අයියේ,
කමක් නැත්නම් මමත් recipe යක් දාන්නද අපේ යාලුවන්ට?
උණු උණු වඩේ ගෙදරම හදාගන්න..
- කඩල පරිප්පු 200g
- රතු ලූණු 50g
- කරපිචා කොළ 15ක් 20ක් පමණ
- අමු මිරිස් කරල් 8 (කොච්චි මිරිස් හෝ නයි මිරිස් සමඟ වඩා රසවත් වඩේ සාදා ගත හැක))))))
- වියළි මිරිස් කරල් 8ක්
අවශ්‍ය ද්‍රව්‍ය එක් එක් අයගේ මනාපය අනුව වෙනස් කරගත හැක. මේවා දළ වශයෙන් සඳහන් කරන ලදි.
කඩල පරිප්පු පැය 4ක් 5ක් පොඟවා සෝදා ගන්න..
එය මිරිස් ගලක හෝ ග්‍රයින්ඩරයක දමා තරමක් අඹරා ගන්න. පරිප්පු ඇට මුලුමනින්ම පොඩි නොවී තරමක කැබලි ඉතිරි වන ලෙස අඹරා ගන්න..,.ගුලි සෑදිය හැකි ආකාරයට ගොරෝසු මිශ්‍රණයක් විය යුතුය.
රතු ලූණු, අමු මිරිස්, වියලි මිරිස්, කරපිංචා කුඩා කැබලි වලට කපා ගන්න..
ඇඹරූ පරිප්පු මිශ්‍රණයට ඉහත සියලු දේ එක්කොට රස අනුව ලුණු දමන්න..,.සියල්ල හොදින් මිශ්‍ර කරන්න.
අවශ්‍ය නම් සූදුරු, උම්බලකඩ යනාදිය එක්කොට වඩා රසවත් කරගත හැක. දැන් මේ මිශ්‍රණයෙන් පොත්ත සහිත පුවක් ගෙඩි ප්‍රමාණයට ගුලි සාදා ගන්න.,. නැතහොත් දෙහි ගෙඩි පමණ බෝල සාදා ඒවා මදක් පැතලි කරගන්න..,.
වඩේ එකක් වැහෙන ගැඹුරට තාච්චියකට පොල් තෙල් දමා රත්වූ පසු අඩු ගින්දරේ වඩේ ටික හොදින් බැද ගන්න. වෙළද පලේ ඔබ දැක ඇති වඩේ පැහැයට එනවිට ලිපෙන් බාගෙන පිරිසිදු පත්තර හෝ ටිෂූ වල දමා තෙල් සිඳුවා උණු උණුවේම ප්ලේන්ටී එකක් සමඟ රස විදින්න.