කොවිඩ්19 ආසාදිත බවට සැක 3ක් නෙගටිව්! වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය ගැන ගැටලු මතු වූයේ මේ තිදෙනා ගැනයි.
ඊයේ කොවිඩ්19 ආසාදිත බවට සැක කළ තිදෙනෙකු එසේ ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා .
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ රාජගිරියේ ,කොලොන්නාවේ දෙදෙනකු සහ ජාතික රෝහලේ හෙදියක මෙලෙස සැක මත පරීක්ෂණ කළ බවයි.
නමුත් ඔවුන් ආසාදිත නොවන බව වාර්තා වී තිබෙනවා.
අද පෙරවරුවේ යුධහමුදාපති වරයා සදහන් කලේ කොළඹින් හමුවූ තිදෙනෙකුට වෛරසය ආසාදිත වූ ආකාරය සැක සහිත බවයි.
ඒගැන පැවති සැකය ද මේලෙස ඔවුන් ආසාදිත නොවීම හරහා ඉවත් වෙනවා.
මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් තිදෙනෙකු කොවිඩ්19 ආසාදිත බවත් අද තහවුරු වුණා.
http://sinhala.newswire.lk/2020/05/06/kovid-new/
Every complex problem has a simple solution. I think they found that solution for this complex problem.








