බිස්නස් ගැන නම් හිතුවේ නෑ... මාත් පවුලේ අයගෙත් ජීවිතේ ගැටගහ ගන්න පුළුවන් තරම් ආහාර ටික ටික රැස් කරගන්න තීරණය කරා. මට තියන Option අනුව පහත පියවරයන් ටික කරන්න හිතාගෙන ඉන්නවා.
01. හාල් හිගයක් නැතිව තියාගන්න මොනම කට්ටක් හරි කාලා කුඹුරු වල එක් කන්නයක් වී වගා කරනවා. (පහුගිය කන්නේ වැඩ කරලා අවුරුද්දකට විතර හරියන්න වී ටික ගෙදර අටුවේ ගබඩා කලා)
02. අපේ පැත්තේ කෘෂිකාර්මික රටාව අනුව මාස් කන්නය වි වගා කරලා යල කන්නය එළවළු වගා කරනවා. ඒත් මේ පාර යල කන්නයට එළවළු වගා කරන්නේ නැතිව ප්‍රධාන භෝගය ලෙස කුරහන් වපුරන්න තීරණය කලා. ඒ අතරට අතුරැ භෝග ලෙස උපක්රශීලීව බඩ ඉරිගු, මිරිස් සහ එලවළු වර්ග මිශ්‍රභෝග වගාවක් ලෙස වගා කරනවා.
03. ඉතුරු කරගත්ත සල්ලි ටිකකින් කොහොම හරි ආර්පිකෝ එකේ තියන Bio Gas Unit එකක් ස්ථාපිත කර ගන්නවා.
04. ගෙවත්ත තුලම ගෙදරට අවශ්‍ය දෛනික එලවළු සහ පලා ටික වගා කරගන්නවා. ඒ සදහා පොහොර ලෙස කාබනික පොහොර යොදා ගන්නවා. Bio Gas Unit එකක් ගහගත්තම කාබනික පොහොර ටික ඉතාමත් කාර්යක්ෂම දියර පොහොරක් විදියටම ලබා ගන්න පුළුවන්.
05. පුළුවන් තරම් අනවශ්‍ය වියදම් පාලනය කර ගන්නවා.
06. අසනීප තත්ත්වයන් වලදී පුළුවන් තරම් ගෙදර තියන දේශීය වෙදකමේ බෙහෙත් වර්ග භාවිතයට ගන්නවා.
07. ගෙදර වත්තේ තියන කිතුල් ගස් 5 කට විතර ඇහැ ගහන් ඉන්නේ මල් එනකල්. ආව ගමන්ම කිතුලක් මදින්න සෙට් වෙලා ඉන්නේ. ඒක කිතුල් රා බොන්න නම් නෙවෙයි. ගෙදර සීනි අවශ්‍යතාවය පුළුවන් තරම් එමගින් සපුරා ගන්නවා.
08. මල් ඇවිත් කාලය පිරුන කිතුල් ගස් කීපයක් තියනවා. (පහුගිය කාලේ සුපිරි මල් වැටුනත් කම්මැලිකමට ඒවා මදින්න ගියේ නෑ. දැන් තමා ඒකේ මොඩකම තේරෙන්නේ.) ඒ ගස් නිකන් පොළවට පස් වෙන්න දෙන්නේ නැතිව කපලා කදෙන් කිතුල් පිටි හදා ගන්නවා. තව උදලු මිටවල් සහ ගෙදරට ඔින කරන උපකරණ ටිකත් කිතුල් ලී වලින් හදා ගන්නවා.
09. වසරක් විතර ගියාම සෝලා යුනිට් එකකින් සවි කරලා බල ශක්ති අවශ්යතාවයෙන්ගෙන් ගෙදර ස්වාධීන කරන්න උත්සාහ ගන්නවා.
10. තියන ආර්ථිකෙත් එක්ක වැඩේ ශේප් එකේ යනවා නම් වසරකට හෝ දෙකකට විතර පසුව කිරි හරක් දෙන්නෙක් විතර ඇති කරන්න උත්සාහයක් අරගන්නවා.
11. ගාලත් එක්කම ලොකු ධාරිතාවයක් සහිත Bio Gas Unit එකක් ස්ථාපිත කරලා සියළුම බල ශක්ති අවශ්‍යතාවයන් ස්වාධීන කරන්න උත්සාහ ගන්නවා.
12. රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් නතර කරනවා. කාබනික පොහොර භාවිතයෙන් පමණක් ගොවි තැන ගෙනියනවා.