CRIB එක දැන් ඔන්ලයින් බලන්න පුලුවන්...
ණය තොරතුරු කාර්යාංශයෙන් නව වැඩපිළිවෙලක්
2013 ඔක්තෝබර් 14 වෙනි සදුදා, 12:00 පුවත් - පොදු පුවත් 3
(කොළඹ, ලංකා පුවත්) - ගණුදෙනුකරුවන්ට සිය ණය ශක්තිය පිළිබඳ වාර්තා අන්තර්ජාලය ඔස්සේ ලබාදීමට ශ්රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සැළසුම් සකස් කර ඇත.
ඒ සඳහා ආයතන 95ක ගණුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු එක්රැස්කර ඇති අතර ඔවුන්ට එම පහසුකම හිමිවන බව ණය තොරතුරු කාර්යාංශය සඳහන් කළේය.
රුපියල් 250ක ගාස්තුවක් ගෙවා ඕනෑම අයෙකුට සිය ණය තත්ත්වය දැනගැනීමේ ගිණුමක් ආරම්භ කළ හැකිය.
රහස් වදනකින් ආරක්ෂිත එම ගිණුමට පිවිසිය හැකිවන්නේ ගණුදෙනුකරුට පමණකි. ණය තොරතුරු කාර්යාංශය පෙන්වා දෙන්නේ අදාළ පහසුකම ආරම්භ කළ දකුණු ආසියාවේ ප්රථම රට ශ්රී ලංකාව බවයි