CSN_නාලිකාව_තහනම්_වෙයිද?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    CSN_නාලිකාව_තහනම්_වෙයිද?

    .
    .

    csn-channel.png



    ඊයේ දිනයේ (17) අනුරාධපුරයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැලිය CSN නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීම මේවනවිට දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වී තිබේ.

    මැතිවරණ නීතිය යටතේ එක් දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වන අන්දමින් කටයුතු කිරීම ජනමාධ්‍යන්ට තහනම් වන අතර මෑතකදී සම්මත වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත මෙවන් කටයුතු වලක්වාලීමට නව බලතල ලබා දී තිබේ. පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකල විශේෂ ප්‍රකාශය ජනමාධ්‍ය ඔස්සේ විකාශය වීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් තහනම් කරනු ලැබූයේ ඒ අනුවය. එබැවින් මෙලෙස නිදහස් සන්ධානයට වාසිදායක වන අයුරින් CSN නාලිකාව විසින් හිටපු ජනාධිපතිවරයාගේ අනුරාධපුර ජන රැලිය සජීවීව විකාශය කිරීම පැහැදිලි මැතිවරණ නීති උල්ලංඝනයක් බව නීතිවේදී මතයයි.

    එමෙන්ම ක්‍රීඩා හා විනෝද කටයුතු විකාශය කිරීම සඳා පමණක් අවසර ලබා පිහිටුවා ඇති කාල්ටන් ස්පෝට්ස් චැනල් (CSN ) නාලිකාව දේශපාලන රැළි සජීවීව විකාශය කිරීමට අවසර ලබාගත්තේ කෙසේද යන ගැටලුව මේවනවිට නැගී ඇත. ආරංචි මාර්ග පවසන අන්දමට මීට එරෙහිව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට පැමිණිල්ලක් ගොනු වීමේ සූදානමක් ද පවතී.

    පසුගිය රාජපක්ෂ රෙගීමය තුළ මැතිවරණ නීති කුණුකූඩයට දමා කටයුතු කල ආකාරය තවමත් අපගේ මතකයෙන් ඈත්වී නොමැත. මැතිවරණ කොමසාරිස් වරයා ලබා දී තිබූ නිර්දේශ සතයකටදු මායිම් නොකරමින් රජයේ හා පෞද්ගලික විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය සියල්ල අවභාවිතාවට ලක්කරමින් පැවැති රෙජීමය කටයුතු කල ආකාරය කිසිවකුට අමතක නැත. රජයේ මාධ්‍ය යොදා ගනිමින් ප්‍රතිවාදියාට පැය 24 පුරා මඩ ප්‍රහාර එල්ල කිරීමත්, මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොතකා පක්ෂග්‍රාහීව කටයුතු කිරීමට පුද්ගලික නාලිකාවන්ට බලපෑම් කිරීමත් හොඳින් හුරුපුරුදු රාජපක්ෂ පාලනයට එම පුරුදු අමතක කිරීම ද අපහසු වී ඇති ආකාරයක් පෙනේ. ඉතිහාසයේ පලමු වතාවට විධායක ජනධිපතිවරයකුගේ කතාවක් විකාශය වීම තහනම් කිරීමට තරම් මැතිවරණ කොමසාරිස්වරයා බලගතු වී සිටින මෙවන් යුගයක මෙලෙස අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කෙරෙන ක්‍රියා වලට එරෙහිව දැඩි පියවර ගත යුතු ය.

    CSN නාලිකාව පමණක් නොව දෙරණ නාලිකාව ද පසුගිය කාලය පුරාවට නිදහස් සංධානයට පක්ෂපතී වන අයුරින් කටයුතු කරනු පැහැදිලිව දක්නට ලැබුනි. දුමින්ද සිල්වාට අයත් හිරු නාලිකා සමූහයද පසුගිය කාලය පුරාවටම එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් “කඩේ යෑම” ජයටම කරගෙන ගිය බව රහසක් නොවේ. දේශපාලඥයින්ගේ පවුල් වලට අයත් මෙවැනි නාලිකවල පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරි මහමැතිවරණය තුළ මැතිවරණ කොමසාරිස්වරයා ඉක්මන් පියවර ගත යුතු බව දේශපාලන විචාරක මතයයි.
     
    • Like
    Reactions: Shadow.Walker

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔකුන් මහින්දගේ මැදමුලන ප්‍රකාශයත් ලයිව් දුන්නා:lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    A group including General Secretary of the United People’s Freedom Alliance Susil Premajayantha submitted several complaints to the Elections Commissioner.
    The Alliance General Secretary said that their candidates were being summoned for inquiries preferring various allegations and causing injustice to them. One of the complaints related to a mudslinging campaign mooted by a State Radio Station launching a new Channel.
    Susil Premajayantha said on Thursday, that the State Radio Station has launched a new FM Radio Channel and particularly organize a program e to sling mud at the Freedom Alliance. The attention of the Elections Chief was directed to this move.
    He said that a state media channel had no authority to act in a partial manner. Particularly vehicles of state establishments are being used in the outstations for campaigning altering the number plates.
    He said that he is concerned that Elections Monitoring Committees had so far not taken action against these violations.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එමෙන්ම ක්‍රීඩා හා විනෝද කටයුතු විකාශය කිරීම සඳා පමණක් අවසර ලබා පිහිටුවා ඇති කාල්ටන් ස්පෝට්ස් චැනල් (CSN ) නාලිකාව දේශපාලන රැළි සජීවීව විකාශය කිරීමට අවසර ලබාගත්තේ කෙසේද යන ගැටලුව මේවනවිට නැගී ඇත.

    ඉතින් හරිනේ බං ඊයේ තිබ්බේ ක්‍රීඩා හා විනෝද කටයුත්තක් තමයි :lol::lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකුන් දැන් ලොස්ට් දැන් ඔකේ මෙලො හෙයක් යන්නේ නැ. ඉස්සර කෙල්ලො දාලා කරපු ලයිව් ශො කිසි දෙයක් නැ. අනුග්‍රහකයො නැ. ඇඩ් නැත්තම් සල්ලි නැ. උදේ ඉදන් රැ වෙනකන් ඩොයිශ වෙලා (DW) ජර්මන් ප්‍රොග්‍රැම් පෙන්නනවා. එවත් හද්ද පරන එව්වා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri


    ඉතින් හරිනේ බං ඊයේ තිබ්බේ ක්‍රීඩා හා විනෝද කටයුත්තක් තමයි :lol::lol::lol:
    අටක නාටක වගේ එකක්. වෙලුනු වට්ටක්කයයි, පච විමලෙයි, තව රොත්තකුයි. මිනිස්සු අම්බානක බීලා.. අන්තිමට මොකක්ද පක්ශේ ගීතයක් යනවා, ඒකටත් මිනිස්සු නටනවා.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හොද වැඩේ csn ජරාවට. ඕක තහනම් කරන එකම හොදයි. කාලයක් ලංකාවේ cricket විනාස කෙරුව . ඕක බලන උන්ට ගහන්න ඕන.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔකුන් මහින්දගේ මැදමුලන ප්‍රකාශයත් ලයිව් දුන්නා:lol:

    ඔය චැනල් එකට අයිති කාරයො නෑ නේද :sorry:




    ඉතින් හරිනේ බං ඊයේ තිබ්බේ ක්‍රීඩා හා විනෝද කටයුත්තක් තමයි :lol::lol::lol:

    අටක නාටක වගේ එකක්. වෙලුනු වට්ටක්කයයි, පච විමලෙයි, තව රොත්තකුයි. මිනිස්සු අම්බානක බීලා.. අන්තිමට මොකක්ද පක්ශේ ගීතයක් යනවා, ඒකටත් මිනිස්සු නටනවා.

    :lol:

    වීඩියෝ එක නැද්ද බන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔය චැනල් එකට අයිති කාරයො නෑ නේද :sorry:

    එකනේ බන් අස්චර්ය කියන්නේ..හැබැයි රාජපක්ශලාගේ නම් නෙවි..:Pවෙන එකෙක් කාල්ටන් කියලා නම දාගෙන රාජපක්ශලාට මඩගහන්න පටන් ගත්ත චැනල් එකක් :baffled::yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Yako toiyo baya wela thiyena tharama... CSN thahanam karanna kalin Sirasa thahanam karala inna wei
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකනේ බන් අස්චර්ය කියන්නේ..හැබැයි රාජපක්ශලාගේ නම් නෙවි..:Pවෙන එකෙක් කාල්ටන් කියලා නම දාගෙන රාජපක්ශලාට මඩගහන්න පටන් ගත්ත චැනල් එකක් :baffled::yes:

    :baffled:

    මහින්ද කරපුව මහින්දටම පාරා වළල්ලක් වෙලා :D

    හැබැයි මචන් මේ භීෂණයත් එක්ක මහින්ද ආසන 100ක් ගත්තොත් ඌ පොරක් කියල පිළිගන්නව මමනම් :nerd:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් උන් ගෙවන්නයි කියපු ගාන
    ගෙව්වේ නෑනේ රාජසන්තකයි නේ දැන් :)
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්ලාගේ,මංගලලාගේ ගූ කෑවාට අපටනම් කමක් නැත…නමුත් ගූ කෑ එවුන් කට අරින විට ගූ ගඳ වහනය වන බව අමතක කරන්න එපා
     
    • Like
    Reactions: dilshanjvc

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :baffled:

    මහින්ද කරපුව මහින්දටම පාරා වළල්ලක් වෙලා :D

    හැබැයි මචන් මේ භීෂණයත් එක්ක මහින්ද ආසන 100ක් ගත්තොත් ඌ පොරක් කියල පිළිගන්නව මමනම් :nerd:

    බලමු ඉස්සරට මොකද වෙන්නේ කියලා