congratulations Ranil

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    එජාපයේ නායකත්වය රනිල්ට : "සජිත්ට" සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය




    ඉදිරි මහ මැතිවරණය සඳහා වූ අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට අද (30) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම මැතිවරණය සඳහා ඉදිරිපත් කරන සන්ධානයේ නායකත්වය ද විපක්ෂ නායකවරයාට ලබාදීමට තීරණය කර ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම දැරිය යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර ඇත බවත් ලබන බ්‍රහස්පතින්දා යලි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී මෙම තීරණ සම්මත කර ගැනීමට පියවර ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර සිටියේ.

    ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පක්ෂයක් ලෙස එකට එක්ව තරග කිරීමට අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේදී තීන්දු කළ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටියේ.

    පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 59 දෙනාගෙන් රැස්වීම සඳහා සාමාජිකයින් 37 දෙනෙක් එක්ව සිටිය බවයි පක්ෂ මහ ලේකම් ප්‍රකාශ කර සිටියා. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් එක්ව සිටියේ නැහැ.

    මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කියා සිටියේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා ගේ කෘත්‍යාධිකාරී සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබුවේ ඔවුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් සහ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුව බවයි.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කස්ටිය ගෝටට බය උනාට මම නම් බය සජිත් ට. තාත්තගේ පුතානේ
    පොරගේ ටෝක් ඇහුවම බයයි දින්නනම් මොනවා කරයිද දන්නේ නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එජාප නව නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්ක ම සිං හ මැතිදුන්ට සුබ පැතුම්

    image_1501618574-fc279b7628.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    කස්ටිය ගෝටට බය උනාට මම නම් බය සජිත් ට. තාත්තගේ පුතානේ
    පොරගේ ටෝක් ඇහුවම බයයි දින්නනම් මොනවා කරයිද දන්නේ නෑ

    :D
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ෆොන්සේක රනිල්ගෙ උදව් අරන් රනිල්ටම කෙලවන්න ගිහින් ෆුකට පයින් ගහල ඵළවලා නේද.:lol:.