අර කුඩු සීන් එකෙ හිටපු උන් නිසා වෙලා තියෙන දේ දැක්කම පොඩි කථාවක් මතක් උනා.....
ඔන්න නැවක් හරි ෆෙරියක් හරි පෙරළිලා දූපතක තනි උනාලු තුන්දෙනෙක්.....එකෙක් ලෝයර් කෙනෙක්....එකෙක් ඩොක්ටර් කෙනෙක්....අනිත් එකා ආතාක්පාතක් නැති රස්තියාදු කාරයෙක්.....
මාස හයක් බලන් හිටියලු....නැවක්වත් සෙට් උනේ නෑලු.....දැන් මුන් හෙණටම ඩිප්රෙස් වෙලා ඉන්නකොට දෙයියෙක් මතූනාලු......මතුවෙලා, එකාට එක වරය බැගින් දෙන්නම් කිව්වලු....කැමති එකක් ඉල්ලපන් කියලා....
ලෝයර් කිව්වලු...."අනේ දෙයියෝ.....මාස හයකි න් ගෑනියි දරුවොයි දැක්කෙ නෑ.....මාව ගෙදරට ගෙනිහින් දාන්න" කියලා.....ඔන්න "ටාං" ගානකොට අරූ උගේ ගෙදර.......ගෑනිවයි, දරුවොයි තුරුල් කරගත්තලු......
ඩොක්ටර් කිව්වලු " දෙයියෝ....මගේ අම්මයි, තාත්තයි මාස හයකින් දැක්කෙ නෑ.....ඒ මිනිස්සු දැන් මාව හොයලා පපුව පැලිලා මැරිලද දන්නෙ නෑ.....අනේ මාව මගේ ගමට ගෙනියන්න..."...කියලා.... "ටාර් " ගාලා ඌත් ගමේ.....අම්මවයි තාත්තවයි බදාගත්තලු....
රස්තියාදු කාරයා කිව්වලු "මට නම් ඉතින් යන්න ගමක්, ගෙයක් නෑ......මට මේ දූපතේ ඉන්න එක, එක අතකින් ආතල්.....ඒත් තනියම ඉන්න කම්මැලියි.....මට අරුන් දෙන්නව ආපහු මෙහෙට ගෙනල්ලා දෙන්න" කියලා....
කුඩු කාරයො, හොරු, රට වන්දනාවෙ ගියපු ඩයල්, ඇඳිරි නීති කඩාගෙන ගාණක් නැතුව රස්තියාදු ගහපු උන් ඔක්කොම නිසා, අනිත් උන්ට වෙලා තියෙන්නෙ ඔන්න ඔය කථාවෙ වෙච්ච සීන් එක.....