covid කර්ම යටපත් කිරීමට

Answer

Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    1. විකිණීමට ඇති පණ(හුස්ම) අදින මාලුන්ට අභය දීම
    2.ස්වසන ආබාධ සහිත පුද්ගලයින්ට ඖෂධ ආධාර උපකාර කිරීම
    3. විෂ දුම් පැතිරෙන කසල ආදිය ගිනි තැබීමෙන් වැලකීම සහ එවැනි දෑ කරන පුද්ගලයින් දැනුවත් කිරීම සහ වැළැක්වීම.
    4. විෂ දුම් ආදි උපක්‍රමයන් මඟින් සතුන් මර්දනයෙන් වැළකීම සහ අන් අය වැළැක්වීම.
    5.ජීවී පරිසරයන්ගේ ජලය සහ වාතය විෂ වන ක්‍රියාකාරකම්ගෙන් වැළකීම සහ අන් අය වැළැක්වීම
    6.සියලු සතුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කළ හැකි ක්‍රියාකාරකම් වල යෙදීම සහ අන් අය යෙදවීම(උදා- ගස් සිටුවීම/ කැපීම වැළැක්වීම ආදී )

    ඉහත ආකාරයේ සියලු දේවල් , සියලු සත්වයන්ගේ හුස්ම ගැනීමේ නිදහස තහවුරු කිරීමේ අරමුණින් චේතාන්විතව සිදු කිරීමෙන් ඔබ අත් කරගන්නා කුසල් බලයෙන් ඔබ විසින් පෙර කරන ලද හුස්ම ගැනීමේ අපහසුවෙන් මිය යාමට ඇති කර්ම යටපත් කිරීමට උත්සාහ ගන්න.

    මේ සියලු කුසල කර්ම මහත්ඵල මහානිසංස කර්ම ගැනීම සඳහා තිසරණයේ පිහිටා පංචශීලය සමාදන්ව සිදු කරන්න.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කොවිඩ් නිසා හෝ පින් බලාපොරොත්තුවෙන් මෙවැනි දේ නොකරන්න. මෙවැනි දේ කොවිඩ් තිබුනා හෝ නොතිබුනා කියා නොව මෙවැනි දෙයෙහි ඇති ප්‍රතිපලය සහ අනෙකාගේ සතුට සුබසිද්දිය තේරුම් ගෙන කරන්න
     
    • Like
    Reactions: hodakolla

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    කොවිඩ් නිසා හෝ පින් බලාපොරොත්තුවෙන් මෙවැනි දේ නොකරන්න. මෙවැනි දේ කොවිඩ් තිබුනා හෝ නොතිබුනා කියා නොව මෙවැනි දෙයෙහි ඇති ප්‍රතිපලය සහ අනෙකාගේ සතුට සුබසිද්දිය තේරුම් ගෙන කරන්න
    ඔව් මේක හරි
    මේ හැම දෙයකම තේරුම මරණය තේරුම් ගැනීම තමා
     

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    යහපතේ හැසිරවෙන්නාවුවන්ට අමුතුවෙන් කිව යුතු නොවේ නමුත් එසේ නොවෙන්නන් පවා මරණයට බය වේ. මේ ඔවුන්ගේ සිහිය ඉපදවීමට කාලයයි. එසේම මේව යහපත් චේතාන්විතව කිරීම කුසල් ඉපදීමටත් පෙර කරන ලද මීට ප්‍රතිපක්ෂ අකුසල් යටපත් කිරීමට හේතුවන බවත් සත්‍යය. ඒ නිසා පඥාව මෙහෙයවා දක්ෂ ලෙස කුසල් උපදවත්වා !! සියලු සතුන්ගේ යහපතම කැමති පවත්වා!!!
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER
    කොවිඩ් නිසා හෝ පින් බලාපොරොත්තුවෙන් මෙවැනි දේ නොකරන්න. මෙවැනි දේ කොවිඩ් තිබුනා හෝ නොතිබුනා කියා නොව මෙවැනි දෙයෙහි ඇති ප්‍රතිපලය සහ අනෙකාගේ සතුට සුබසිද්දිය තේරුම් ගෙන කරන්න
    :yes: :yes: :yes: