Compare these videos

Kalana_65

Well-known member
  • ඔන්න මටත් කාටහරි මඩගහන්නෙ නැතුව ඉන්න බැරි නිසා අලුත් THREAD එකක් පටන් ගත්ත. හැබැයි මේක ඇත්තටම මඩක් නෙවේ රටක් වශයෙන් අපිට සතුටු වෙන්න පුලුවන් දෙයක්... WC Opening Ceremony එක ඔයගොල්ලො හැමෝම බලන්න ඇතිනෙ. රටවල් 3ක් මේ සැරේ host කරන නිසා opening ceremony එකේදි ඒ ඒ රටේ සoස්කෘතිකාoග වලට වෙන වෙනම ඉඩ හදල දිල තිබුන. මම දැන් දක්වන්නෙ CEREMONY එකේදි Indian act එක සහ Sri Lankan act එක මේ දෙක පොඩ්ඩක් Compare කරන්නකෝ... ඊට පස්සෙ කතා කරමු


    #1.Indian Act




    #2.Sri Lankan Act







    බලන්න සකල සිරින් පිරි ඉන්දියාවෙ දුප්පත් Act එක කිසිම international කියල නාමයක්වත් නෑ. Traditional කියල නාමයකුත් නෑ. Commentators ලට ඒකෙ කතාකරන්න දේකුත් නෑ. Soundtrack remix කරල තියෙනව මෙලෝ රහක් නෑ. නිකo Home made remix එකක් වගේ. හොඳම ජෝක් එක south indian කචල් music ඇනඩ් Dancing :sorry:සුද්දො ඒව දැකල ඔල්මොරොන්දම් වෙන්න ඇති.
    :shocked:


    ඔන්න ඒකට අපේ බඩු.... ඉන්දියන් විදිහට කිවුවොත් "සුප්පර්ර්ර්... යාර්!". පලවෙනියට කතාකරන්නම්කො Iraj n' BNS ගැන. performance ටිකක් චා වුනාට පට්ට Remix version එකක් හදල තිබ්බ මනුසත් කුලේ n' Lion Nation.(මට නම් පට්ටයි.. ඔයාලට කොහොමද දන්නෙ නෑ) House & club Music නිසා දැන් International trend එකට කැපිල යනව.
    Dancing Music වලත් Techno ගතියක් තිබුන. මම හිතන්නෙ ඒක හදල තියෙන්නෙ විජේරත්න වරකාගොඩගේ පුතා (sorry වෙන්න ඕන නම මතක නෑ)


    Sri Lankan Dancing ගැන කිව්ව හින්දම ඒ ගැන කතා කරමු. Dancing act එකේ ලස්සන Theme එකක් තිබ්බ මුලින්ම සිoහ රජු නැවකින් ඇවිත් දූපතකට ගොඩබැහැල මුතු බෙල්ලෙකුගෙන් උපන් කුමරියෙකු අගමෙහෙසිය කරගෙන රට පාලනය කරන එක තමා Seen කෝන් එක. ඒ අතර පහතරට සහ උඩරට Dancing part ඒකට එකතු වෙනවා. පහතරට Dance එකට එකතු වෙද්දී පහතරට දවුලේ හඬද, උඩරට එකතු වෙද්දී ගැට බෙර හඬද, techno Music සහ ඳලඳා තේවා නාද සමග එක්වෙන ලස්සන බලන්න පොඩි Jazz ගතියක් තිබුනද මන්දා. කොහොම උනත් ඒක International සහ Traditional කියන කාරනා දෙක එක් වු හොඳ නිර්මාණයක් එහෙම නේද?


    ඔබ හොඳින් මෙයට සවන් දුන්නා නම් මෙකට බුදුගුණ වර්නණාවක් සහ ලෝක කුසලානය සාර්ථක වීමට සෙත් ශාන්තියක් ඇතුලත්. ඇත්ත වශයෙන්ම ජත්‍යන්තරයට ලoකාවෙ ප්‍රතිරූපය මැවිමට හොඳ පාලමක්... කොහොමද Russel Arnold ගෙ ගුණවර්නනාව.?


    ඇත්තටම තමන් ගැන මහලොකුවට හිතන් ඉන්න ඉන්දියානුවන්ට මේක හොඳ පාඩමක්. එක එක රටවලට ගිහින් iifa වගේ award ceremony පවත්වල මදිවට ඒ රටවල් වල අඩුපාඩු හොඳට publish කරනවට මේවත් හොඳ පාඩම්. තවත් ඉන්දියාව ගැන දෙඩෙව්වොත් මේ Post එක නීරස වෙනවා ඒක හින්ද පොඩි අදහසකුත් එකතු කරමින් Post එක ඉවර කරන්නම්


    ඒ තමා WC opening ceremony එකෙදි ලoකාවෙ ක්‍රිකටර්ස්ල බoගලිදේශයේ තනිනොකර අපේ රටට කීර්තියක් ගෙනාව සියලු කලාකරුවන්ට අපි ස්තූති කරමු.:D


    ආයුබෝවන් ශ්‍රී ලoකා.....
    !!!