර්ථිකේ අවුල් තමා @erozan පොම්නයට අන්තිමට කම්පැනි වල කුණුත් හෝදන්න වෙලා
    ලම්පුතෙල් IT පොන්නයගෙන් හොද තැන් ගැන අහ ගනිල්ල එක්කො, PM කරල අහපන් ඕක ප්‍රසිද්දියෙ කියන එකක් නැ ගූ වෙන්ඩ වෙනව කියල දන්න නිසා..🤭🤭🤭🤭🤭
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    ලංකාවේ company කාරයෝ කරන තවත් වැඩක් තමයි. එක එක නම් වලින් role 100ක් විතර හදාගෙන ඉන්නේ.. IT industry එකේ ඉන්න කැවුම් කළුවො අන්දලා හිඟන පඩි දීලා promotion දෙන්න. අව්රුද්දෙන් අවුරද්ද කඩේ යන පිළිවෙල බලලා promotion දෙනවා.. :D පොඩි ගානකින් salary එකත් වැඩි වෙනවා..මමත් ලංකාවේ උන් එක්ක වැඩ කරලා ඇති වෙලා.. වෙන රටක එකකට සෙට් උනා (Switzerland + Netherlands). මේකේ ඉන්නේ Developer සහ senior Developer.. අනිත් පැත්තෙන් tester සහ senior tester.. senior developer ට අවුරුදු 16+ experience.. :love: dev 8+. මුන් මගෙන් දවසක් අහනවා ලංකාවේ ඇයි associate lead / lead / senior lead කියලා වෙන වෙනම කට්ටිය ඉන්නේ කියලා. :rofl: කළුවො අන්දන විදිය හිතා ගන්න පුළුවන් නේ..:( resignation දෙන්න වගේ නම් පොඩි promotion එකක් දීලා.. සොච්චමක් වැඩි කරලා දෙනවා.
    mewa nam sira katha
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Good Thread. ලංකාවේ හෝ පිටරට හොද තැන් තියනවානම් ඒවාත් පොඩ්ඩක් කියන්න..
     
    • Like
    Reactions: Solo Rider

    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    Good Thread. ලංකාවේ හෝ පිටරට හොද තැන් තියනවානම් ඒවාත් පොඩ්ඩක් කියන්න..
    මචන් LinkedIn එක හොඳට හදලා.. හොඳ CV එකකුත් ready කරගෙන.. LinkedIn එකේ තමන් කැමති රට වල ජොබ් filter කරලා apply කරන්න.

    සමහරවිට දානකොටම සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්.. ඒත් කොයි වෙලාවේම හරි වැඩේ සෙට් වෙනවා.. සෙට් වෙනකම් අතාරින්න එපා..

    මේ ලඟදි මේ විදියට ට්‍රයි කරපු මගේ යාලුවෙක්ට Sweden company එකකින් interview සෙට් උනා. ඒත් අවාසනාවට ඌට technical එක කෙල උනා.. නැත්නම් මේ වෙද්දී ඌ ගිහින්.
     
    thank you :)