දින කීපයක් පරක්කු උනා කියල කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. බැංකු ගොඩක් වෙලාවට දින 60 කට වඩා වගේ පරක්කු වෙලා ගෙවීම් කරල තියෙනවනම් ණය ඉල්ලුම් කිරීමේදී ලබා දෙන මුදල ටිකක් අඩු කරනව. දින 90 පැනලා ගෙවීම් කරපුව තිබ්බොත්නම් ඉතින් සොරි තමා. දින කීපයක් ගෙවීම් ප්‍රමාද වුනා කියල කිසි ගැටලුවක් වෙන්නෙ නෑ. CRIB එක අප්ඩේට් වෙන්න මාස 2ක වගේ කාලයක් යනවා. ඒ කියන්නෙ අද CRIB එක පරික්ශා කලොත් එහෙම ජුනි මාසෙට වෙනකම් දේවල් තමා තියෙන්නෙ. ඔනෙම මූල්‍ය ආයතනයකට CRIB එක බලන්න පුලුවන්. ඒත් CRIB එක බැලුවාම කවුරු කවද්ද මොන වගේ මුදලක ණයක් ගන්න පුලුවන්ද කියල බැලුවෙ, ඔය තොරතුරු ඔක්කොම සිස්ටම් එකේ තැන්පත් වෙනවා. එහෙම නිකන් බලන්න කියල CRIB චෙක් කරන එක හොඳ වැඩක් නෙමේ වැඩිය. මොකද ඔයා කවද හරි ඇත්තටම ණයක් ගන්න ගියාම ඒ බැංකුවෙන් CRIB එක චෙක් කරාම කලින් ඔයාව CRIB එකේ සර්ච් කරපු මුලු ඉතිහාසයම පෙන්නනවා. එහෙම නිකන් CRIB චෙක් කරලා තිබ්බොත් එහෙම බැංකුව හිතන්න පුලුවන් ඔයා කලින් ණයක් ගන්න උත්සාහ කරල අර ආයතනය CRIB එක චෙක් කරල හැබැයි ණයක් දීලා නෑ කියලා. ඒක නිසා නිකමට බලන්න කියලා CRIB චෙක් කරන්න එපා කවදාවත්.
එල මචන්. ගොඩක් ස්තුතියි. මචං එතකොට මම අහල තියනවා bill payment (telephone etc) වගේ ඒවත් ඔහොම ගෙව්වේ නැත්තන් CRIB යනවා කියලා. ඒක ඇත්තද?

