ඩෙන්ටල් ෆැකල්ටියෙ ඉන්න කාලේ අයිස් ගහ ගහ ඉදලා, ගිරව දාල ක්ලාස් එකක් ගහනවා. ප්‍රැක්ටිස් කරන්න ගියාම මිනිස්සුන් ගේ දත් කනවා....
දවසක් මගේ යාළුවෙක් ගේ ක්ලිනික් එකකට ලෝකම් ඩොකෙක් ඉල්ලලා ආවා පොරක්. මගේ යාළුවා-ඇත්තටම රූමා- ටිකක් බර සාර ක්ලිනික් එකක් කරන්නේ. උඩ තියන බර සල්ලි අතු තමා එන්නේ. මේ කියන හාදය ආවේ මමත් ඉන්න වෙලාවක මගේ යාළුවගේ ක්ලිනික් එකට විසිට් එකක් දාලා.
යාලුව කිව්වා එළියෙ ඉන්නවා පේෂන්ට් කෙනෙක් ඇතුලට අරං කතා කරල මට කියන්න කියලා ඩයග්නෝසිස් & ට්රීට්මක්ට් ප්ලෑන් එක.
රොගියා ආවේ හක්කෙ දතක් නරක් වෙලා. රිදෙන්න අරං. පැය 48ක් ඇතුලත කැක්කුම, ඉදිමුම. ඒ මනුස්සයට ඕන දත් ප්රාසර්ව් කර ගන්න. අපේ අළුත් පොර ඒ විස්තර ටික ඇහුවා, ඕක දැන් කැක්කුම අරං තියෙන්නේ, ගලවන්න වෙයි කිව්වා. අඩුම ගානේ එග්සැමිනේෂන් එකක් වත් නෑ.
මගේ යාළුව වැඩේ අතට අරං ලෙඩාව යැව්වා බෙහෙත් දීලා, මොකද පැසවලා කැක්කුම අරං තියෙද්දී මොනවත් කරන්න බෑ.
අපි කිව්ව අර හාදයට තමන් ගේ ඩයග්නෝසිස් & ට්‍රීට්මන්ට් එක ජස්ටිෆයි කරන්න කියලා.
පොර ගේ උත්තරය.
“ලේසියි නේ ඩොක්ටර් දත් ගැලෙව්වාම“
ඔන්න පොරවල්.......
මගේ යාලුව ඇහුවා මොඩන් ඩෙන්ටිස්ට්‍රි ගැන දන්නව ද කියලා. ඔව් ලු.
මොඩර්න් ඩෙන්ටිස්ට්‍රි වල බේසික් නෝර්ම් එක මොකක්ද කියල ඇහුවාම පොර කියනව “ට්‍රීට් එකෝර්ඩින්ග්ලි“ ලු!!!!!!(මොඩර්න් ඩෙන්ටල් ට්‍රීට්මන්ට්ස් වල බේසික් ම තියරිය ප්රිසර්ව් ද ඩෙන්ටිෂන්)
මගේ යාලුව කිවවා මල්ලි ඔයා ඔය මහියංගනේ වගේ පැත්තක ඩෙන්ටල් එකක් බලන්න කියලා!!!!
Ithin dan kibula ayya mahiyanganeda inne?






