Coronavirus eka china wadak kiyana aya meka balanna

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    කොරෝනා වෛරසයෙන් බැට කන ලෝකය අමතන ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය

    I5oZ5Bk.jpg

    ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි.

    එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත ලයිබීරියාවේ පමණක් 'ඉබෝලා' වසංගතයෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පන්දහසකට ආසන්න විය.

    ලයිබිරීයාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිනිය මෙන් ම පසුව නොබෙල් සම්මානයෙන් පවා පුදනු ලැබූ එලන් ජොන්සන් සර්ලීෆ්, ඉබෝලා වසංගතය මැඩලීමේදී තමන් ලද ජයග්‍රහණ මෙන් ම තමන්ට වැරදුණ තැන් ද විස්තර කරමින්, අද එවැනි තවත් බිහිසුණු වෛරසයකින් (Covid 19) දහස් ගණනින් මහජන ජීවිත වැනසෙමින් ඇති මොහොතක මෙසේ ලෝකය අමතන්නීය.

    ලෝකවාසී මගේ ආදරණීය පුරවැසියනි!

    2014 අවුරුද්දේ ඔක්තෝබර්19 වන දා වන විට බටහිර අප්‍රිකාව මාරක ඉබෝලා වසංගතයේ දරුණු ම මොහොත කරා ගමන් ගනිමින් තිබිණි. මගේ රටේ පුරවැසියන් දෙදාහක පමණ ජීවිත ඒ වන විටත් ඉබෝලා රකුසාට ගොදුරුව අවසන්ය. ආසාදිත ජන සංඛ්‍යා දර්ශකය එකට තුනක වේගයකින් දිනපතා තවත් ඉහළ යමින් තිබිණි. අපට උදව්වීම සඳහා පුහුණු කණ්ඩායම්වල සහ ද්‍රව්‍යමය සහයෝගය දෙන ලෙස ඉල්ලමින් ලෝකය අමතා ලිපියක් ලියන්නට එදාත් මට සිදුවිය.

    එදා මම ඉල්ලා සිටියේ, ලෝකය පුරා පැතිර යාමේ අවදානමක් සහිත වසංගතයක් මගහැර ගැනීම සඳහා සමස්ත ලෝකයේ එක්සත්භාවය ප්‍රදර්ශනය කරන ලෙසය.

    අද මම මේ අවස්ථාව උපයෝගීකර ගන්නේ, අප සියලුදෙනා දරුණු උවදුරකට මුහුණ දී සිටින මේ මොහොතේ 'එකමුතුභාවයේ වැදගත්භාවය' (a message of solidarity) පිළිබඳ පණිවුඩය වෙනුවෙන් මගේ හඬ අවදි කිරීම සඳහාය.

    අභ්‍යන්තර අර්බුද රාශියකින් පසුව ලයිබීරියාවේ එවක පැවැති දුර්වල ආර්ථික තත්ත්වය සහ අසීරු අඩියක වූ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳව හරියට ම මෙයින් වසර හයකට ආසන්න අවස්ථාවක මගෙන් පැහැදිලි කිරීමක් සිදුවිය. ව්‍යාධිය පැතිරයාම අතින් පැවති අනතුරුදායක පසුබිම සහ බටහිර අප්‍රිකාවට සීමා කරන ලද අර්බුදය සම්බන්ධයෙන් ලෝකය ප්‍රතිචාරය පළකළ යුත්තේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන් මම එදා තර්ක කිරීමක නිරත වුණෙමි.

    ම විසින් එදා පෙන්වා දෙන ලද්දේ සෞඛ්‍ය සංරක්‍ෂණය සම්බන්ධයෙන් අපට පැවරෙන සාමූහික වගකීමය.

    පාලනය කරගත නොහැකි බෝවෙන වසංගතයක්, එය පවතින ස්ථානය හෝ එය සීමා වූ කලාපය හෝ නොතකා හරිමින් එය පොදු මානව වර්ගයාට එල්ල වූ තර්ජනයක් ලෙස සැකිල්ලට ගන්නා ලෙස මම තර්ක කළෙමි.

    එදා අප මුහුණ දුන් එම ඉබෝලා වසංගතයේදී ලෝකයෙන් ශුභවාදී ප්‍රතිචාරයක් ලැබුණ අතර, අපි නිර්භීතව වසංගත සතුරාට මුහුණ දුන්නෙමු.

    මගේ ඉහත කී ඉල්ලීමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ පසුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් විශාල සම්පත් තොග අපට ලැබෙන්නට විය. අපි ඉබෝලා වසංගත සතුරා එකමුතුව පරාජය කළෙමු.

    එම එකමුතු ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් වශයෙන් ඉබෝලා වෛරසය සුවපත් කළ හැකි, සාර්ථකව අත්හදා බලන ලද එන්නත් අද අප සතුව ඇත. එම ජයග්‍රහණය අත්පත් කර ගත හැකි වුණේ, ලොවපුරා විද්‍යාඥානය එකමුතු වීමේ සහයෝගී ක්‍රියාදාමයට පින් සිදු වෙන්නටය.

    23CiQQU.jpg

    එදා ම විසින් කරන ලද ආයාචනයට සමාන වූ ඉල්ලීමක් මෙම 'කොරෝනා' වෛරස් වසංගතයේදීත් මම මගේ සහෝදර ලෝකවාසී ප්‍රජාව වෙත අදත් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

    අප ජීවත්වෙන අප්‍රිකාවේ ජාතීන් 'කොරෝනා' තර්ජනය අතින් එහි ඉතා නරක මොහොත කරා තවමත් පැමිණ නැති අවස්ථාවක, ම විසින් මෙවැනි ඉල්ලීමක් කරනු ලබන්නේ ඉතා ම දැඩි තේරුම් ගැනීමක් යටතේය. අප්‍රිකාවට මෙම කොරෝනා (Covid-19) වෛරසයේ ප්‍රහාරය එල්ල වීම කාලය පිළිබඳ කාරණයක් පමණි. ඊට එරෙහිව මුහුණ දීම අතින් අප්‍රිකාවේ තවමත් පවතින්නේ අඩු සූදානමකි.

    කොරෝනාවෛරසය පැතිරයමින් පවතින වේගය අවම කිරීමට, එම පැතිරයාමේ චක්‍රය අඩාළ කිරීමට සහ සහමුලින් ම උපුටා දැමීමට අප පියවර ගත යුතුව ඇත.

    කොරෝනාවෛරසය සම්බන්ධයෙන් එහි පැතිරයාම ආරම්භයේදී ම අවශ්‍ය ප්‍රතිචාරය දැක්වීම අතින් අඩුපාඩු සිදුවූ බව ඉතා ම පැහැදිලිය. එම අඩුපාඩුව ආසියාවේ පටන් යුරෝපය දක්වාත්, එපමණක් නොව ඇමෙරිකාව දක්වාත් ප්‍රදර්ශනය වූ කාරණයකි.

    අනතුරේ ආරම්භක සංඥා සැලකිල්ලට නොගැනිණි. කාලය අපතේ හරිනු ලැබිණි. තොරතුරු සඟවනු ලැබිණි. අනතුරේ බිහිසුණුභාවය ලඝුකරනු ලැබිණි. ඒ සමග විශ්වාසය පළුදු විය.

    එදා මටත් වැරදුණා
    ඉබෝලා වෛරස් භීතිය, ආරම්භයේදී ඊට විසඳුමක් නොදුටු ජනතාව ස්වීය ජීවිත ආරක්ෂාව තකා පළා ගොස් සැඟවීමේ තැනකට තල්ලු කළේය. ඔවුන් රැඳී සිටියේ ප්‍රජාව අතරය.

    මම එය දනිමි. 2014 වසරේ මමත් එම සියලු ම වැරදි ක්‍රියාමාර්ග ගෙන ඇත. ලෝකයේ වෙනත් වගකිව යුත්තන් අතින් ද එම වරද සිදුවිය. එහෙත් අපි එය නිවැරදි කර ගත්තෙමු. එය අප විසින් නිවැරදි කර ගන්නා ලද්දේ සාමූහික ප්‍රයත්නයෙනි.

    කොරෝනාවෛරසය පැතිරයාමේ වේගය පාලනය කර ගැනීම සඳහා ලෝකය පුරා දේශසීමා වසා දමනු ලැබීමෙන්, අපි දැන් ඉතා තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටින්නෙමු.

    මොන්රෝවියා (Monrovia) නගරයේ මගේ නිවසේ සිට බලා හිඳින මට මේ මොහොතේ බෙහෙවින් 'දිරිගැන්විය යුතු දේ ' ලෙස පෙනීයන්නේ පහත සඳහන් කරුණුය.

    එනම්, විශේෂඥතා ඥානයෙහි විවෘතභාවය සහ දැනුම, විද්‍යාත්මක සොයාගැනීම්, උපකරණ, ඖෂධ සහ පෞද්ගලික සහයෝගය ආදිය බෙදාහදා ගැනීමය.

    වෛරසය රටවල් අභ්‍යන්තරයේ පැතිරෙමින් පවතී. ජාත්‍යන්තර දේශසීමා ඔස්සේ පැතිරීමත් වැඩිවෙමින් ඇත. ප්‍රමාදය වෙනුවට කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. සෑම පුද්ගලයෙකු ම, සෑම රටක් ම ඔවුන් විසින් ඉටුකරනු ලැබිය යුතු කාර්යභාරය ඉටුකළ යුතුව ඇත.

    අපි ගොඩ නැගුණේ කොහොම ද?
    ඉහත කී තේරුම් ගැනීම බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය පාලනය කර ගැනීම අතින් අපගේ සංධිස්ථානය විය.

    ලයිබීරියානු අපි ඉබෝලා වසංගතයෙන් ගොඩ ආවෙමු. සමාජයක් ලෙස ශක්තිමත් වීමු. එසේ ම Covid-19 වසංගතය වැනි වෛරස් පාලනය කර ගැනීමට ඉවහල් වෙන සෞඛ්‍ය වැඩපිළිවෙළකින් සන්නද්ධව සිටින්නෙමු.

    ලෝකවාසී අප සියලු දෙනාට ඇති මාවත එවැනි ක්‍රියාමාර්ගයක්ය යන්න මගේ දැඩි විශ්වාසය වේ.

    පුද්ගලයන් තුළ ඇති දැඩි ආත්ම ශක්තිය සම්බන්ධයෙන් මට සම්පූර්ණ විශ්වාසයක් ඇත. අර්බුදකාරී අවස්ථාවන්හි සමාජයේ සෑම ස්ථරයකින් ම නායකයන් බිහිවෙන බව මගේ විශ්වාසය ය. මෙවැනි අර්බුද කාලයන්හි අපගේ සාමූහික විශ්වාසයට සාපේක්ෂව සියලු ආකාරයේ සමාජමය සහ ආගමික බෙදීම් ද්විතීයික වේ.

    ඉදිරි සති කිහිපය තුළ ලෝකයේ අප සියලුදෙනාට වෙන්ව සිටීමට සිදුවුණත්, අප මිහිතලයේ සියලු පුරවැසියන්ගේ යහපත් ශරීර සෞඛ්‍යය වෙනුවෙන් මම යාච්ඤා කරමි.

    ''යහපත් ජීවිතයක් යනු අනුන් වෙනුවෙන් මෙහෙයක් ඉටුකරන ලද පරහිතකාමී ජීවිතයක්ය,'' යන වැදගත් සත්‍යය මත අද අපේ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම රැඳී පවතින බව සිහියට නගා ගන්නා ලෙස මම සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිමි.

    BBC
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    මෙක හිතපල්ලා චිනා වුහාන් ලොක්ඩවුන් කරන් කොහොමද එ මිනිස්සු මාස 2.5ක් වගෙ කැවෙ බිවුවෙ උන්ගෙ ප්‍රි ප්ලැන් එකක් තිබිලා තියෙනවා, එවගෙම දැක්කද යුරොපෙට ඇමරිකවට ජැක්මා දෙන ආදාර උන් කලින් ලැස්ති වෙලා තියෙනවා එ කියන්නෙ :eek:

    චින්නුන්ගෙ ටාගට් එක තිබිලා තියෙන්නෙ යුරොපෙ සාහා ඇමරිකාව, චිනෙන් ලන්කාවට එක ලෙඩෙක් චිනා එවුවෙ නැ උන් උන්ගෙ සිටි ලොක්ඩවුන් කරලා ප්‍රි ප්ලැන් එකක් ඇතුව වයිරස් එක ස්ප්‍රෙඩ් කරා සිතල කාල බාලලා, වැඩෙ අති සාර්තකයි චිනා ඇමරිකාවෙ යුරොපෙ කම්පැනි වල ශෙයාස් ගත්තා ඔස්ට්‍රේලියාවේ ඉඩම් ගත්තා චිනා ලොකෙ ඇල්ලුවා

    මම ඔය කථාවට ඵකඟ නෑ.ට්‍රම්ප් කාරයා ඵක්ක මුකුත්ම කරන්න බෑ ඔබාම වගේ නෙමෙයි..උෟ මහ උද්දච්ච මිනිහෙක්.දැන් කවුද චීනෙ වට්ටන්න මුලින්ම ප්ලෑන් කරේ.ට්‍රම්ප් බලයට අැවිත් මුල ඉඳලම කරේ ඒක.අන්තිමට තායිවානෙ ඵක්ක ඵකතු වෙලා හොංකොං ගිණි අවුලවලා ඒක හරි ගියේ නැති තැන චීන්නු කොරොනා හැදිල සිය දාස් ගනන් මැරෙන කොට උෟ අැතුලු අැමරිකාව උඩ පැන පැන බලන් හිටිය චීනේ වැටෙන හැටි..උදව්වක් කරේ නෑ.චීනෙම ඒ දවස් වල කියල තිබ්බ අැමරිකාව උදව්වක් කරන්න ඕන වෙලේ බොරු පතුරවනවා කියලා.දැන් ඒක අැමරිකාවටම පල දීලා..වෙෙරස් කියන්නෙ ලෝකෙට අමුතු දේවල් නෙමෙයි..වෙන්න ඕන කොහේ හරි රටක ඵහෙම දෙයක් උනොත් ඒක ලෝකෙම රටවල් ඵකතු වෙලා ඒ රටට උදව් කරල ඒක නැති කරන්න ඕන..මොකද ඒ වෙෙරස් ඵක ලෝකෙටම බලපාන නිසා..ඒ වගේ දේකට ලෝකයේ බලවත් කියන අැමරිකාව වගේ රටක ජනාධිපති කෙනෙක්ගෙ මනුස්සකමත් බලපානව.ට්‍රම්ප් කාරයා නැතුව ඔබාමා අැමරිකාවෙ ජනාධිපති වෙලා හිටියනම් ඔය විනාසේ අද අැමරිකාවට විතරක් නෙමෙයි ලෝකෙටම වෙන්නෙ නෑ..මම කියන දේ හරියටම උඹට මේ අාටිකල් ඵක බැලුවොත් තේරේවි...

    🔴🔴🔴
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇමරිකන් හැත්ත සත පහකට විශ්වාස නෑ බං.. මම නම් හිතන්නේ උන් තමා මේක කලේ චයින වට්ටන්න.... කරන්න පුලුවන් හැමදේම කල චීනට කෙලවන්න.. ට්‍රම්ප් ආව දවසෙ ඉදලම චීනෙට කෙලවන්නනනේ බැලුවේ..

    නමුත් හැමතැනම කතාව යන්නේ චීන විසින් කලා කියලා.. ඇමරිකන් ගැති සේරම මීඩියා ටික උන්ගේ පැත්තනේ ගන්නේ..

    ලංකාවෙ උනත් ටොයියො ටිකයි උන්ගේ එහෙයියො වන ජෙප්පො ටිකටත් ඇමරිකන්කාරයො කියන දෙයක් තමා.. ජියෝපොලිටිකල් මොළයක නෑ ඔය වගේ පොඩි දෙයක් තේරුම් ගන්න...
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඇමරිකන් හැත්ත සත පහකට විශ්වාස නෑ බං.. මම නම් හිතන්නේ උන් තමා මේක කලේ චයින වට්ටන්න.... කරන්න පුලුවන් හැමදේම කල චීනට කෙලවන්න.. ට්‍රම්ප් ආව දවසෙ ඉදලම චීනෙට කෙලවන්නනනේ බැලුවේ..

    නමුත් හැමතැනම කතාව යන්නේ චීන විසින් කලා කියලා.. ඇමරිකන් ගැති සේරම මීඩියා ටික උන්ගේ පැත්තනේ ගන්නේ..

    ලංකාවෙ උනත් ටොයියො ටිකයි උන්ගේ එහෙයියො වන ජෙප්පො ටිකටත් ඇමරිකන්කාරයො කියන දෙයක් තමා.. ජියෝපොලිටිකල් මොළයක නෑ ඔය වගේ පොඩි දෙයක් තේරුම් ගන්න...

    :yes:ට්‍රම්ප් මේකට chinese virus කිව්වෙ අනිත් රටවල මිනිස්සුන්ට චීනෙ ගැන තරහක්,බයක්,පිලිකුලක්‍ අැති කරන්න..ඵක ගලින් කුරුල්ලො දෙන්නෙක් මරන්න උන් හදන්නෙ..අන්තිමට ඵයාලටමයි කෙල උනේ...

     
    Last edited: