cool සින්දු

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28


    මචන්ලා මන් හිතනවා ඔය ගොල්ලෝ මේ සින්දුව අහල ඇති කියල:yes::yes:.මේ එක ඇහුවහම හිතට මාර ලොකු හැගීමක් එනවා:love:.ඔයාල අහලම බලන්න.දැන් තියන ටක ටක මියුසික් වගේ නෙමේ:no:.මේ සින්දු වල මාර cool ගතියක් තියෙන්නේ.තව ඔයාල දන්නා මේ වගේ songs මෙතන පොස්ට් කරන්න අලුත් සින්දු උනාට කමක් නෑ.video එක්ක තියනවා නම් දාන්න.orginal එකම වෙන්න ඕනේ නෑ කට්ටිය එකතු වෙලා හොද collection එකක් හදමු:yes::yes:
     
    • Like
    Reactions: ruwanjrc

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචං.. මාත් හරි ආසයි පරණ සිංදු අහන්න.. පුදුම ලස්සනක් තියෙන්නෙ.. දෙන්නම් මචං හෙල්ප් එක..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

    ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ

    ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ...


    මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ

    මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
    පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ...


    රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා රචනා කරපු ගීතයක්..:yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්

    මගේ දුක දැක ඔබේ දෙනයන

    උපන් කඳුලින් සේදිලා //
    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සඳ සේ පෑදිලා

    සදාකාලික නොවූ ලෝකේ ...


    එදා ලඟ සිට දුටුව ඔබ නොව

    මෙදා දුර සිට මා දකින්නේ //
    සදාකාලික නොවූ ලෝකයෙ
    සදා කෙලෙසද පෙම් බඳින්නේ


    සදාකාලික නොවූ ලෝකේ...


    ආනන්ද අමරසිරි මහත්තයා රචනා කරපු ගීතයක්..
     

    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    ඔව් මචං.. මාත් හරි ආසයි පරණ සිංදු අහන්න.. පුදුම ලස්සනක් තියෙන්නෙ.. දෙන්නම් මචං හෙල්ප් එක..:yes:

    අලුත් සින්දු උනත් කමක් න මචන් ලස්සන මේ වගේ cool ඒවා.thankx macho