Coronavirus (Covid19) Megathread #6

saja

Well-known member
  • Jan 8, 2007
    16,150
    2
    10,776
    113
    Home Sweet Home
    viyana neethiyata anuwa unta enna puluwanlu , ape rata viyana sammuthiyata sign karalu

    PCR පරීක්ෂණයකින් තොරව අමෙරිකානු නිලධාරියෙක් ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි



    කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

    මෙම නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ.

    රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන මෙම නිලධාරින් තානාපති කාර්යාල විසින් ස්වයං නිරෝධායනයකට යොමු කරන බවයි ගුවන් තොටුපොළ උප සභාපතිවරයා කියා සිටියේ.

    එලෙස ස්වයං නිරෝධායනයට ලක් කරනු ලබන නිලධාරීන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි උප සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මෙම නිලධාරියා අද දින අලුයම 1.30 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා.

    Source: http://nethnews.lk/article/77661
     
    • Like
    Reactions: Kolama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    කොහොමද බන් උබලගේ වැඩ ආදායම එහෙම. මේ මාසේ පඩිය කොහොම වැටෙයිද. ගිය මාසේ basic විතරයි. මේ මාසේ වෙනකොට සුපුරුදු රිද්මයට ඇවිත් තියනවා ඒත් full දේන්න බෑ කියනවා 😢🙁🙁
     
    • Dislike
    Reactions: jcj

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහොමද බන් උබලගේ වැඩ ආදායම එහෙම. මේ මාසේ පඩිය කොහොම වැටෙයිද. ගිය මාසේ basic විතරයි. මේ මාසේ වෙනකොට සුපුරුදු රිද්මයට ඇවිත් තියනවා ඒත් full දේන්න බෑ කියනවා 😢🙁🙁

    සමහර උන්ව ජොබ්ස්වලිනුත් අයින් කරලා බං. ඉතින් මේ කාලේ බේසික් දීලා හරි තියා ගන්න එකත් වටිනවා. :rolleyes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,150
    2
    10,776
    113
    Home Sweet Home
    part time monahari karanna barida ban , shape eke
    කොහොමද බන් උබලගේ වැඩ ආදායම එහෙම. මේ මාසේ පඩිය කොහොම වැටෙයිද. ගිය මාසේ basic විතරයි. මේ මාසේ වෙනකොට සුපුරුදු රිද්මයට ඇවිත් තියනවා ඒත් full දේන්න බෑ කියනවා 😢🙁🙁
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    part time monahari karanna barida ban , shape eke
    එක තමා බන් බැලුවේ. තේ ටිකක් වත් තිබ්බනම් මේ දවස්වල ටිකක් හරි ගොඩ. Class එකක් වත් කරහන්. Fiveer වගේ එවා සෙට් වෙන්නෙත් නෑ බන්. ලබන සතියේ ඉන්දලා දිගටම වැඩට යන්න ඔනේ. මේ මාසේ ගියේ නැත්තම් නිවාඩු දාන්න ඔනේ 😃😃😃
     
    • Dislike
    Reactions: jcj

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,150
    2
    10,776
    113
    Home Sweet Home
    dan me corona iwarayi kiyala office enna kiwwata

    අද දිනයේ මෙතෙක් හමුවු ආසාදිතයින් ගණන 13 දෙනෙකි.

    kohenda kiyala na , dannwa da new updates ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එන්ගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට


    ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

    මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ , ලන්ඩන් නුවර , හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ විශේෂ ගුවන් යානයෙන් අද (07) දින අලුයම 2.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

    මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණි .

    මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

    මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමට අවම වශයෙන් , මෙම ගුවන් මගීන් ගෙන් සෙම පටල ලබා ගෙන , පැය 24 ක් පමණ ගත වෙන බැව් එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .

    එහිදී මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වුවහොත් , එම ගුවන් මගීන් ළගම ඇති රෝහලට හෝ අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස දින 21 ක නීරෝධායන කාළයක් සදහා , එම මධ්‍යස්ථාන වෙනත් යොමු කිරීම සිදු කෙරේ .

    Source


    ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉතාලියද පසු කරයි


    කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව, ඉතාලිය ද පසුකර ගොස් ලෝකයේ 06 වන ස්ථානයට පත්ව තිබේ.

    මේ වනවිට ඉන්දියාවෙන් තහවුරු වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 236,657ක් වන අතර ඉතාලියේ ඒය 234,531කි.පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය.

    ඉන්දියාවේ මේවනවිට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 6,649කි.

    දින කිහිපයක් තිස්සේ ඉන්දියාවෙන් දෛනිකව රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි පීඩනයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

    මුම්බායි හි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙමින් පවතින බවත් දිල්ලි නගරයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

    සීඝ්‍රලෙස ආසාදිතයින් වැඩි වුවද සඳුදා(08) සිට සීමා ලිහිල් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

    ඒ් අනුව කඩ සාප්පු, පූජනීය ස්ථාන, අවන්හල් සහ කාර්යාල නැවත විවෘත කිරීමට නියමිතය.

    බෝවන රෝග පිළිබඳ මහාචාර්යවරයෙකු හා පර්යේෂකයෙකු වන ගෞතම් මෙනන් පවසා ඇත්තේ අගුලු ඇරීම හැර වෙනත් විකල්පයක් ඉන්දියාවට නොමැති බවයි. දැවැන්ත ජනගහනයක් සහිත ඉන්දියාවේ මෙතරම් කාලයක් අගුල් දමා තිබීම දුෂ්කර බවත් ඒය ආර්ථික හා සමාජයීය කඩා වැටීමකට හේතුවිය හැකි බවත් ඔහු පවසයි.

    Source
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,090
    4,834
    113
    Loading...
    සමහර උන්ව ජොබ්ස්වලිනුත් අයින් කරලා බං. ඉතින් මේ කාලේ බේසික් දීලා හරි තියා ගන්න එකත් වටිනවා. :rolleyes:

    තේරුමක් නැහැ. අපේ මල්ලිට Basic විතරයි. ඒකත් වෙලාවට දෙන්නෙ නැහැලු. Basic 15000 යි. ඒකෙන් 1200 කපනවා EPF ETF වලට. අතට එන්නෙ 13800. ඕකෙන් දවස් 22 ක් විතර ඔෆිස් ගියාම ඉතුරු වෙන දෙයක් නැහැ. ජොබ් කියන්නෙ අනාත ලයිෆ් තමයි. අතින් කාලා හරක් බැලුවා වගේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තේරුමක් නැහැ. අපේ මල්ලිට Basic විතරයි. ඒකත් වෙලාවට දෙන්නෙ නැහැලු. Basic 15000 යි. ඒකෙන් 1200 කපනවා EPF ETF වලට. අතට එන්නෙ 13800. ඕකෙන් දවස් 22 ක් විතර ඔෆිස් ගියාම ඉතුරු වෙන දෙයක් නැහැ. ජොබ් කියන්නෙ අනාත ලයිෆ් තමයි. අතින් කාලා හරක් බැලුවා වගේ.

    ඒක නම් එහෙම තමයි මචන්. ඒත් මේ වෙලේ ජොබ් එකත් නැති වුනාම මෙන්ටලි ගොඩක් වැටෙනවනේ. අඩුම තරමෙ මයින්ඩ් එක ෆෝකස් කරන් ඉන්න දෙයක් තියෙනවනේ.

    උබේ මල්ලිට කලින් කීයක් හම්බ වුනාද?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,090
    4,834
    113
    Loading...
    ඒක නම් එහෙම තමයි මචන්. ඒත් මේ වෙලේ ජොබ් එකත් නැති වුනාම මෙන්ටලි ගොඩක් වැටෙනවනේ. අඩුම තරමෙ මයින්ඩ් එක ෆෝකස් කරන් ඉන්න දෙයක් තියෙනවනේ.

    උබේ මල්ලිට කලින් කීයක් හම්බ වුනාද?

    නිකන් හිත රවට්ට ගන්නවා වගේ වැඩක් මචෝ ඒක. 60K Quantity Surveyor.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නිකන් හිත රවට්ට ගන්නවා වගේ වැඩක් මචෝ ඒක. 60K Quantity Surveyor.

    අනේ එහෙමද මචන්. මල්ලි කියලා කිව්ව්වාම මගෙ ඔලුවට ආවේ තාම ටිකක් පොඩි ජොබ් එකක් කරන පොඩි කොල්ලෙක්ව.

    සීන් එක නම් ගොඩක් අවුල් තමයි.

    LOLC, LB පර්මනන්ට් නැති සෙට් එක 400 ගානේ අයින් කරලලු නේද බං?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,090
    4,834
    113
    Loading...
    අනේ එහෙමද මචන්. මල්ලි කියලා කිව්ව්වාම මගෙ ඔලුවට ආවේ තාම ටිකක් පොඩි ජොබ් එකක් කරන පොඩි කොල්ලෙක්ව.

    සීන් එක නම් ගොඩක් අවුල් තමයි.

    LOLC, LB පර්මනන්ට් නැති සෙට් එක 400 ගානේ අයින් කරලලු නේද බං?

    Wenna athi. Job walata kela wela tiyenne. Paw minissu. :rolleyes2:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mona corona tub bath dollar eke nm hodata gata gahan innawa ewata nam marama dakshai
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සියලු සිනමා ශාලා ජුනි 27 විවෘත කෙරේ

    දිවයිනේ සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇත. සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටී. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.

    Source

    කොරෝනා අසාදිතයින් ගණන 1946 දක්වා ඉහළට

    අද මේ වනවිට ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන ඇත. කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 514 ක් වේ.

    Source
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER