COVID-19

cat123

Well-known member
  • Sep 25, 2007
    2,610
    4,308
    113


    ඇස කට නාසය පිප්පිය අල්ල අල්ල ඉන්න එපා
    එන එන whatspp forward නිකන් share කරන්න එපා
    ඒව බොරූ😂😂‍ ෆට්ට බොරූ
    Verify කර share කරන්න

    Shed වල supermarket වල වැඩිපුර බඩු ගන්න එපා
    බොරුවට බය වෙලා නිකම් ගොබ්බ පැටවු වෙන්න එපා
    වෙන මිනිස්සු ගැන හිතල ගන්න😂😂‍ ගොබ්බ වැඩ කරන්න එපා

    කොරෝනාව හොද කරන්න මෝඩ බෙහෙත් ගන්න එපා
    සුදුලූනු කොත්තමල්ලි ගන්ජ තම්බ තම්බ බොන්න එපා
    තම්බ තම්බ බොන්න එපා😂😂‍ ඒව බීල මැරෙන්නෙපා

    රස්නෙට නැති වෙනව කියල අවුවෙ හිටං ඉන්න එපා
    Vodka neat හොදයි කියල හරක් වගේ බොන්න එපා
    හරක් වගේ බොන්න එපා😈😈‍ ශේප් එකේ ටිකක් බොන්න

    හචිස් කැස්ස අතට නැතුව වැලමිකටකට අතඅරින්න
    උණ කැස්ස තියෙන ලෞ එකටත් යන්න එපා තොලක් දෙන්න
    තොල් දාන්න යන්න එපා😈😈‍ තනියම ෆන් එකක් ගන්න

    සබන් ගාල අත්දෙක හෝදමු අපි පැයකට සැරයක්
    හෝදනකොට අතුල්ලන්න අත් දෙක තත්පර 20ක්
    බාගෙට හෝදන්න එපා😂😂‍ තත්පර 20ක් මදින්න

    උණ කැස්ස එක්ක හුස්ම හිර උනොත් ඩොක්ටව හම්බ වෙන්න
    හැංගි හැංගි ගැවසි ගැවසි එපා ඕක බෝ කරන්න
    එපා ඕක බෝ කරන්න😠😠‍ බෝ උනොතින් කෙලවෙනවා

    මේ ඔක්කොම හිතට අරන් රටටම සප් එකක් දෙන්න
    එහෙම කරොත් පුලුවන් වෙයි කොරෝනාට ගේම දෙන්න
    කොරෝනාට ගේම දෙන්න😂😂‍ මේක හොදට හිතට ගන්න
    මොලේ ඇතුව වැඩ කරන්න😂😂‍ රටටම සප් එකක් දෙන්න💖💖 බුදු සරණයි☸️
     
    Last edited: