Coronavirus ekata Alcohol beela marila

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කොරෝනා ප්‍රතිකාරයක් යැයි සිතා ඇල්කොහොල් පානය කළ ඉරානයේ 600 ක් මරුට.

    කොරෝනා වයිරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස වැරදි වැටහීමකින් අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ.

    එලෙස ඇල්කොහොල් පානය කළ තවත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇත.

    සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරානයේ අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝෝලාම් හොසේන් මහතා පැවසීය.

    මෙම සාපරාධී ක්‍රියාවේ වගකීම සහ මරණ හා පුද්ගල ජීවිතවලට හානි කිරීමේ වගකීම ඔවුන් භාරගත යුතු බව හෙතෙම සඳහන් කළේය.

    මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ රට බවට ඉරානය පත්ව ඇති අතර මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 62,589 ක් වේ.

    වයිරසය හේතුවෙන් මේ වන විට මරණ 3,872 ක් ඉරානයෙන් වාර්තා වී තිබේ.

    වයිරසයට නියමිත ඖධයක් මේ වන විට සොයගෙන නොමැති අතර රෝග ලක්ෂණ සමනය කිරීමට හේතුවන ඖෂධ සීමිත සංඛ්‍යාවක් පමණක් හඳුනාගෙන ඇත.

    කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් එරට පාර්ලිමේන්තුව වසා දැමීමට පියවර ගැනීමෙන් පසු ප්‍රථම වරට ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණි.

    අඛණ්ඩව 7 වැනි දිනටත් නව ආසාදිතයින් වාර්තා වීම අඩු වීම තුළ මෙම පියවර ගෙන තිබුණි

    -226-

    (ඩේලිමේල් ඇසුරෙනි)