1) කොම්පුටර් ග්ලාසස් කියලා ජාතියක් මම නම් දන්නේ නෑ. බ්ලු කට් ලෙන්ස් නම් තියනවා. එකට මින්ස්සු කියනවා කොම්පුටර් ග්ලාස් කියලා.
2) බොහොමයක් ලැප්ටොප් වලට බ්ලු කට් ඕනෑම නෑ. ඔයා වැඩ කරන ගමන් ඇස වලට රෙස්ට් දෙනවා නම්. මොකද බ්ලු කට් වෙන්න බ්ලු ලයිට් අඩු වෙන්න තමා දැන් බොහොමයක් එන්නේ. සෙටින්ග් වලින් අඩු කරගන්නත් පුළුවන්.
3) ඔය කඩේ බඩු කොලිටි ඉතා හොදයි, ගාන ඉතා ඉහලයි. හේතුව මර්ගින් වැඩියි.
4) ඕවා ගන්න ගොඩක් දෙනා ටෙන්ඩ් එකට ගත්තාට, ටික දවසක් දැම්මට පස්සේ පාවිච්චි වෙන්නේ නෑ.
5) සල්ලි අහක ගියත් කමක් නෑ කියලා ඕන නම් ඔය අඩුවට එකක් පාවිච්චි කරලා බලන්න. වැඩි ගානක් නෙමේ නේ. දිගටම අල්ලලා ගියොත් හොද දෙකක් අවුරුදු 4-5 දුවන්න ගන්න බැරියා මාස 3-6 පස්සේ.
6) ඔය කන්නාඩිය රෑට drive කරන්න දාලා බලන්න එක කොම්පියුටරේට වඩා ඔයාට වැදගත් වෙයි. ඉස්සරහින් එන සුදු හෙඩ් ලයිට් ආලෝකය ගොඩක් කැපෙනවා ඇහැට එන සැර.
7) ගණන් අඩු ලෙන්ස් වල සීරීම් එනවා ඉක්මනට. තව ෆොටෝක්රෝමික් වලදී නම් අව්වට කළු වෙන නැවත සුදු වෙන ස්පීඩ් එක ගොඩක් අඩුයි. වෙන ලොකු වෙනසක් නෑ. සීරීම් පාවිච්චිය අනුව තමන්ට පාලනය කරන්න පුළුවන්. ෆ්‍රේම් වල නම් කල් පැවැත්ව්ම ඉතින් කොලිටිය අනුව නේ.
ප.ලි. මගේ ලෙන්ස් දෙක ඔය කියපු කඩේ රුපියල් 22,500 උනා අවුරුදු 2කට කලින්. එකම ඒ දවස් වලදීම වෙන ගණන් ඉතා අඩු තැනකින් ගත්තා 5000යි. වෙනස අව්වට කළු/සුදු වෙන වේගේ. ගණන් වැඩි එක අව්වට ගිය සැනින් කළු වෙනවා, නැවත අදුරේදීත් ඒ සැනින් සුදු වෙනවා. ලාබ එකට වැඩ කරන්න තත්පර 30 හෝ ඊට වඩා වැඩි කාලයක් යනවා.