CSN_නාලිකාව_තහනම්_වෙයිද?
ඊයේ දිනයේ (17) අනුරාධපුරයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැලිය CSN නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීම මේවනවිට දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වී තිබේ.
මැතිවරණ නීතිය යටතේ එක් දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වන අන්දමින් කටයුතු කිරීම ජනමාධ්‍යන්ට තහනම් වන අතර මෑතකදී සම්මත වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත මෙවන් කටයුතු වලක්වාලීමට නව බලතල ලබා දී තිබේ. පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකල විශේෂ ප්‍රකාශය ජනමාධ්‍ය ඔස්සේ විකාශය වීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් තහනම් කරනු ලැබූයේ ඒ අනුවය. එබැවින් මෙලෙස නිදහස් සන්ධානයට වාසිදායක වන අයුරින් CSN නාලිකාව විසින් හිටපු ජනාධිපතිවරයාගේ අනුරාධපුර ජන රැලිය සජීවීව විකාශය කිරීම පැහැදිලි මැතිවරණ නීති උල්ලංඝනයක් බව නීතිවේදී මතයයි.
එමෙන්ම ක්‍රීඩා හා විනෝද කටයුතු විකාශය කිරීම සඳා පමණක් අවසර ලබා පිහිටුවා ඇති කාල්ටන් ස්පෝට්ස් චැනල් (CSN ) නාලිකාව දේශපාලන රැළි සජීවීව විකාශය කිරීමට අවසර ලබාගත්තේ කෙසේද යන ගැටලුව මේවනවිට නැගී ඇත. ආරංචි මාර්ග පවසන අන්දමට මීට එරෙහිව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට පැමිණිල්ලක් ගොනු වීමේ සූදානමක් ද පවතී.
පසුගිය රාජපක්ෂ රෙගීමය තුළ මැතිවරණ නීති කුණුකූඩයට දමා කටයුතු කල ආකාරය තවමත් අපගේ මතකයෙන් ඈත්වී නොමැත. මැතිවරණ කොමසාරිස් වරයා ලබා දී තිබූ නිර්දේශ සතයකටදු මායිම් නොකරමින් රජයේ හා පෞද්ගලික විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය සියල්ල අවභාවිතාවට ලක්කරමින් පැවැති රෙජීමය කටයුතු කල ආකාරය කිසිවකුට අමතක නැත. රජයේ මාධ්‍ය යොදා ගනිමින් ප්‍රතිවාදියාට පැය 24 පුරා මඩ ප්‍රහාර එල්ල කිරීමත්, මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොතකා පක්ෂග්රාහීව කටයුතු කිරීමට පුද්ගලික නාලිකාවන්ට බලපෑම් කිරීමත් හොඳින් හුරුපුරුදු රාජපක්ෂ පාලනයට එම පුරුදු අමතක කිරීම ද අපහසු වී ඇති ආකාරයක් පෙනේ. ඉතිහාසයේ පලමු වතාවට විධායක ජනධිපතිවරයකුගේ කතාවක් විකාශය වීම තහනම් කිරීමට තරම් මැතිවරණ කොමසාරිස්වරයා බලගතු වී සිටින මෙවන් යුගයක මෙලෙස අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කෙරෙන ක්‍රියා වලට එරෙහිව දැඩි පියවර ගත යුතු ය.
CSN නාලිකාව පමණක් නොව දෙරණ නාලිකාව ද පසුගිය කාලය පුරාවට නිදහස් සංධානයට පක්ෂපතී වන අයුරින් කටයුතු කරනු පැහැදිලිව දක්නට ලැබුනි. දුමින්ද සිල්වාට අයත් හිරු නාලිකා සමූහයද පසුගිය කාලය පුරාවටම එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් “කඩේ යෑම” ජයටම කරගෙන ගිය බව රහසක් නොවේ. දේශපාලඥයින්ගේ පවුල් වලට අයත් මෙවැනි නාලිකවල පක්ෂග්රාහී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරි මහමැතිවරණය තුළ මැතිවරණ කොමසාරිස්වරයා ඉක්මන් පියවර ගත යුතු බව දේශපාලන විචාරක මතයයි.
.

වෙන එකෙක් කාල්ටන් කියලා නම දාගෙන රාජපක්ශලාට මඩගහන්න පටන් ගත්ත චැනල් එකක් 