Coronavirus අලුත්_සොයාගැනීමක්
කොරෝනා වෛරසයට (Covid-19) එරෙහිව මිනිස් ශරීරයේ ප්‍රතිශක්ති රටාව සටන් වදින්නේ කෙසේ ද යන්න හඳුනාගත් බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති.
ඔවුන්ගේ අදහස් සහිත ලිපියක් වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු රැගත් 'නේචර්' (nature) සඟරාවේ පළ කරනු ලැබ ඇති අතර සාමාන්‍ය වෛරස් ආසාදනයකින් ගොඩ එන ආකාරයට කොරෝනා වෛරසයෙන් මහජනයා සුවය ලබන ආකාරය එමගින් පෙන්වා දී ඇත.
එසේම කොරෝනා සඳහා උපයෝගී කරගත හැකි අලුත් එන්නතක් නිෂ්පාදනය කර ගැනීමට කවර ප්‍රතිශක්ති සෛල ආධාරක වෙන්නේද යන්න එමගින් පෙන්නුම් කෙරෙන බවත් එම විශේෂඥයෝ සඳහන් කරති.
ලෝකය පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් 200,000ක සංඛ්‍යාවක් සහ 8000කට අධික මරණ සංඛ්‍යාවක් බදාදා වනවිට වාර්තා කරනු ලැබ තිබුණි.
''මේ සොයාගනු ලැබීම ඉතාම වැදගත්. මොකද? මෙය තමයි කොරෝනා වෛරසයට එරෙහිව අපේ ප්‍රතිශක්ති රටාව ක්‍රියාත්මක වෙන ආකාරය වටහා ගත් පළමු අවස්ථාව'' ඉහත කී සොයාගැනීමට අදාළ වාර්තාවේ සම කතුවරියක වන මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා (katherine Kedzierska) සඳහන් කළාය.
එම පර්යේෂණය සිදු කරන ලද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පීටර් ඩොහර්ති (Doherty) ආසාදන සහ ප්‍රතිශක්ති අධ්‍යයනායතනය සෙසු විද්‍යාඥයන්ගේ අගය කරනු ලැබීමට හේතුවී ඇත.
එක් විශේෂඥයකු විසින් නව පර්යේෂණයේ ප්‍රතිපලය අගය කරනු ලැබ තිබෙන්නේ ''ඉදිරි පියවරක්'' ලෙස විග්‍රහ කරමිනි.
සොයාගනු ලැබ තිබෙන්නේ කුමක්ද?
කොරෝනා වෛරසය ආසාදනය වීමට ගොදුරු වූවන්ගෙන් බොහෝදෙනෙක් සුවය ලැබීම යනු, දැනටමත් තේරුම් ගොස් ඇති පරිදි මිනිස් සිරුරේ ප්‍රතිශක්ති ව්‍යුහයට එම වෛරසයට එරෙහිව සාර්ථකව සටන් කළ හැකි බවය.
එහෙත් ඉහත කී ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින සිව් වැදෑරුම් ප්‍රතිශක්ති සෛල විශේෂ හඳුනා ගනු ලැබ ඇත.
සිය පර්ය්ෂණයේ දී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ කළින් ශරීර සෞඛ්‍යය ප්‍රශ්න නොවූ දැනට කොරෝනා වයිරසය තරමක් ආසාදිත සහ පසුව එහි මධ්‍යම මට්ටම දක්වා වර්ධනය වූ රෝගියකු අධීක්ෂණය කිරීමය.
චීනයේ වුහාන් පළාතෙන් පැමිණි හතළිස් හත් (47) හැවිරිදි කාන්තාවක් ඔස්ට්‍රේලියාවේදී රෝහල්ගතව ඇති අතර එම කාන්තාව දවස් දාහතරකට පසුව සුවය ලබා ඇත.
සිය කාර්ය මණ්ඩලය අදාළ චීන කාන්තාවගේ සමස්ත ප්‍රතිශක්ති ක්‍රියාදාමය පරීක්ෂණයට ලක් කරන ලද බව මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා බීබීසියට ප්‍රකාශ කළාය.
අදාළ චීන කාන්තාව සුව අතට හැරීමට දවස් තුනකට පෙර ඇයගේ රුධිර සංසරණ පද්ධතිය තුළ අති විශේෂ සෛල විශේෂයක් දුටුබව විද්‍යාඥයෝ පවසති. ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් තුළත් සුවය ලබීමට පෙර එම සෛල විශේෂය වූ බව මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා පවසන්නීය.
''එම ප්‍රතිපලය මගින් අපි විශ්මයට පත්වුනා. චිකිත්සක සායනය තුළින් ලබන වර්ධනයට පෙරාතුව ආසාදිත රෝහියකු තුළ ප්‍රතිශක්ති සෛල ක්‍රියාත්මක වෙන ආකාරය අපට මෙහිදී තේරුම් ගැනීමට හැකි වුණා '' මහාචාර්යවරිය බීබීසියට ප්‍රකාශ කළාය.
අදාළ විශ්ලේෂණය ඉදිරිපත් කිරීම සඳහා දොළොස් දෙනෙකුට අධික විද්‍යාඥයන් කණ්ඩායමක් සති හතරක කාලයක් දවසේ පැය 24 පුරා කටයුතු කළ බවත් ඇය පවසයි.
BBC
කොරෝනා වෛරසය සමග සිරුරේ ප්‍රතිශක්තිය සටන් කරන්නේ කෙසේ ද? අලුත් සොයා ගැනීමක්