බොලා 0.0000000001 කොයින් අරගෙන හිතන්න එපා ඕවා 0.01 වෙයි කියලා. කොයින් එකක් ගන්න කොට බලන්න ඕනේ කොයින් එකේ price එක නෙමෙයි. මාකට් කැප් එක.
එකක් 0.00000001 USD ගානේ කොයින් 100000000000000 ක් දැම්මත් එකයි.
තව එකෙක් 10 USD ගානේ කොයින් 100000 දැම්මත් එකයි. ඔය දෙකේම price එක 100% වලින් වැඩි වෙන්න මාකට් කැප් එක දෙගුණයක් වෙන්න ඕනේ.
0.00000001 USD කොයින් එකක් 10USD වලින් අරගෙන trust wallet එකේ තියාගෙන කොයින් බිලියන ගානක් තියෙනවා කියලා හිත සැනසෙනවා ඉතින්.
ඔය ෂිට් කොයින් කාරයෝ කරන්නේ අඩු ගානට කුවින් ට්‍රිලියන ගණන් කොයින් issue කරනවා. අලුතෙන් එන උන් ඉතින් ගැන අඩු නිසා ගන්නවා. කොයින් එකක් හදන්න යන්නේ USD 400 ක් වගේ. 24 trading volume එකක් හදනවා බොරුවට කොයින් එක හදන එකාම එහෙට මෙහෙට සල්ලි මාරු කරලා උගේ wallet වලටම. කොයින් එක හදන වෙලාවේම 50% කොයින් burn කරනවා, ඉතුරු ඒවගේ 50% විතර උ වෝල්ට් 1000 ක් විතර හදලා බෙදලා දානවා. Bscscan එකට ගියාම අම්මට සැහෙන්න බර ගානක් hold කියලා හිතලා අපේ උන් ගන්නවා.
අන්තිමට හදපු එකා අර වෝල්ට් 1000 න් ටික ටික dump කරනවා