VGA card එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.
1. Graphic processing unit (GPU)
2. Graphic memory
හරියට computer එක ඇතුලෙ තියෙන තවත් පුංචි computer එකක වගේ. සාමන්‍ය වෙලාවට VGA එකෙන් process වෙන්නේ video, graphic වලට අදාල දත්ත විතරයි.
නමුත් අලුත් software වලට පුළුවන් CPU එකෙන් කෙරෙන වැඩ වලින් කොටසක් GPU එක හරහා Process කරගන්න. CUDA, Open CL වගේ languages භාවිතා කරලා GPU එකෙන් process වෙන software හදන්න පුළුවන්. මේක General-purpose computing on graphics processing units (GPGPU ) කියලා හඳුන්වනවා.
මේක සාමාන්‍ය VGA එකකින් වුනත් කරගන්න පුළුවන්. හැබැයි ගැලපෙන software තෝරාගන්න ඕනි
උදාහරණ :
Adobe premiere CS5 / cs6 වල MPE කියලා ක්‍රමයක් තියෙනවා. Video එකක් encode කරනකොට MPE ක්‍රමයට පුළුවන් GPU එක භාවිතා කරලා encoding speed එක වැඩි කරගන්න. (ගැලපෙන VGA එකක් තියෙනවා නම්). MPE හදලා තියෙන්නේ Nvidia CUDA language එකේන්. (benchmark
link1 link2)
අපි පාවිච්චි කරන GeForce වගේ VGA වලට අමතරව GPGPU සඳහාම හදපු VGA තියෙනවා. (උදා: Nvidia Tesla) මේවායෙන් VGA out put එකක් ගන්න බැහැ. Computing power එක වැඩි කරගන්න විතරයි පුළුවන්. මිල නම් සෑහෙන්න වැඩියි. ඒත් ගොඩක් calculations තියෙන scientific computing, modelling, simulations, numerical / data processing වගේ වැඩ කරනවා නම් tesla එකක් තියෙනවා කියන්නේ super computer එකක් ගෙදර තියෙනවා වගේ තමයි.